අමෙරිකානු එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප බාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා වන ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ලබන 19 වැනිදා ඒ මහතා ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයට ඒ මහතා සමග අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක්ද එක්වීමට නියමිතය.
මෙහිදී කලාපයේ ආර්ථික ගැටලු මෙන්ම මෙරට ආර්ථික අර්බූදය සම්බන්ධයෙන්ද, මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ බලධාරීන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් සමගද සාකච්ජා කිරීමට ඒ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.
මීට සති කිහිපයකට ඉහතදී ලූ මහතා ඉන්දියාවේද සංචාරයක නිරත වූ අතර එහිදීද ඉන්දීය බලධාරීන් සමග ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.
ඒ් මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ද ඉන්දීය සංචාරයක නිරත වෙමින් තිබිණ.
රුසියා යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඉදිරි මාසවලදී තෙල් බැරලය ඩොලර් 200 ඉක්මවීමට නියමිතව ඇති බැවින් එවැනි තත්ත්වයක් හමුවේ මෙම කලාපය තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවද මෙහිදී සාකච්ජා කරනු ඇති බව වාර්තා වේ.