• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2026 ආණ්ඩුවට එන දසවැදෑරුම් කුණාටුව! පොරොන්දු ලොස්ට් – රටත් රෙස්ට්! Sri Lanka Latest News

January 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
2026 ආණ්ඩුවට එන දසවැදෑරුම් කුණාටුව! පොරොන්දු ලොස්ට් – රටත් රෙස්ට්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 සැප්තැම්බර් මාසයේදී, ශ්‍රී ලාංකික ජනතාව පාරට බැස්සේ බැනර් හෝ සටන් පාඨවලට වඩා බරක් තිබූ බලාපොරොත්තුවක් අතේ අල්ලාගෙනය. ඒ බලාපොරොත්තුව, දශක ගණනාවක් පුරා රට අල්ලාගෙන සිටි පරණ දේශපාලන සංස්කෘතියට තිත තැබීමයි. ඒ දවසේ මිනිස්සු හිතුවේ, ‘මේ පාර වෙනස් වෙයි’ කියලාය. එම විශ්වාසයම 2024 අවසානයේ ජාතික ජන බලවේගය බලයට ගෙන ආවේය.Sri Lanka Latest News

2025 වසර, රජය අභියෝග මැදින් ගෙවා දැමුවේ අලුත් පාලනයක් හඳුන්වා දෙන පළමු පියවරක් ලෙසය. නමුත් 2026 වසරට පාතබන විට, මේක හුදෙක් දෙවැනි වසරක් නොව, රටේත් රජයේත් ඉරණම තීරණය කරන ‘මරණීය කඩඉමක්’ බවට පත්ව ඇත. දේශපාලන විශ්ලේෂකයන් කියන්නේ, මාලිමාවට මේ වසර රෝස මල් පාවඩ එළපු ගමනක් නොවන බවයි. රතු තරු පිරි අහසක් යට, දැන් දස දිශාවෙන්ම කුණාටු හමුවට එමින් තිබේ. කතාව ආරම්භ වෙන්නේ ආර්ථිකයෙන්ය.

රජය අයවැය කතාවේදී විශ්වාසයෙන් කිව්වේ, රට 7%ක ආර්ථික වර්ධනයක් කරා ගෙනයන බවයි. ඒ වෙලාවේ ඒක හීනයක් වුණේ නැහැ. හැබැයි, අනපේක්ෂිතව පැමිණි ‘දිට්වා’ සුළි කුණාටුව, ඒ හීනයට මුල් වෙඩිමුරය දමා ගියේය. කෘෂිකර්මාන්තය බිඳවැටුණා. සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර වැසුණා. ගමේ සිට නගරය දක්වා ජීවනෝපාය ඇදවැටුණා. ආර්ථික වර්ධනය ගැන කතාකළ අංක, එකින් එක කඩාවැටෙන්න පටන් ගත්තා.

මේ අතරතුර, රජය ඉදිරියේ තවත් බරපතළ ප්‍රශ්නයක් මතුව තිබුණා. ඒ, 2027 වසරේදී ගෙවීමට තියෙන ඩොලර් බිලියන 10.5ක ණය කන්දරාව. ‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ රුපියල් බිලියන 1,300කට අධික හානිය පියවන්නත්, ඒ ණය ගෙවන්නත් එකවර මුදල් සොයන්න සිද්ධ වීම, රජයට අලුත් බදු හෝ වියදම් කප්පාදු නොකර ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය කළා. ආර්ථික පීඩනය ජනතාවට දැනෙන්න පටන් ගත්තේ එතැනින්ය.

ඒ පීඩනයත් එක්කම දේශපාලන පිටිය උණුසුම් වෙන්න පටන් ගත්තේ හරියට ගිනිගත්ත වියළි පඳුරක් වගේ. විපක්ෂය පාරට බැස්සා. විරෝධතා, කැම්පේන්, චෝදනා එකින් එක ගොඩනැගුණා. ආණ්ඩුව සහ විපක්ෂය අතර තිබූ දුර, දවසින් දවස වැඩි වෙමින්, ඍජු සතුරු සම්බන්ධයක් බවට හැරුණා.

ඒ අතරම, ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ඇතිවුණු ගැටුමත් 2026 වසර සන්සුන් වසරක් නොවන බවට ඉඟියක් දුන්නා. ප්‍රකාශන, ප්‍රතිචාර, විවේචන සියල්ල එකට එකතු වෙද්දී, රජය තවත් පීඩනයකට මුහුණ දුන්නා.

මෙවැනි පසුබිමක, ගමේ බලය තීරණය කරන පළාත් පාලන ආයතන, සමුපකාර සහ පළාත් සභා රජයට ඉතාම තීරණාත්මක වෙලා තියෙනවා. එතැන පරාජයක් කියන්නේ, 2015 ආණ්ඩුවට වුණා වගේ, එක පත්‍රයක් වැටුණාම මුළු කාඩ් කුට්ටමම කඩාවැටෙන තත්ත්වයක්.

මේ අතර, ජනතාව මාලිමාවට බලය දුන්නේ වෙනස් දේශපාලන සංස්කෘතියක් උදෙසා. හැබැයි අද වෙද්දී, සාධාරණ යහපාලනය ගැන තිබූ විශ්වාසය ටික ටික ප්‍රශ්නකාරී වෙමින් පවතී. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම්, පැරණි ක්‍රමයම නැවත හිස එසවීම, රජය තුළම නව ගැටලු බිහිකරලා තියෙනවා.

ඊට අමතරව, බලයට ඒමට පෙර දුන් විශාල පොරොන්දු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම තවමත් කාලය ඉල්ලන පොරොන්දු බවට පත්වෙලා. ඒ ප්‍රමාදය ජනතාව නිහඬව නරඹනවා.

සමාජයීය තලයේදී, ‘දිට්වා’ කුණාටුවෙන් බැටකෑ ජනතාව අදත් ජීවනෝපාය අහිමිව, භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ අසහනයෙන් ඉන්නවා. ඒ අසහනය සමනය නොවුණොත්, එය දේශපාලන ගිනි අවුලක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගන්නෙ නැහැ.

ඒ අතරම, දින තුනකට වරක් වාර්තා වන වෙඩිතැබීම් රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්න උදාකරලා. සංචාරක කර්මාන්තයට මේක සුළු කරුණක් නෙවෙයි. අධ්‍යාපනයත් එතැනින් ඉවත් වෙලා නෑ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දෝෂ, 6%ක් වෙන් කරන පොරොන්දුව මේ සියල්ල 2026 වසරේදී රජයට උරුම වෙච්ච අසීරු ගැටලු. කෙටියෙන් කිව්වොත්, 2026 කියන්නේ මාලිමාවට ලැබුණු විශාලම පරීක්ෂණයයි.

මෙම දස වැදෑරුම් කුණාටුව රජය කළමනාකරණය කරගත්තොත්, 2024දී ජනතාව තැබූ විශ්වාසය ඉතිහාසගත ජයග්‍රහණයක් වෙයි. එය අසමත් වුණොත්, ඒ බලාපොරොත්තුවම මහජන අසහනයක් බවට හැරෙයි. එහෙම වුණොත්, මේක හුදෙක් දේශපාලන පරාජයක් නොව, රට යළිත් වරක් ‘අසාර්ථක රාජ්‍යයක්’ වෙත ඇදවැටෙන තීරණාත්මක සන්ධිස්ථානයක් වෙයි.

2026 අවුරුද්ද අවසානයේ, මාලිමාවේ නැව ආරක්ෂිත වෙරළකට ළඟාවෙයිද, නැත්නම් කුණාටුවේ මංමුළා වෙයිද කියන එක තීරණය වෙන්නේ මේ වසරේ ගන්න තීන්දු තීරණ මතය.

එස්.එම්.

SendShareShare
Previous Post

විකෘති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවන් බේරාගන්න ‘මව්වරුන්ගේ පෙරමුණ’ නුගේගොඩින් පාරට බහී! VIDEO I Sri Lanka Latest News

Next Post

හරිනිගෙ පුටුවට විදින්න හදන ඇතුළෙම ඉන්න අය කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.