• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවෙත් ඇන්ටිජන් හොරකමක් වුණා කියලා කිවුවා : ඇන්ටිජන්වලින් හොරාකාපු තායිලන්ත සෞඛ්‍ය ඇමැතිවනම් අවුරුදු 18කට හිරේ යැව්වා : මෙහේ හොරකම් කරපු එවුන් කවදද හිරේ දාන්නේ (Sri Lanka Latest News)

January 26, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවෙත් ඇන්ටිජන් හොරකමක් වුණා කියලා කිවුවා : ඇන්ටිජන්වලින් හොරාකාපු තායිලන්ත සෞඛ්‍ය ඇමැතිවනම් අවුරුදු 18කට හිරේ යැව්වා : මෙහේ හොරකම් කරපු එවුන් කවදද හිරේ දාන්නේ (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාතික රාජ්‍යයක් වන වියට්නාමයේ අගනුවර වන හැනෝයි නගරයේ පිහිටා තිබෙන මහාධිකරණයෙහි වෙනදා නැති තරම් ජනතාවක් රැස්වෙමින් සිටින ආකාරයට දක්නට ලැබිණි. දින දහයක වැනි දීර්ඝ කාලයක් පුරා මෙම ජනතාව දිනෙන් දින තවත් වැඩිවෙමින් සිටින ආකාරයද පෙනෙන්නට තිබිණි. දසවැනි දිනය වන විටදී ජනතාව අධිකරණය තුළත්, අධිකරණයෙන් පිටතත් විශාල ලෙස ගැවසෙන්නට වූහ. ජනතාවට අමතරව දසවැනි දිනයේදී එහි දක්නට ලැබුණේ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන්ද රාශියකි. වාර්තාකරුවන්, කැමරාකරුවන් මෙන්ම රූපවාහිනී ශිල්පීන්ද රැසක් දක්නට ලැබිණි. කුමක්ද මෙලෙස ඇතිවී තිබෙන මහා උද්‍යෝගය? මහාධිකරණය තුළ දින 10ක් පුරා විභාග කෙරෙන එක්තරා සුවිශේෂ නඩු හබයක වගතුග එළිපෙහෙළි වන්නට විය. මෙයට වසර 02කට පමණ පෙරදී ‘අළු යට ගිනි’ මෙන් තිබුණු මෙම සුවිශේෂ කතාවේ මහා ගිනි ජාලාව ඇතිවන්නට ගත්තේ මෙයට දින කිහිපයකට පෙරය. දැන් අළු කිසිවක් පෙනෙන්නට නැත. ගිනි ජාලාව බුරබුරා නැගෙයි. (Sri Lanka Latest News)

වියට්නාමයෙන් පසුගියදා අසන්නට ලැබුණු මෙම සුවිශේෂ කතාව කුමක්ද? මහාධිකරණ භූමියේ සිටි රූපවාහිනී වාර්තාකරුවන් කිහිප දෙනකුම තමන්ගේ මාධ්‍ය වාර්තාවන් සජීවී ලෙස වාර්තා කරන්නට වූහ. ලොව ප්‍රකට විදෙස් මාධ්‍ය ආයතනයක් වූ ඒ.එෆ්.පී. හි වාර්තාකාරිනියක් බොහෝ උද්‍යෝගයකින් යුතුව තම වාර්තාව සජීවීව ඉදිරිපත් කරන්නට විය. ඇය තම රූපවාහිනී කැමරාව ඉදිරියේ මෙසේ කියන්නට වූවාය.

‘වියට්නාමයේ මෑත අධිකරණ ඉතිහාසයේ මේ ආකාරයේ සුවිශේෂ නඩු තීන්දුවක් ලබා දී නැහැ. ඒ අතරම මෙවැනි නඩු තීන්දුවක් මෑත කාලයේ ලෝකයේ වෙනත් රටකින් ලබාදීලා නැතුව ඇති. වියට්නාමයේ පසුගිය කොවිඩ් වසංගත සමයේදී රාජ්‍ය දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන්ද සම්බන්ධ වී සිදුකළා යැයි පැවැසෙන මහා දූෂණ වංචාවක අවසන් තීන්දුව තමයි මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ. කොවිඩ් රෝග පරීක්ෂණ කට්ටල (ඇන්ටිජන්) නිෂ්පාදන සහ සැපයීමට අදාළවයි මෙම මහා වංචාව සිදුකර ඇත්තේ. මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක පමණ සුවිශාල මුදලකට අදාළ වන වංචාවක් ලෙසයි ප්‍රකාශ වන්නේ. දැනට සුළු මොහොතකට පෙරදී මෙම අධිකරණ නඩුවට අදාළ තීන්දුව වනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත්කළා. චූදිතයන්ට ඉතා දරුණු ආකාරයෙන් විවිධ දඬුවම් පැමිණවූවා.

වියට්නාමයේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රධානව නියෝජ්‍ය ඇමැතිවරු, ප්‍රධාන රාජ්‍ය සෞඛ්‍ය ලේකම්වරු, නිලධාරීන් මෙන්ම වංචාවට සම්බන්ධ පුද්ගලික ඖෂධ නිෂ්පාදන ආයතනයක අයිතිකරු වූ ප්‍රකෝටිපතියෙක්ද මේ අනුව දඬුවම් ලබා තිබෙනවා. මේ අනුව අවුරුද්දේ සිට අවුරුදු 30 දක්වා වන විවිධ සිර දඬුවම් චූදිතයන් 35 දෙනකු සඳහා නියම කර තිබෙනවා. මෙය සැබෑ ලෙසම ලෝක අධිකරණ ඉතිහාසයටත් එකතු වෙන වගතුගක් වෙනවා…’(Sri Lanka Latest News)

ඇය එසේ ප්‍රකාශ කරනවාත් සමගම අධිකරණ භූමියෙන් දක්නට ලැබුණේ තවත් විස්මිත දසුන්ය. නඩුවේ වරදකරුවන් ලෙසට පත්වූ චූදිතයන් 35 දෙනකු පමණ විවිධ බන්ධනාගාර වාහනවලට නංවාගෙන එම අදාළ බන්ධනාගාර වෙත රැගෙන යන ආකාරයද දක්නට හැකි විය. දින 10ක් පුරා වියට්නාමයේ මහාධිකරණයේ විභාග කෙරුණු මෙම නඩුව කුමක්ද? එය නම් 2020 සහ 2021 කොවිඩ් වසංගත සමය උත්සන්නව පැවැති සමයේදී වියට්නාමය තුළ සිදුකෙරුණු මහා සෞඛ්‍ය වංචාවකි. එනම් කොවිඩ් රෝගය වැලඳී තිබේදැයි නිශ්චය කිරීම සඳහා භාවිත කරනු ලබන කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සැපයීම තුළින් මෙම මහා දූෂණය සිදුව තිබිණි. මෙහිදී එයට අදාළව සම්බන්ධ වූ විවිධ පුද්ගලයන් විශාල පිරිසක් ඩොලර් මිලියන ගණනින් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා නැගී තිබිණි. එම චෝදනා සියල්ලක්ම සත්‍ය චෝදනා බවට අධිකරණයේදී ඔප්පු වී තිබිණි.

මෙම චෝදනා ලැබූ පුද්ගලයන්ගෙන් ප්‍රධානියා වූයේ එම කොවිඩ් සමයේදී වියට්නාමයේ සිටි කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාය. ප්‍රධානතම චූදිතයා ඔහු වූ අතර, ඔහු යටතේ කටයුතු කළ අනෙක් රාජ්‍ය නිලධාරීන් මෙන්ම වෛද්‍ය සැපයුම් සිදුකළ සමාගම් අයිතිකරුවන්ද චූදිතයන් බවට පත්විය. ඉහත හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට ඒ අනුව වසර 18ක දීර්ඝ සිර දඬුවමක් නියම විය. මෙහිදී අධිකරණයේ තීන්දුවල විශේෂත්වය වූයේ වැරැදිකරුවන්ට දඩ මුදල් ආදිය නියම නොකර ඍජුවම සිර දඬුවම් පමණක් නියම කිරීමය. සෞඛ්‍ය ඇමැතිවරයාට පසුව කොවිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදනය කරමින් ඉතා ඉහළ මිල ගණන්වලට සැපයුම් සිදුකරමින් මහා ධනයක් වංචා කළ වියට්නාම ඖෂධ සමාගමේ අයිතිකරුවාටද වසර 29ක දීර්ඝ සිර දඬුවමක් නියම කළේය.

මෙම අතිශය අපූරු සත්‍ය කතාව අපට ඇසෙන්නේ දකුණු ආසියාවේ අපට සමීප දේශයක් වන වියට්නාමයෙනි. මෙම කතාව හොඳින් කියවා බලන්න. මෙය කියවන විට ඔබට අනිවාර්යයෙන්ම හැඟෙනු ඇත්තේ අපගේ ශ්‍රී ලංකාවේත් මේ ආකාරයේම වගතුගක් සිදුවුණු බවක්ය. එනම් කොවිඩ් වසංගත සමයේදී මෙරට යම් ප්‍රධාන දේශපාලකයන් විසින් තමන්ගේ හිතවත් ධනකුවේර ව්‍යාපාරිකයන් වෙත කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සැපයීම සඳහා අහේතුකව ජනතා ධනය වැයකරමින් කොන්ත්‍රාත්තු ලබාදුන්නේය. ඒවායින් එම පිරිස් ජනතා ධනය රුපියල් කෝටි ගණනින් කොල්ලකෑහ. එහෙත් මේ වනතුරුත් එම අපරාධකරුවන්ට ලැබුණු නීතියේ දඬුවමක් නැත. එම කාලය ගතවීමත් සමග දැනට වසරක පමණ සිට අපට අසන්නට ලැබී ඇත්තේ මහා ඖෂධ වංචාවකි. එයටද මෙරට දේශපාලකයන් සහ ධනවත් ව්‍යාපාරිකයන් සම්බන්ධ වී ඇති ආකාරය හොඳින්ම පෙනෙයි. මෙම ඖෂධ වංචාවේදී එම චූදිත අපරාධකරුවන්ට එරෙහිව යම් තදබල අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබීම සතුටට කරුණකි. එහෙත් එම වංචාවේද මහමොළකරුවන් මේ වන විටත් බොහෝ යහතින් සිටින ආකාරයද පෙනෙයි. මෙම අපරාධ නාටකයේ තිරය තවම වැසී නැත. අපගේ රටේ උත්තරීතර අධිකරණය මෙම මහා අපරාධකරුවන්ට නියම දඬුවම ලබාදෙනු ඇතැයි ජනතාව විශ්වාස කරති. එය හරියටම වියට්නාමයේ සිදුවුණා සේ සිදුකරන්නැයි ජනතාව උත්තරීතර අධිකරණයෙන් බොහෝ යටහත් පහත්ව ඉල්ලා සිටිති.

මේ අනුව වියට්නාමය තුළ සිදුවුණු මෙම මහා ජාතික දූෂණ වංචාවේ ප්‍රධානතම මෙහෙයුම්කරුවා ලෙස සැලකෙන නුගුයෙන් තාන්ග් ලොන්ග් නමැති හිටපු කැබිනට් සෞඛ්‍ය ඇමැතිවරයාට වසර 18ක සිර දඬුවමක් නියම කළ අතර, ඔහු මෙම වංචාවෙන් උපයාගත් මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.25ක් (ඩොලර් ලක්ෂ 22.5ක් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කෝටි 170ක් පමණ) යැයි සැලකෙයි. එම මුදල් ඔහු වංචනිකව ලබාගත් ආකාරය සත්‍ය ලිපි ලේඛන හරහා අධිකරණයට සනාථ වී තිබිණි. එහිදී හෙළිවූ අනෙක් අපූරු වගතුග නම් තමන් එවැනි මුදලක් අදාළ සමාගම හරහා ත්‍යාගයක් වශයෙන් ලබාගත් බවට අධිකරණයේදී ප්‍රකාශ කර සිටීමය. එවිට එය වැරැදි ක්‍රියාවක් බව තමන් විශ්වාස කළේ නැති බවත්, එහෙයින් ඒ සඳහා තමන් සමාව අයැද සිටින බවත් ඔහු විනිසුරුවරුන්ට ප්‍රකාශ කළේය. එහෙත් එම ආයාචනයන් කිසිවක් භාර නොගත් විනිසුරු මඬුල්ල ඔහු වැරැදිකරු කරමින් ඉහත දඬුවම ලබාදුන්නේය.

නඩු විභාගය අවසානයත් සමග ඔහු සිර දඬුවම් සඳහා බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී. මෙලෙස වසර 18ක දීරඝ සිර දඬුවමක් නියම වූ නුගුයෙන් තාන්ග් ලොන්ග් නමැති හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා එම අමාත්‍ය ධුරයෙහි 2020 ජූලි 07 සිට 2022 ජුනි 06 දක්වා කටයුතු කළ අතර, මෙම දූෂිත චෝදනා යටතේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඔහුට එරෙහි නඩු පවරා තිබිණි. ප්‍රධාන අමාත්‍ය ධුරයට පෙර ඔහු වසර 07ක කාලයක් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. දැනට 57 වැනි වියෙහි පසුවන මොහු එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. මොහු දේශපාලකයකුට අමතරව වෘත්තියෙන් බටහිර වෛද්‍යවරයකුද වන අතර, වියට්නාමයේ හැනෝයි ජාතික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධරයකු වෙයි. වෛද්‍යවරයකු නිසාම මොහු අදාළ වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයකින් සිටි බව වාර්තා වෙයි.

මෙම මහා වංචාවේ දෙවැනි ප්‍රධාන චූදිතයා ලෙස දඬුවම් ලබා ඇත්තේ කොවිඩ් ඇන්ටිජන් කට්ටල වංචාවට සම්බන්ධ වූ වියට්නාමයේ ‘වියට් ඒ පාර්මා’ නමැති සමාගමේ හිමිකරු වන පාන් ක්වොක් වියට් නමැති ධනපති ව්‍යාපාරිකයාය. දැනට 44 වැනි වියෙහි පසුවන මොහු වියට්නාමයේ සිටින මහා ධන කුවේරයෙකි. ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනය ඔහුගේ ව්‍යාපාරය වන අතර, මොහු එරට දේශපාලකයන් සමග බොහෝ සබඳකම් පවත්වා ඇත. මොහුගේ ඖෂධ සමාගමට එකල කොවිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදනය කර රජයට සැපයීමට ලබාදී ඇති ටෙන්ඩරය ඇමෙරිකානු ඩොලර් මිලියන 173කි. මෙවැනි සුවිශාල මුදලකට ඔහුට හිටපු සෞඛ්‍ය අමැතිවරයා ප්‍රධාන අනෙක් ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් ටෙන්ඩරය ලබාදී ඇත්තේ නියමිත තක්සේරුවට වඩා තෙගුණයක මුදලකින් යැයි අධිකරණයේදී කරුණු හෙළිවිය. එසේ සිදුකර ඇත්තේ ඉහත ඇමැතිවරයා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීම සඳහාය.

ඒ අනුව ඉහත පිරිසට යටකී ව්‍යාපාරිකයා විසින් ඩොලර් මිලියන 34ක අල්ලස් ලබාදී ඇතැයි විමර්ශන අංශ තහවුරු කරගත්තේය. මෙම වටපිටාව යටතේ ඉහත වියට්නාම ධනකුවේරයාට මහාධිකරණය විසින් වසර 29ක දීර්ඝ සිර දඬුවමක් නියම කර ඇත. මෙම චූදිතයන්ට අමතරව වියට්නාමයේ හිටපු විද්‍යා සහ තාක්ෂණ ඇමැතිවරයාට සහ හිටපු නියෝජ්‍ය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාටද සිර දඬුවම් පමුණුවා ඇත. එම ප්‍රධානතම චූදිතයන් 04 දෙනාට අමතරව තවත් චූදිතයන් 44 දෙනකුට මහාධිකරණය සිර දඬුවම් පමුණුවා ඇත. ඖෂධ වංචාවකට අදාළව ලෝකයේ කිසිම රටක මෑත ඉතිහාසයේදී අධිකරණයක් විසින් මේ ආකාරයේ තදබල දඬුවමක් ලබාදුන් බවක් වාර්තා වී නැත. චූදිතයන් තම සිර දඬුවම් විඳීම සඳහා කඳුළු පිරුණු දෙනෙතින් බන්ධනාගාර රථ තුළට නැගගන්නා ආකාරය දැකගන්නට හැකි විය.

SendShareShare
Previous Post

හයිවේ එකේ තවත් වාහනයක් චප්පයි! එයාර්පෝට් ගිය සුද්දෙක් මරුට! මවට බරපතළයි! රියැදුරු අත්අඩංගුවේ! I Sri Lanka Latest News‍

Next Post

සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වන්න පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු විශාල පිරිසක් එක්වෙති! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.