• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහේතු කාලේන කජ්ජේන පුහුලන්! ආණ්ඩුවට ගැහුවා කියා හතරවැනි තට්ටුවට අරන් ගිය සුදත්ත මව්රටට ශ්ලෝකයකින්ම කතා කරයි!

January 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අහේතු කාලේන කජ්ජේන පුහුලන්! ආණ්ඩුවට ගැහුවා කියා හතරවැනි තට්ටුවට අරන් ගිය සුදත්ත මව්රටට ශ්ලෝකයකින්ම කතා කරයි!
Share on WhatsAppShare on Facebook

සුදත්ත තිලකසිරි අපේ රටේ ජනප්‍රිය කලාකරුවෙකි. නමුත් පසුගිය කාලය පුරාම ඔහුව බොහෝ දෙනකු හැඳින ගත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාදරයෙකු ලෙසටය. ඔහුගේ TAKL WITH SUDATHTHA යූ ටියුබ් පිටුව සමඟ මේ වන විට එකතුව ඇති ප්‍රේක්ෂක පිරිස අති විශාලය. ජනප්‍රිය පුද්ගලයන් සමඟ සිදුකරන ආන්දෝලනාත්මක සංවාද මෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ස්වයං අදහස්වලටද අති විශාල ජනප්‍රියත්වයක් හිමිව ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි කලාකරුවන් අතර සුදත්ත තිලකසිරි මහතාද ඉදිරියේම සිටියේය. ඔහුගේ යූ ටියුබ් පිටුව හරහාද ඒ සඳහා විශාල මැදිහත් වීමක් සිදුකිරීමට ඒ මහතා කටයුතු කළේය. එමෙන්ම රට පුරා මැතිවරණ වේදිකාවෙන් වේදිකාවට ගමන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තිලකසිරි මහතා දැඩි කැපකිරීමක් සිදුකළ ආකාරය දැකගත හැකි විය. එසේ වුවද, පසුගිය කාලය පුරාවටම සුදත්ත තිලකසිරි මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ බොහෝ අදහස් ආණ්ඩු විරෝධී ඒවා විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව දැඩිව විවේචනය කිරීමට ඒ මහතා කටයුතු කළේය. මේ අතර පසුගිය සතියේදී වාර්තා වූයේ රජය අපහසුතාවයට පත්කිරීමට අදාළව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දීම සඳහා සුදත්ත තිලකසිරි මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී ඇති බවය. එම කැඳවීමට අදාළව සාක්ෂි ලබා දීම සඳහා පසුගිය සතියේදී තිලකසිරි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටි බවද වාර්තා විය. අප සුදත්ත තිලකසිරි මහතා සම්බන්ධ කර ගත්තේ ඒ පිළිබඳව විමසා බැලීම සඳහාය. මෙතැන් පටන් පළ වන්නේ අප ඒ මහතා සමඟ සිදුකළ සංවාදයේ තොරතුරුය.

ඔබට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීමට සිදු වූ බව දැන ගන්න ලැබුණා ඇත්තටම මොකක්ද වුණේ?
රජයට හිතැති කලාකරුවෝද මොකක්ද කියලා සංවිධානයකින් මට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරලා තිබුණා. ඇත්තටම ඒක නිර්නාමික පැමිණිල්ලක්. පැමිණිලි කරපු කෙනෙක් නැහැ. මම සමාජ මාධ්‍ය ඔස්සේ රජය අපහසුතාවයට පත් කරනවා කියලා තමයි පැමිණිලි කරලා තිබුණේ.

ඔබට හිතෙන විදියට මොකක්ද මෙතැන ඇත්තටම වෙලා තියෙන්නේ?
අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවන්න අතින් වියදම් කරගෙන රට වටේ ගිය මිනිස්සු. වේදිකාවල ඒ වෙනුවෙන් පෙනී හිටිය මිනිස්සු. කලාකරුවෝ එකතු කරගෙන අතේ සල්ලිවලින් ගීත නිර්මාණය කරලා ඒ ජයග්‍රහණය ලබා ගන්න කටයුතු කළේ අපි. එතුමා ඇවිත් මේ රට ගොඩ ගනීවි, අලුත් වෙනසක් ඇති කරාවි කියන විශ්වාසය හින්දයි අපි එහෙම කළේ. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ජයග්‍රහණයෙන් අවුරුදු දෙකක් ගත වෙලා තියෙද්දි, දැන් මේක විහිළුවක් වෙලා තියෙන්නේ. ඉතිං අපි ඒවා විවේචනය කරනවා. මඩ නෙවෙයි සාධාරණ විවේචන. ඒවා ඉවසා වදාරන්න අමාරු හින්දා තමයි ඒ අය අපේ කටවල් වහන්න හදනවා. ඒක තමයි මේ වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබෙන් මොනවද ඇහුවේ?
මේවා පිටිපස්සේ කවුරුහරි ඉන්නවද, කවුරුහරි මෙහෙයවනවද කියලා තමයි ඇහුවේ. ඒ වගේම ආණ්ඩුවට එරෙහි වෙන්න මම ජනතාව උසි ගන්වනවා කියලත් ඒ පැමිණිල්ලේ තියෙනවා. මම කියන්නේ මේකයි. අපි කතා කරන්නේ අපිට පේන දේ. රටේම මිනිස්සු කියන දේවල් තමයි මම සමාජ මාධ්‍ය ඔස්සේ කතා කරන්නේ. ඒක රටේ බහුතර ජනතාවගේ මතය. රටේම මිනිස්සු තමයි මගේ පිටිපස්සේ ඉන්නේ කියලා මම කිව්වා. ගෝඨාභය ජනාධිපතිතුමා ෆේල් කියලා මම කියනවා. ඒක මම විතරක් නෙවෙයි බොහෝ දෙනා කියනවා. ඉතිං ඒ ගැන කතා කරනවා කියලා තමයි මගෙන් ප්‍රශ්න කළේ.

නිදහසේ තමන්ගේ මතය ඉදිරිපත් කරන්නවත් බැරි තත්ත්වයක්ද එතකොට මේ රටේ ඇති වෙලා තියෙන්නේ?
දැන් සමාජ මාධ්‍යවල අනුන්ගේ පළ කිරීම් බෙදා ගන්න තරුණයන්ගෙනුත් ප්‍රශ්න කරනවනේ. මම සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ චරිතයක්නේ. මං වගේ කෙනෙක්ව මේ විදියට ප්‍රශ්න කරලා මුළු සමාජයම බය කරවන්න තමයි මේ හදන්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ අපි තව තවත් ශක්තිමත් වෙන එකයි. මේ ගොල්ලෝ වැරැදි කෙනාටයි අත තිබ්බේ. මෙහෙම කරලා මාව නම් බය කරන්න බැහැ. අපි අපේ විවේචනය දිගටම කරනවා. දැන් ආණ්ඩුවේ මඩ බලකාය මට විරුද්ධව මඩ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. සුදත්ත නිළියෝ දූෂණය කළා, සල්ලි වංචා කළා කියලා මඩ ගහන්න පටන් අරන්. මගේ යූටියුබ් පිටුවේ නමින්ම එකක් පටන් අරගෙන මට මඩ ගහන්න ගත්තා. මේවා ගැන මමත් පැමිණිලි කළා. ඒත් ඒ කිසිම දෙයක් ගැන තවම පරීක්ෂණයක් නැහැ. හැබැයි මං ගැන කරපු නිර්නාමික පැමිණිලි ගැන කඩිනම් පරීක්ෂණ කරනවා. මම ජනාධිපතිතුමා හම්බ වෙන්න අවස්ථාවක් ඉල්ලුවා. එතුමාගේ පෞද්ගලික ලේකම්තුමා හරහා කෙරුව ඉල්ලීමට තවම ප්‍රතිචාරයක් නැහැ. මේ කරන වැඩ හින්දා අපිටයි පාරේ බැහැලා යන්න බැරි. මේ කරන්නේ මොනවද කියලා එතුමා හම්බ වෙලා අහන්නයි මට ඕනෑ. හැබැයි එහෙම නැතිව අපිව සී.අයි.ඩී. ගෙනිහිල්ලා ප්‍රශ්න කළාට මේවා විසඳෙන්නේ නැහැ. ඒ වගේම අපි බය වෙන්නෙත් නැහැ.

මේ දේවල්වල් මෙතැනින් එහාට යන එකක් නැහැ කියලද ඔබ හිතන්නේ?
අතීතයේදී සිද්ධ වුණු දේවල් දිහා බලද්දී එහෙම නොවේවි කියලා කියන්නත් බැහැ. අපි කවදා කොහොම හිටියත් මැරෙනවනේ. කොවිඩ් හැදිලත් මැරෙන්න පුළුවන්නේ. රට වෙනුවෙන් මතයක් දරලා මැරිලා ගියත් කමක් නැහැනේ. ඒ හින්දා ඒ කිසිම දේකට මම නම් බය නැහැ.

ජනාධිපතිතුමා හමුවෙන්න ඉල්ලීමක් කළා කියලා ඔබ කිව්වනේ. එහෙම හමුවුණොතින් ඔබ මොනවද එතුමාට කියන්නේ?
සර්. කිව්ව වැඩ කරලා පෙන්වන්න. මම එච්චරයි එතුමාගෙන් ඉල්ලන්නේ. ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක් ඡන්දේ දුන්නේ එතුමාව විශ්වාස කරලා. මහමැතිවරණයේදී 2/3ක බලයක් දුන්නෙත් එතුමාව විශ්වාස කරලා. ඒ මතයට සාධාරණය ඉටු කරන එක එතුමාගේ වගකීම. එහෙම නැතිව පිටසක්වළින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගෙනැල්ලා ඒ අයට යටත් වෙලා වැඩ කරන්න නෙවෙයි ජනතාව එතුමාට බලය දුන්නේ. සර් කිව්වා වගේ වැඩ කරන්න. එහෙම වුණොත් අපි ඉස්සර වගේම ඔබ එක්ක ඉන්නවා. හැබැයි කටින් නෙවෙයි. කරලා පෙන්වන්න ඕනේ. එහෙම වුණොත් අපි කලින් වගේම ඔබ එක්ක ඉන්නවා. ඒ ටිකයි මට එතුමාට කියන්න ඕනෑ. හැබැයි රටට සාධාරණය ඉටු කරන්නේ නැතිව මට එන්න කියලා මොකක් හරි තනතුරක් දුන්නට වැඩක් නැහැ. එහෙම කරලා අපිව නවත්වන්නත් බැහැ.

ඉදිරි අවුරුදු තුනේදී තමන් බාර ගත් වැඩ කොටස නිම කරනවා කියලා ජනාධිපතිතුමා කියනවා නේද?
එතුමා ඒ කතාව කිව්වේ අධිවේගී මාර්ගය විවෘත කරන දවසනේ. ඉතිං අපි එදා ඉඳන් තමයි ඒ අවුරුදු තුන ගණන් කරන්න පටන් ගන්න ඕනේ. අවුරුදු 30ක යුද්ධය අවුරුදු 03කින් ඉවර කළා වගේ මේ අවුරුදු තුනේදී වැඩ කරන එක කජ්ජක් නෙවෙයි කියලා එතුමාම කිව්වා. හැබැයි ඒ කියලා දවසක් ගියේ නැහැ රටේ තැනින් තැන ලයිට් කපනවා. ඒ කියන්නේ එතුමා වැඩ කරන අවුරුදු තුන පටන් ගත්ත තැනම ඉවරයි. මොකද දැන් මේ යන කාලේ අයිති වෙන ඒ අවුරුදු තුනටනේ. අහේතු කාලේන කජ්ජේන පුහුලං කියලා කතාවක් තියෙනවා. අහේතු කාලයට කජ්ජ ගසේ තිබියදීම පුහුලම බිම වැටෙනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. දැන් ඔය අවුරුදු තුනේ කතාවත් ඔය වගේ. කියලා දවසක් ගියේ නැහැ රටේම කරන්ට් නැහැ. කජ්ජ අතේ පුහුලම බිම. ඔච්චරයි මට නම් කියන්න තියෙන්නේ.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලංකාවේ මැණිකෙව අයිති කරගන්න ඉන්දියාවේ මෝඩියි-මමතයි ‌ලොකු සටනක!

Next Post

දිලුම්ටත් කොරෝනා! අද දවසේ වාර්තා වූ දෙවැනි මන්ත්‍රී!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.