පසුගිය අගෝස්තුවේ සිට මේ දක්වා මානසික පීඩාකාරී තත්ත්ව හේතුවෙන් මනෝ උපදේශන සේවය ලබාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත සිසුවියන් 140 දෙනකු පැමිණ ඇති බවත්, මෙම පිරිස අතරින් 10%ක් පමණ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදුන් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් පවසයි.
ඒ අතරින් ඇතැම් සිසුවියන් අධික විශාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කර ගැනීමට පවා උත්සාහ කර තිබූ බවද වෛද්‍යවරිය පැවසුවාය.
පසුගිය මාස අටක කාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් සිවු දෙනෙකු සියදිවි හානිකර ගැනීමට පෙළඹීමත් සමග මනෝ උපදේශන සේවා පුළුල් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බවද වෛද්‍යවරිය පැවසුවාය.
මේ වන විට සිසුවෙකුගේ මානසික තත්ත්වය බිඳවැටීමට හේතුවන කාරණා රැසක් සමාජය තුළින් පැනනැගී තිබෙන බවත්, දිගින් දිගටම ආතති තත්ත්වයෙන් පසුවන දරුවාට නිසි මග පෙන්වීමක් නොලැබුණහොත් ඔහු හෝ ඇය විශාදයට ගොදුරුවී ජීවිතය පවා නැතිකර ගන්නා තත්ත්වයකට පත්විය හැකි බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.
විශ්වවිද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සේවා සැපයීමේදී වෛද්‍ය හිඟය බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, වෛද්‍යවරු පස් දෙනෙකු අනුමත කාර්යමණ්ඩලයේ දැන් සිටින්නේ වෛද්‍යවරු තිදෙනෙක් පමණක් බවත් ඇය සඳහන් කළාය.
ඕනෑම විශ්වවිද්‍යාලයක මූලිකත්වය ලබා දෙන්නේ අධ්‍යාපනයට බවත්, කොවිඩ් වැනි තත්ත්වයකදී සෞඛ්‍ය අංශයේ වැදගත්කම ද යම් ප්‍රමාණයකට ඉස්මතු වූ බවත් කී වෛද්‍ය හේරත්, සිසුන් දිවි නසාගැනීමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ මනෝ උපදෙශනය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව ඇති බව අවධාරණය කළාය.
lankasara