• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඩී.ඇස්. හදපු නායකයන්! ජේ.ආර්. හදපු නායකයන්! රනිල් හදපු නායකයන්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  Sri Lanka Latest News

June 28, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ඩී.ඇස්. හදපු නායකයන්! ජේ.ආර්. හදපු නායකයන්! රනිල් හදපු නායකයන්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හැදුවේ ඩී.ඇස්. සේනානායක නොවේ. බණ්ඩාරනායක සිංහල මහ සභාවෙන් මතුවූ නායකයෙකි. ඩී.ඇස්. 1947 මහ ඡන්දය දිනන්න බණ්ඩාරනායකව එකතු කරගත්තේ සිංහල මහ සභාවේ ඡන්ද ගොඩටය. ඒත් ඩී.ඇස්. දිනලා අගමැති වී බණ්ඩාරනායකට සභානායකකම දුන්නාට බණ්ඩාරනායකව කපන්න අලුත් නායකයන් සෙට් එකක් හැදුවේය.Sri Lanka Latest News

පළමු වැන්නා ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායකය. ඔහු ඩඩ්ලිට 1947ට පෙර තමා දරපු කෘෂිකර්ම ඇමැති ධුරය දුන්නේය. ඊළඟට ඔහු බණ්ඩාරනායක එක්ක හැප්පෙන්න සර් ජෝන් කොතලාවලව හැදුවේය. ඩී.ඇස්.ගේ ආණ්ඩුවේ දෙවැනියා වෙන්න ලොකුම සටන තිබුණේ බණ්ඩාරනායක සහ සර් ජෝන් අතරය. ඒ වගේම තරුණ උගත් මන්ත්‍රීවරයකු වූ ජේ.ආර්. ජයවර්ධනට මුදල් ඇමැති ධුරය දී ඔහු ජේ.ආර්. කැපීපෙනෙන නායකයෙක් බවට පත් කළේය. ඩී.ඇස්. විදේශ ඇමැති ධුරයට පත් කළේ සර් ඔලිවර් ගුණතිලකය. ඔහු එකල හොඳට ජාත්‍යන්තර දේශපාලන ක්‍රීඩාව කළේය. පසු කලෙක ලංකාවේ පළමු සිංහල ආණ්ඩුකාරයා වුණේ සර් ඔලිවර් ගුණතිලකය.

ඩී.ඇස්. හදපු නායකයන්ගෙන් සර් ජෝන් අගමැති විය. ඩඩ්ලි අගමැති විය. ජේ.ආර්. අගමැති වී ජනාධිපති විය. සර් ඔලිවර් අග්‍රාණ්ඩුකාරයා විය. ඩී.ඇස්. එක්සත් ජාතික පක්ෂයට නැත්නම් දකුණට නායකයන් හැදුවේ එහෙමය. 1947 සිට 1970 තෙක් යූ.ඇන්.පී.ය නොනැසී ආවේ ඒ නායක පෙළ නිසාය.

ඩඩ්ලි මියගොස් ජේ.ආර්. යූ.ඇන්.පී.ය භාරගන්නා විට යූ.ඇන්.පී.යට නැත්නම් දකුණට නායකයන් නැති බව ජේ.ආර්.ට පෙනුණි. ඩඩ්ලිගේ යටතේ සිටි නායකයන් බොහොමයක් වයස්ගත වූවන්ය. යූ.ඇන්.පී.ය තව වසර ගණනාවක් නොනැසී පවත්වා ගන්න ජේ.ආර්. නායක පෙළක් හදන්න විපක්ෂයේ සිටියදීම තීරණය කළේය. ජේ.ආර්. පක්ෂයේ නියෝජ්‍ය නායකයන් හැදුවේ නැත. එහෙත් එක් වරම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කොට ජේ.ආර්. තමාගේ සහායට ඡන්ද සටන මෙහෙයවන නායකයෙක් තෝරන්න රහස් ඡන්දයක් පැවැත්වීය. ඔහු ඒ හරහා කරන්න උත්සාහ කළේ යූ.ඇන්.පී.යට නායක පෙළක් හැදීමය. ඒ රහස් ඡන්දයෙන් ප්‍රේමදාස එක විය. ගාමිණී, ලලිත් සහ රොනී මතුවූහ.

1977 දිනා ජේ.ආර්. ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැති ධුර දුන්නේ මේ හතර දෙනාටය. ප්‍රේමදාස අගමැති කළේය. ගාමිණීට මහවැලියත්, ලලිත්ට වෙළෙඳ සහ රාජ්‍ය ආරක්ෂක ඇමැති ධුරයත්, රොනීට මුදල් ඇමැති ධුරයත් දුන්නේය. ජේ.ආර්. සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ එය යූ.ඇන්.පී.යට වාසි නිසාම නොව එක් එක් දිස්ත්‍රික්කවලින් වැඩිම මනාප ලබා ජනප්‍රිය නායකයන් බිහි කරන්නටය. සමානුපාතික නියෝජන ක්‍රමය සම්මත කරගනිද්දී ලලිත් ඇතුලත්මුදලි කීවේ මින් පසු ශ්‍රීලනිපයේ සමානුපාතික නියෝජනය නිසා බණ්ඩාරනායකලා පමණක් නායකයන් නොවී දිස්ත්‍රික්කවලින් අලුත් නායකයන් බිහිවෙයි කියාය. ජේ.ආර්. හිතුවේත් ප්‍රේමදාසට පසු ගාමිණී, ගාමිණීට පසු ලලිත්, ලලිත්ට පසු රොනී නායකයන් ලෙස පත්වුණොත් යූ.ඇන්.පී.ය තව දශක ගණනාවක් යනතෙක් රටේ පාලන බලය දරයි කියාය.

ඒත් ප්‍රභාකරන් ඒ සියල්ල වෙනස් කළේය. ජේ.ආර්. සිය චරිතාපදානයේ කියන්නේ තමා හදපු නායකයන් එකා පිට එකා ඝාතනය වීම ඔහුට දරාගත නොහැකි වූ බවය. 1988 භීෂණයට මුහුණ දෙන්න ජේ.ආර්. දේශපාලනයට ගෙන ආ ප්‍රේමදාස යටතේ නායකයෙක් ලෙස මතුවූ රන්ජන් විජේරත්න ඝාතනය විය.

ප්‍රේමදාස ජනාධිපති වෙන්නත් කලින් රොනී ද මැල් පක්ෂය හැර ගියේය. ප්‍රේමදාස ජනාධිපති වී ලලිත්ට සහ ගාමිණීට තැනක් දුන්නේ නැත. ඒත් ඔහු නායකයන් තුන්දෙනෙක් හැදුවේය. පළමුවැන්නා රන්ජන් විජේරත්නය. දෙවැන්නා රනිල්ය. තුන්වැන්නා ගාමිණී අතුකෝරාලය.

ප්‍රභාකරන්ගේ බෝම්බයෙන් රන්ජන්, ප්‍රේමදාස, ලලිත්, ගාමිණී ඝාතනය වීමෙන් පසු ඉතිරි වූයේ රනිල් සහ ගාමිණි අතුකෝරාලය. රනිල් ගාමිණීව පක්ෂ මහලේකම් බවට පත් කරගත්තේය. එහෙත් රනිල් යූ.ඇන්.පී.යට හෝ දකුණට නායකයන් හැදුවේ නැත. ඔහු ඔහුට දිනන්න නායකයන් හැදුවේ වමට නොහොත් ශ්‍රීලනිපයටය.

රනිල් නොවන්න කවදාවත් චන්ද්‍රිකා 1994 අගමැති වන්නේ නැත. 1994 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාට බහුතරය ලැබුණේ නැත. ආණ්ඩුව හදන්න තීරණාත්මක සාධකය වුණේ අෆ්රොෂ්ගේ මුස්ලිම් කොංග්‍රසයය. එතකොට ගාමිණී රාජාලියා පක්ෂය අතහැර යූ.ඇන්.පී.යට ඇවිත් 1994 මහ මැතිවරණයට තරග කොට යූ.ඇන්.පී.යේ නායකයෙක් ලෙස දෙවැනි වතාවටත් භෞතීස්ම කොට තිබිණි. අෂ්රොෆ්ගේ සහායෙන් යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවන්න ගාමිණී දන්න ගේම් ඔක්කොම ගැහුවේය. එවක ජනාධිපති විජේතුංගට ඔහු කීවේ අගමැති ධුරයට ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය කැඳවා ඇයත්, චන්ද්‍රිකාත් අතර ප්‍රශ්නයක් හදන්න කියාය. ඒ අතරතුර නැගෙනහිර සිටි අෂ්රොෆ්ට චොපර් එකක් යවා ඔහු ගෙන්වාගෙන යූ.ඇන්.පී. ආණ්ඩුව හදන්න සාකච්ඡා කරමින් සිටියේය. ඒ වෙනකොට රනිල් සහ ගාමිණී හිටියේ එකිනෙකා කෙරෙහි වෛරයෙන්ය. හේතුව ගාමිණීට යූ.ඇන්.පී.යට ඇවිත් පාර්ලිමේන්තු එන්න රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස් නොවන ලෙස බලපෑම් කළ නිසාය. ඒත් ගාමිණි ජනාධිපති විජේතුංග හරහා රනිල්ට පණිවුඩයක් යවා කීවේ තමා බහුතරය හදන තෙක් අගමැති ධුරයෙන් ඉවත් නොවන්න කියාය. ගාමිණී බහුතරය හදා තමාට අගමැති ධුරය නොදෙන බව රනිල් දැන සිටියේය. ඔහු රවී කරුණානායකගේ නිවෙසේදී චන්ද්‍රිකා හමුවී ඩීල් එකක් දමා අගමැති ධුරයෙන් ඉවත් විය. එකල රවී චන්ද්‍රිකාගේ පොදු පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. රනිල් අගමැති ධුරයෙන් ඉවත්ව යන විට විජේතුංගට චන්ද්‍රිකාව කැඳවන්න සිදුවිය. තමාට දැන් චන්ද්‍රිකාට සහාය දෙන්න සිදුවන බව අෂ්රොෆ් ගාමිණීට කීවේය. ගාමිණී අසරණ විය.

රනිල් යූ.ඇන්.පී. නායකයා වීමෙන් පසු චන්ද්‍රිකා රනිල්ට බය වූවාය. ඇය බටලන්ද කොමිසම දමා රනිල්ට පන්න පන්නා ගැහුවේය. මේ වෙලාවේ චන්ද්‍රිකාට ගහන්න රනිල් ආණ්ඩුව ඇතුළෙන්ම නායකයෙක් හොයාගත්තේය. ඒ, මහින්ද රාජපක්ෂය. මහින්ද චන්ද්‍රිකා එක්ක හැප්පෙද්දී මහින්ද හම්බන්තොට වැටුණි. මහින්ද වැටෙනකොට හම්බන්තොට ඔළුව ඉස්සුවේ දේශපාලනයට අලුතෙන් ආ සජිත් ප්‍රේමදාසය. රනිල් සජිත්ව යටපත් කොට මහින්දට හම්බන්තොට ඒකාධිකාරී නායකත්වයක් හදාගන්න ඉඩ දුන්නේය. 2002දී රනිල් අගමැති වූ විට එවක ජනාධිපති චන්ද්‍රිකා විපක්ෂ නායක ලෙස පත්කළේ රත්නසිරි වික්‍රමනායකය. ඒත් රනිල් රත්නසිරි ඉවත් කොට විපක්ෂ නායක වීමේ මහින්ද-ජෙයරාජ් කුමන්ත්‍රණයට සහාය දී මහින්දව විපක්ෂ නායක ලෙස පිළිගත්තේය. රනිල් මහින්දට එරෙහිව වචනයක් කියන්න යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන්ට ඉඩ දුන්නේ නැත. අන්තිමේදී මහින්ද රනිල් අභිභවා මතුවී රටේ ජනාධිපති විය.
2015දී රනිල් මහින්දව පරාජය කරන්න ශ්‍රීලනිපයේ තව නායකයෙක් හැදුවේය. ඔහු මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රී අපේක්ෂකයා වෙන්නේ තමා හැර ශ්‍රීලනිපයේ වෙනත් කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවිය යුතුය යන කොන්දේසිය නිසාය. ඒ වෙලාවේ සජිත්ව අපේක්ෂකයා කළා නම් සජිත් දිනන්න ඉඩ තිබිණි.

2022 රනිල් මහින්දලාගේ උදව්වෙන් ජනාධිපති වී සජිත්ව පරද්දන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. රනිල් නිසා දින්නේ අනුරය. රනිල් 2020 මහ මැතිවරණයෙන් ආසනයත් පරාජය වූවාට පසු සජිත්ට ගහන්න අනුරව පිම්බුවේය. ජනාධිපති වී ඔහු කළේත් ඒකමය. අවසානයේ වමට නැත්නම් ශ්‍රීලනිප-පොදුජන පෙරමුණු බලවේගයට අලුත් නායකයෙක් නිර්මාණය විය. ඒ අනුරය.

රනිල් වමට නායකයන් නිර්මාණය නොකොට ඩී.ඇස්., ජේ.ආර්. වගේ දකුණට නායකයන් නිර්මාණය කළා නම් චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, අනුර කියා චරිත නැත. එසේ වුණා නම් 1994 සිට 2024 තෙක් වසර 30ක භාගයකට වඩා රට පාලනය කරන්නේ දකුණ නොහොත් යූ.ඇන්.පී.යය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අමුතු ඇඩ්වටයිසිං ඒජන්සිය! Sri Lanka Latest News

Next Post

සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධියේ ‘ඇත්ත’ වැරැදිකාරයා කවුද? හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ හෙළිකරයි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.