විශේෂ කාර්ය බළකායේ නව අණ දෙන නිලධාරියා ලෙස ඉදිරි දින කිහිපය ඇතුළත පොලිසියේ සිටින සුපිරි චරිතයක් පත්වීමට නියමිත බව අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම පොලිස් නිලධාරියා නිහඩ චරිතයක් වුවත් අවස්ථා ගණනාවකදීම මතකයේ රැදෙන වීර ක්‍රියා ගණනාවක් සිදු කළ අයකු බව දැනගන්නට තිබේ.
යුද්ධය පැවැති සමයේදී නැගෙනහිර සටන් පෙරමුණේ සිටි හෙතෙම මේ වනවිට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වශයෙන් කටයුතු කරන්නෙකු බව දැනගන්නට ඇත.
වරක් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා ගමන්ගත් හෙලිකොප්ටරය එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුරුව කොටි ප්‍රදේශයට රිංගා රත්වත්තේ මහතාව ආරක්ෂිතව රජයේ පාලන ප්‍රදේශය වෙත රැගෙන පැමිණ ඇත්තේද මෙම නිලධාරියා විසින් බව කියවේ.
මේ වනවිට විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ වරුණ ජයසුන්දර මහතාය.










