මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වී අද (27) දිනය වසරක් සම්පූර්ණ වී ඇත.
පළමු ආසාදිතයා ලෙස ලියු යැං නමැති චීන ජාතික කාන්තාවක් වාර්තා වූ අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් රෝග ලක්ෂ පහළවීම හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කොට තිබිණ.
පසුව සිදුකළ පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කෙරිණි.
ඇයට සුවය ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටත්ව යන අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඈ සිප වැළදගෙන සුබ පතන ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් පළමු කොරෝනා රෝගියා ලංකාවෙන් වාර්තා වී හරියටම වසරක් සපිරෙන අද දින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා ගැනීම විශේෂ සිදුවීමකි.










