හිටපු අමාත්‍යවරයකු වන සරත් වීරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නම් කරන බවට ප්‍රකාශයක් කර ඇති බවත් මුජිබර් රහුමාන්, රිෂාඩ් බදියුදීන් පමණක් නොව හිජාස් හිස්බුල්ලා පවා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් බවට පත් කරන්න මොවුන් කටයුතු කළ බවත් මොවුන්ම එදා වඳ සැත්කම් යැයි කියමින් වෛද්‍ය ශාෆි ඇතුළු පවුලේ අයට සිදුකළ විවිධ හිංසා සහ අපහාස අමතක කළ නොහැකි බවත් එවැනි ජාතිවාදී දේවල් සිදු කළ මේ අයම අද දේශපාලන අවශ්‍යතා මත මහමොළකරුවන් ලෙස මුජිබර් රහුමාන් මහතාව නම් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාව පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස නම් කරන බවට සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
2020 කාලයේ ජනවරමක් ලබා ආණ්ඩුවක් පිහිටුවා පොලිස් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතා විසින් අද මුජිබර් රහුමාන් මහතා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස ප්‍රකාශයට පත් කළත් එදා ඔහු මේ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද? කියා ප්‍රශ්න කරන බවත් එදා බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලනවායැයි කියා වුවත් දැන් මුජිබර් රහුමාන් මහතාට IS සම්බන්ධතා ඇති බවත් ඒවා කොමිෂන් සභා වාර්තාවල තිබූ බවට පවසන බවත් ඒ ආකාරයට නම සඳහන් වූවා නම් ඒ ගැන හෙළිදරව් කරමින් නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මේ නිර්ලජ්ජිත විවේචනය එල්ල වුයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වූ පොත සම්බන්ධයෙන් සිදු කරන ලද විවේචනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මුජිබර් රහුමාන් පාර්ලිමෙන්තු මන්ත්‍රීතුමා රටේ උන්නතිය උදෙසා විවිධ ක්ෂේත්‍ර ගැන කෘතහස්ත අදහස් ඉදිරිපත් කරන ජනතවාදී නායකයෙක් නිසා අදටත් එතුමා ඉලක්ක කර ගෙන වඳ සැත්කම් වඳ කොත්තු මූලික කර ගෙන ඇති කර ගත් ජාතිභේදය නැවත ඇති කරන්න උත්සාහ කරන බවත් මේ අන්තවාදය රටට සුදුසු නැති බවත් ප්‍රායෝගික බෞද්ධයකු ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජාතික භේදය ඇති නොකර ජාති ආගම් ජන කොට්ඨාස අතර සමඟිය තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාස්කු ප්‍රහාරය සමඟ මෙරට කතෝලික හා මුස්ලිම් ප්‍රජාව මෙන්ම සමස්ත ජනතාවම වින්දිතයන් බවට පත්වූ බවත් මේ වින්දිතයන්ට ජීවිත අහිමි වූ පවුල්වලට සාධාරණත්වය ඉටු කළ යුත්තේ ආණ්ඩු බලය හෝ දේශපාලන ප්‍රතිරූප රැකගෙන නොව සත්‍ය අවබෝධ කර ගෙන බවත් එම නිසා සත්‍ය මත කේන්ද්‍ර කර ගෙන කටයුතු කල යුතු බවත් ජාතිවාදය මත පදනම්ව රට විනාශ කරන මේ දේශපාලනයට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










