නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාගේ තීරණ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන සංවිධානාත්මක ප්‍රචාරණ ව්‍යාපාර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි අවධානය යොමු කර තිබෙනවා.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නීතිපතිවරයාට පක්ෂව සහ විපක්ෂව කොළඹදී විරෝධතා සංවිධානය වෙමින් පවතින පසුබිමක මෙවැනි බලපෑම් එල්ල කිරීම නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් බවයි.
අපරාධ නඩු සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේදී නීතිපතිවරයා කටයුතු කරන්නේ අර්ධ අධිකරණමය (Quasi-judicial) වගකීමක් සහිතව බවයි පෙන්වා දෙන්නේ.
එම තීරණ ගත යුත්තේ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන සාක්ෂි මත මිස මහජන මතය හෝ දේශපාලන බලපෑම් මත නොවන බවද එහි සඳහන්.
නීතිපතිවරයාගේ තීරණයක් සම්බන්ධයෙන් යමෙකුට ගැටලුවක් පවතී නම්, එය අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නීත්‍යානුකූලව අභියෝගයට ලක් කළ හැකි බව නිවේදනයේ සඳහන්.
වික්ටර් අයිවන් එදිරිව සරත් එන්. සිල්වා නඩු තීන්දුව උපුටා දක්වමින් නීතිඥ සංගමය පවසන්නේ, සාධාරණ සහ නිසි විමර්ශනයක් ලැබීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති බවයි.
සිවිල් පුරවැසියන්ට රජයේ නිලධාරීන්ගේ තීරණ විවේචනය කිරීමට අයිතියක් ඇති මුත්, එය ආයතනික ස්වාධීනත්වය පළුදු කරන මට්ටමේ පක්ෂග්‍රාහී ප්‍රචාරණ ව්‍යාපාරයක් නොවිය යුතු බවයි නීතිඥ සංගමය අවධාරණය කරන්නේ.
මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස නීතිඥ සංගමය රජයෙන් සහ නීතිය බලාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිනවා.










