මෙතෙක් පොලිසියට වැඩි බලයක් තිබූ රාජ්‍ය බුද්ධි සේවය ත්‍රිවිධ හමුදාවන්ට වැඩි බලයක් හිමි වන පරිදි පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණය කොට ඇත.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන තනතුර වන අධ්‍යක්ෂ තනතුර ‘අධ්‍යක්ෂ ජනරාල්’ ලෙස වෙනස් කිරීමටත්, ඔහු යටතේ තවත් ප්‍රධානීන් තිදෙනෙකු පත් කිරීමටත් යෝජනා වී ඇති බව පැවසේ.
මෙතෙක් පොලිසියට වැඩි බලයක් හිමි වන පරිදි එහි අධ්‍යක්ෂ ධූරය පැවරී තිබුණේ පොලිසියට වුවද වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු එහි අධ්‍යක්ෂ ධූරය හමුදා පාර්ශ්වයට හිමි විය.
ඒ අනුව ඉදිරියේදී ත්‍රිවිධ හමුදාවටම වැඩි බලයක් හිමි වන පරිදි රාජ්‍ය බුද්ධි සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට නියමිතව ඇත.










