• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී මහා බෝධිය විශාල අනතුරක! සමහර විට බෝධිය මියයන්නත් පුළුවන්! පුරාවිද්‍යාවෙන් අවසර නොගෙන කරපු වැඩෙන් ස්වාභාවික පරිසරයේ ලොකු වෙනසක් වෙලා! වෙසක් සතියේ විශාල හෙළිදරව්වක්! I Sri Lanka Latest News

May 28, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
ශ්‍රී මහා බෝධිය විශාල අනතුරක! සමහර විට බෝධිය මියයන්නත් පුළුවන්! පුරාවිද්‍යාවෙන් අවසර නොගෙන කරපු වැඩෙන් ස්වාභාවික පරිසරයේ ලොකු වෙනසක් වෙලා! වෙසක් සතියේ විශාල හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති, ශ්‍රී ලංකාවට ජාතික උරුමයක් වශයෙන් ද වැදගත් වන අනුරාධපුර, ශ්‍රී මහා බෝධිය වටා කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධියේ ජීවයට බලපෑම් එල්ල කළ හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.Sri Lanka Latest News

ශ්‍රී මහා බෝධිය අසල ඇති වැලි මළුව ටෙරකොටා ටයිල් යොදා ආවරණය කිරීමෙන් මෙම තත්ත්වය මතුව ඇතැයි විශේෂඥයෝ පවසති.

මොරටුව විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර විසින් මුල් වරට මේ පිළිබඳව හෙළි කරනු ලැබූ අතර, බීබීසී සිංහල සේවය මහාචාර්යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමක් කළේ ය.

වැලි මළුව

‘ස්වාභාවික පරිසරයේ වෙනස් වීමක් වෙලා තියෙනවා’

වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ගිය අවස්ථාවේදී මහාචාර්යවරයා ශ්‍රී මහා බෝධියට ගොස් ඇති අතර එහිදී ඔහු මෙම ප්‍රතිසංස්කරණය කටයුත්ත දැක තිබේ.

“ගොඩක් වෙලාවට දේශගුණ වෙනස්වීම්, තිරසර සංවර්ධනය පැත්තෙන් වැඩ කරන මනුස්සයෙක් විදිහට මම දැකපු රුවන්වැලි මහා සෑයක් ශ්‍රී මහා බෝධියක් තිබුණා අවුරුදු 20කට විතර කලින්. මේ මෑතක් වෙනකම් යම් තාක් දුරකට ඒක ආරක්ෂා වෙලා තිබුණා. ඒ ස්වාභාවික පරිසරයක් තිබුණා, නමුත් එක පාරට ම ඒක ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා.”

“මම ඇතුළට ගියා ම, ඇතුළේ ලොකු චේන්ජ් එකක්. ඒක දරාගන්න බැරි මට්ටමේ චේන්ජ් එකක් තියෙනවා. මම උඩ මළුවට වෙනකම් ම ගියා, උඩ මළුවට යනකොට සම්පූර්ණ උඩ මළුව ම ටෙරාකොටා අල්ලලා තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න මළුවට පල්ලෙහා මළුව සම්පූර්ණයෙන් ම ටෙරාකොටා අල්ලලා,” ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසීය.

තාක්ෂණික අධ්‍යයනයක් සිදුකර සකස් කරන ලද වාර්තාව

ඒ පිළිබඳව නායක ස්වාමින් වහන්සේට ද පහදා දී, එහි ඇති ඉංජිනේරු තාක්ෂණික ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද මහාචාර්ය රංගික හල්වතුර කටයුතු කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර එදින ම එම ස්ථානය සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර එහි ගැටලු සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බව ඔහු බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂාවරයාගේ ඉල්ලීම අනුව ඔහු ඒ පිළිබඳව වාර්තාවක් ද සකස් කර ලබා දී තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව තවත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ඇමරිකාවෙන් ගෙන්වා ඇති අතර පරීක්ෂණ සිදු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ඉල්ලා ඇති බවත්, එය අනුමත වූ පසුව ඉදිරි අධ්‍යයන කටයුතු සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසීය.

වැලි මළුව

‘ඒ කියන්නේ ගහ මැරෙන්න පුළුවන්’

වැලි තලාව මත ටෙරකොටා ටයිල් ඇතිරීමෙන් ශ්‍රී මහා බෝධියට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර පැහැදිලි කළේ ය.

“ඕකෙන් වෙන්නේ එළියේ ඉඳලා ඇතුළට රස්නේ එන එක නවත්වන එක. එතකොට වෙන්නේ උඩින් එන රස්නේ පහළට යන්නේ නැහැ. උඩින් එන රස්නේ පහළට යන්නේ නැහැ කියන්නේ උඩ ලේයර් එක වෙනදාට වඩා රත් වෙනවා. එකෙන් ලොකු රිෆ්ලෙක්ෂන් එකක් එනවා ගහට. වැලි තියෙනකොට ඒ තියෙන රේඩියේෂන්වලට ඩිරෙක්ට් රේඩියේෂන් එකක් එනවා ගහට. යටිනුත් රේඩ්යේෂන් එකක් යනවා කියන්නේ ගහට දරා ගන්න බෑ ඒක, ගහ හැදිලා නැහැ ඒකට. ඉතින් අනිවාර්යෙන් ම ගහ ඊළඟ වර්ෂන් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ගහ මැරෙන්න ඕනේ.”

මහාචාර්යවරයා විසින් සිය තාක්ෂණික අධ්‍යයනය සිදුකර පිටු 12කින් සමන්විත වාර්තාවක් සකස් කර ඇති අතර එහි නිර්දේශ 5ක් සඳහන් කර තිබේ.

  • ආසන්නයේ ම ඇති පූජනීය මළුව ප්‍රදේශ තුළ කුහර සහිත ටෙරාකොටා (මැටිවලින් සාදන ලද ටයිල්) ඇතිරීම නැවත සලකා බලන්න.
  • අදාළ ස්ථානයේ පුළුල් පාරිසරික සහ තාප තක්සේරුවක් සිදු කරන්න.
  • ස්ථායී කරන ලද වැලි බිමක් හෝ ලා පැහැති ස්වාභාවික ගල් ඇතිරීමක් වැනි පාරගම්‍ය සහ තාප-ස්ථායී මතුපිට ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් සලකා බලන්න.
  • (ගසේ) මුල් සම්බන්ධ ස්වාභාවික ක්‍රියාවලීන්ට සහය වීම සඳහා ගසේ මුල ආශ්‍රිතව ප්‍රමාණවත් සහ විවෘත පාංශු කලාප පවත්වා ගන්න.
  • අනාගතයේදී පූජනීය ගස වටා සිදුවිය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උරුමයන්ට සංවේදී ඉදිකිරීම් මාර්ගෝපදේශ ඇති කරන්න.

අවසරයක් ලබා නොගෙන කරන ලද ප්‍රතිසංස්කරණය

ශ්‍රී මහා බෝධිය මෙරට පුරාවිද්‍යා භූමියක් වන අතර එවන් ස්ථානයක අලුත්වැඩියාවක් හෝ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.

එහෙත්, ශ්‍රී මහා බෝධියේ වැලි තලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරය ලබාගෙන නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.

“අවසරය ගන්න අවශ්‍ය යි, ඔතන පාරක් තිබුණා රෝද පුටුවෙන් යන්න ආබාධිත අයට යන්න කොන්ක්‍රීට් වගේ එකක් දාලා. ඒක අයින් කරලා ඔය ගල දාන්න අනුමැතිය දුන්නා. ඒ අවසරයෙන් තමයි සම්පූර්ණයෙන් ම ඕක කරලා තියෙන්නේ.”

පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් නිර්දේශ ඉල්ලයි

එම ප්‍රතිසංස්කරණය හරහා බෝධියට හානියක් විය හැකි බවට එක් පාර්ශවයකින් වාර්තාවක් ලැබුණ බවත්, බෝධියේ භාරකාරීත්වය දරනු ලබන පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

“එක පාර්ශවයකින් වාර්තාවක් ආවා ඒක බෝධියට හානිකර වෙනවා කියලා. නමුත් එක පාර්ශවයකින් වාර්තාවක් ආවාට බෑනේ. ශ්‍රී මහා බෝධියේ සම්පූර්ණ භාරකාරීත්වය දරන්නේ පේරාදේණිය උද්භිත උද්‍යානයෙන්, ඒකේ ඉන්නවා විශේෂඥවරු පත් කරලා. ඒ උද්භිත විද්‍යාඥයන්ගෙන් මේ ගැන නිර්දේශ ගන්න කටයුතු කරලා තියෙන්නේ.”

ඒ නිර්දේශ අනුව ශ්‍රී මහා බෝධියට කුඩා හෝ හානියක් ඇති බවට දැනුම් දෙනු ලැබුවහොත් අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් පැවසීය.

අටමස්ථානයට අයත් ශ්‍රී මහා බෝධිය ඇත්තේ, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් යටතේ ය.

‘ලොව ලිඛිත ඉතිහාසයක් ඇති පැරණි ම වෘක්‍ෂය’

බු.ව. 236 වර්ෂයේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයක දේවානම්පියතිස්ස රජ දවස සංඝමිත්තා තෙරණිය දඹදිව සිට ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව සමග ලක්දිවට වැඩම කළ බව සැලෙකෙයි.

අනුරාධපුරය මහමෙව්නා උයනේ රෝපණය කරන ලද එය ‘මිනිසුන් විසින් රෝපණය කරන ලද ලොව ලිඛිත ඉතිහාසයක් ඇති පැරණි ම වෘක්‍ෂය ලෙස ද පිළිගැනේ.

ඉතිහාස වාර්තා අනුව මෙම වෘක්ෂය වසර 2200කට අධික කාලයක් පැරණි එකකි.

BBC සිංහල

SendShareShare
Previous Post

342ට ගිය රුපියල බේරගන්න සංචිතවලින් ඩොලර් මිලියන 500ක් ඇදලා! මහබැංකුවට ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුතෙන් ආපු ගල්අඟුරු නැවෙත් විශාල අවුලක්! ගිවිසුමේ වගන්තිත් උල්ලංඝනය කරලා! අලුත් ඇමැතිටත් ගෙදර යන්න වෙයිද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.