• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඇපත් නැතිව පරදින ලංකාවේ දෙවැනි ඇමැති මණ්ඩලය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

April 6, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සී.පී. ද සිල්වා ඇමැති මණ්ඩලයේදී කිරි වීදුරුව බිව්වේ නැත්නම් දහනායක කවදාවත් ලංකාවේ අගමැති වන්නේ නැත. දහනායක අගමැති වුණේ සී.පී. ද සිල්වා බණ්ඩාරනායක ඝාතනය වීමට පෙර පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විෂ සහිත කිරි වීදුරුවක් බී සිහිසුන්වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් රැගෙන ගිය නිසාය.Sri Lanka Latest News

ඒ වගේම අගමැතිකම බාරගන්න සජිත්, ගෝඨාභයට ඉවත්ව යන්නැයි නොකිව්වා නම් රනිල් කවදාවත් ජනාධිපති වන්නේ නැත. රනිල් අභියෝග බාරගත්තා යැයි යූ.ඇන්.පී.කාරයන් ගහන කයියට කටඋත්තර නැතිවුණේ තමා සජිත්ට අගමැතිකම බාරගන්න එන්න යැයි කී විට සජිත් අරගලයට හිස නමා ඉවත් වෙන්න යැයි ගෝඨාභය සිය පොතින් හෙළිදරව් කළ නිසාය. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මෑතකදී කීවේ සජිත් අගමැතිකම බාරගන්න ගෝඨාභය ඉවත්විය යුතු කාලසටහන ගැන තමන් එක් කාමරයක ගෝඨාගේ නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් සිටියදී අනෙක් කාමරයේ රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙන්න සූදානමින් සිටි බවය. ඔහු කිව්වේ රාජපක්ෂ පවුල රනිල්ව අගමැති කරන්න තීරණය කොට සජිත්ව අන්නන්න බොරුවට සජිත්ට අගමැතිකම බාරගන්න කීවා කියාය.

කොහොම වෙතත් රනිල් අගමැති වුණේත් දහනායක අගමැති වුණා වගේ අහම්බෙනි. දහනායක අගමැති වී ඔහුව අගමැති කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ශ්‍රීලනිප හිටපු නායක බණ්ඩාරනායකගේ පවුලටත් පහර ගසමින් ඔහු නව දේශපාලන ගමනක් යන්න පටන් ගත්තේය.

පහත දැක්වෙන්නේ දහනායකගේ නව දේශපාලන ගමන ගැන දහනායක ආණ්ඩුවේ හිටපු බණ්ඩාරනායකවාදී ප්‍රබල ඇමැතිවරයෙක් වූ ටී.බී. ඉලංගරත්න කී කතාවය.

“අවමංගල්‍යයෙන් සති කීපයකට පසු අගමැති නිල නිවාසය වූ අරලියගහ මැඳුරේ ඇමැති මණ්ඩල රැස්වීමකදී දහනායක අගමැති අප අමතා තමා දේශපාලන පක්ෂයක් ගොඩනගන්නට තීරණය කරගත් බව කියා සිටියේය.

අප විමතියට පත්වීමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අගමැතිවරයා වෙන පක්ෂයක් ගොඩනගන්නට යෑම නිසයි. නව පක්ෂයේ ප්‍රතිපත්ති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ලද්දේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම් ප්‍රතිපත්තිවලට හාත්පසින්ම පටහැනි වැඩපිළිවෙළකි.

ඇමැති මණ්ඩලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වූ අපේ තත්ත්වය කුමක්දැයි ඇසූ විට පිළිතුරු වශයෙන් ඔහු කීවේ අපටත් ඔහුගේ නව පක්ෂයට බැඳිය හැකි බවත්, එසේ නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිය හැකි බවත්ය.

ඔහුගේ එම ගුණමකු අගරු ප්‍රකාශයත් සමගම ඇමැති මණ්ඩල රැස්වීමද ක්ෂණයකින්ම ඊළඟ දිනයට කල්දමා විසුරුවා හැර නැගී ගියේය.

එදා රෑම 1959 දෙසැම්බර් අටවැනිදා ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා ලවා අප පස්දෙනකු ඇමැති ධුරවලින් පහ කළේය. ස්වදේශභාර ඇමැති ටී.බී ඉලංගරත්න – ප්‍රවාහන හා විදුලිබල ඇමැති, මෛත්‍රීපාල සේනානායක – සෞඛ්‍ය ඇමැති, ඒ.පී. ජයසූරිය – සංස්කෘතික හ සමාජසේවා ඇමැති, පී.බී.ජී. කළුගල්ල, කම්කරු ඇමැති – ඇම්.පී. සොයිසාත්ය.
එසේම දහනායක ප්‍රිය නොකළ නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක්ද තනතුරුවලින් පහකරන ලදහ.

බණ්ඩාරනායක ඝාතනය සැලසුම් කළ කුමන්ත්‍රණකාරයන්ගේ අරමුණ වූ ප්‍රතිගාමීත්වය රජකරවීම ඒ ආකාරයෙන්ම එයින් තවත් සාර්ථක විය.

ලංකාව පුංචි එංගලන්තයක් කිරීම එකම අරමුණ කරගත් අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතා දහනායකගේ නියමුවාද, උපදේශකයාද, වධකයාද වූයේය.”

දහනායක පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමා ඉවත් වන බව දැන්වීය. ශ්‍රීලනිපය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිනොගෙන ඔහු පක්ෂයෙන් ඉවත් කළේය. ඒ තරහට ඔහු බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ඉවත් කොට පස්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගත්තේය. ඔහුගේ නව පක්ෂයේ නම වූයේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය. 1960 මාර්තු මහ මැතිවරණයට ඔහු තරග වැදුණේ එම පක්ෂයෙනි. රටම මවිතයට පත්කරමින් ඔහුත්, ඔහුගේ පක්ෂයත් මැතිරණයේදී අන්ත පරාජයකට පත්විය. ඔහුගේ පක්ෂයෙන් කිසිවෙක් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ නැත.
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අගමැතිත් සමග ඇමැති මණ්ඩලයම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවේ පළමු ඇමැති මණ්ඩලය එය විය. ඔහු ඇමැති ධුරවලින් පන්නා දැමූ බණ්ඩාරනායකවාදී ශ්‍රීලනිප ඇමැතිවරු ශ්‍රීලනිපයෙන් තරග කොට තේරී පත්විය.

දහනායකට වගේම ඇමැති මණ්ඩලයක් දහනායක වගේ අගමැති වී පසුව ජනාධිපති වූ රනිල්ට සිටී. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා ඇමැතිවරුන්ට පක්ෂයක් නැත. ඊළඟ මහ ඡන්දයේදී තමන් තරග කරන්නේ මොන පක්ෂයෙන්ද කියා මේ ඇමැතිවරු දන්නේත් නැත. මේ ඇමැති මණ්ඩලයේ ඉන්නා සමහරක් වගේම රටේ ජනාධිපතිද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය. ඔවුන් ඊළඟට පාර්ලිමේන්තු එන්න ජාතික ලැයිස්තුවක් සොයා ගන්නේ කෙසේද කියා ඔවුන්වත් දන්නේ නැත.

දිනේෂ් ගුණවර්ධනට පක්ෂයක් තිබේ. ඒ, මහජන එක්සත් පෙරමුණය. මහජන එක්සත් පෙරමුණ අවසන් වරට ඡන්දයකට තනිවම තරග කළේ 1994 මහ මැතිවරණයය. 1994 මහ මැතිවරණයට දිනේෂ්, බන්දුල රෝදය ලකුණ යටතේ තරග කළහ. එම මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ අන්ත පරාජයකට පත්විය. දිනේෂ් සහ බන්දුලටත් ඇප නැති විය. චන්ද්‍රිකා කොටි දෙනක් කියා සිංහල බෞද්ධ ජාතිවාදය අවුස්සා ඡන්දය ඉල්ලා අන්ත පරාජයකට පත්වූ මහජන එක්සත් පෙරමුණ 2000 මහ ඡන්දයේදී යළි චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ සන්ධානගත වී ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්විය. අද වනවිට මහජන එක්සත් පෙරමුණ කියා පක්ෂයක් තියෙන්නේ නමටය. දිනේෂ් සහ මහජන එක්සත් පෙරමුණ ඡන්දය ඉල්ලුවොත් වෙන්නේ 1994 මහ ඡන්දයේදී වෙච්ච දේමය.

අනෙක් හැමෝම ඉන්නේ එල්ලෙන්න වැලක් නැතිවය. සමහරු පොහොට්ටුව රනිල්ව ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යැයි කියති. තවත් සමහරුන් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. මේ ඇමැති මණ්ඩලය ගෝඨාභය පත්කර ගත්තේ අරගලයට බයේය. ගෝඨාගේ කලින් ඇමැති මණ්ඩලයේ හිටියේ පොහොට්ටු පතාකයන්ය. අරගලයෙන් ඔවුන්ට දැඩි විරෝධතාවක් එල්ල විය. ඒ වෙනකොට ගෝඨාගෙන් ඇමැති ධුරයක් ඉල්ලා එය නොලැබ කෝපයට පත් සුසිල් ප්‍රේමජයන්ත දෙල්කඳ පොළේ ගිහින් බඩු මිල වැඩි යැයි කියා ගෝඨාව විවේචනය කළේය. විජයදාස රාජපක්ෂද ගෝඨාගෙන් ඇමැතිකමක් නොලැබී ගෝඨාගේ ආණ්ඩුවට රිදෙන්න ගැහුවේය. කංචන විජේසේකරලා හිටියේ නාමල්ලා එක්කය. ප්‍රසන්න හිටියේ බැසිල්ලා එක්කය. ගෝඨා අරගලයට බයේ පොහොට්ටු පතාකයන්ගේ කැබිනට් මණ්ඩලය අහෝසි කොට ඔහුට බැණ බැණ ගිය අයව එක්කොට ඇමැති මණ්ඩලය හැදුවේ අරගලයෙන් බේරී ජනාධිපතිකම බේරාගන්නටය. ඒ අතර නාමල්ගේ කීමට කංචනවත්, බැසිල්ගේ කීමට ප්‍රසන්නවත් ඇමැති මණ්ඩලයට ගත්තේය. ගෝඨා ඉවත් වූ විට මේ ඇමැති මණ්ඩලය හොල්මන් විය. නායකයෙක් නැති පක්ෂයක් නැති මේ අනාථ වූ අසරණ වූ ඇමැති මණ්ඩලය තියාගන්න රනිල් කැමැති වූයේ රනිල්ටත් තමාගේ පක්ෂයෙන් සිටියේ එක මන්ත්‍රීවරයෙක් වූ නිසාය. මේ ඇමැති මණ්ඩලයම පසුගිය වසර දෙකේම කළේ සිග්නල් කණු මෙන් අත් උස්සන එක විතරය. මේ ඇමැති මණ්ඩලය මුලින් හිතුවේ රනිල් මාර ගේමක් ගහලා තමන්වත් ගොඩ දමයි කියලාය. ඔවුන් හිතාගෙන හිටියේ රනිල් සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගිලලා එජාපයට යළි පණ දුන් පසු එජාප සන්ධානයට එකතු වෙන්නටය. ඒත් දැන් දැන් රනිල් එක්ක ගිහින් තමන්ටත් යනඑන මං නැති වන බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ. රනිල්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා රනිල් දිනවන්න ගිහින් රනිල් පරාජය වුවහොත් මේ හැමෝටම පාර්ලිමේන්තු යෑම හීනයකි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් පාර්ලිමේන්තු යන්න පක්ෂයක් සොයාගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරු වනු ඇත.

‘ඒ කියන්නේ දහනායකගේ ඇමැති මණ්ඩලයට වෙච්ච දේ මේ ඇමැති මණ්ඩලයටත් වෙයිද…?’

පේන්නේ නම් ඒ වගේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රීලනිපය ඇතුළේ ලියුම් හුටපටයකුත් පටන් අරන්! නිමල් සිරිපාල දේශපාලන මණ්ඩලය කැඳවන්න කියා ලියුමක් යවයි! එහෙම කරන්න බෑ කියලා වැඩබලන මහලේකම් ලියුමක් එවයි! ලොකු තීන්දුවක් ගන්න අද සියලුම ආසන සංවිධායකවරුන් ඩාලි පාරට කැඳවයි! I Sri Lanka Latest News

Next Post

පුටින්ට ලොකු ෂොට් එකක්! ගුවන් යානා 8ක් විනාශයි! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.