• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයදුම්පත් මිලියනයකින් හඳට යන්න යන අවසන් 17‌ට තේරුණු ලංකාවේ සඳලි! වියදම කෝටි 15,000ක්!

July 24, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
අයදුම්පත් මිලියනයකින් හඳට යන්න යන අවසන් 17‌ට තේරුණු ලංකාවේ සඳලි! වියදම කෝටි 15,000ක්!
Share on WhatsAppShare on Facebook

‘එන්න. අප සමග එක්වන්න, අප ඔබව සැබෑ ලෙසම ස්වර්ග ලෝකයට නොහොත් දිව්‍ය ලෝකයට ගෙනියනවා. මේ නොදුටු ලෝකයට යන්නට අපි එක් අසුනක් සඳහා ඔබගෙන් ඩොලර් මිලියන 150ක් අය කරනවා. ස්වර්ග රාජ්‍යයේ පය තබා එම මහා ආශ්වාදය ලබා ගැනීමට නම් ඔබ ඩොලර් මිලියන 750ක් වැය කළ යුතුයි. එය ඇත්තටම ‘දේව ආකාශගත’ අවස්ථාවක්. මෙය මිථ්‍යාවක් හෝ හාස්‍යයක් පිරුණු කතාවක් නෙවෙයි. හෙට අනිද්දාම අප මේ අපූරු ආශ්චර්යජනක සංචාරය සජීවීව මේ මිහිපිටදී සිදුකරනවා.’

කුමක්ද මෙලෙස ඇසෙන අරුම පුදුම කතාන්දරය? මෙසේ ඩොලර් මිලියන ගණනින් අය කරන්නේ කොතැනකට යන සංචාරයක් උදෙසාද? මෙය මෙලොව පෘථිවියේ කොතැනකටවත් සිදු කෙරෙන සංචාරයක් නොවේ. එසේ නම් මේ අරුම, පුදුම ගවේෂණය සිදුවන්නේ අප සැමදා ආදරය කරන ‘සඳ’ නොහොත් ‘චන්ද්‍රයා’ වෙතය. මෙයට හරියටම වසර 50කට පෙරදි අප පෘථිවියේ මිනිසුන් සඳමත පා තැබුවේය. එහෙත් ඒ එක්තරා සුවිශේෂී වූ මිනිසුන් පිරිසක් පමණි. එකල එසේ වුවත් අද වසර 50කට පසුව ඔබට අවශ්‍ය නම් සඳ ආසන්නයට හෝ සඳ මතට ගිය හැකිය. මේ විස්මිත ක්‍රියාව සිදුවීමට තවත් හරියටම ඇත්තේ වසර දෙකක් පමණි. එතැන සිට ඉදිරියටත් ඔබට අතේමිටේ යහතින් කාසිපනම් තිබේ නම් මෙම ආශ්චර්යජනක සඳ චාරිකාවට සම්බන්ධ විය හැකිය.

මෙතෙක් ලෝකයේ සඳ තරණය සඳහා සහභාගි වූයේ සුවිශේෂී පුද්ගලයන් පිරිසක් වුවත්, දැනට සිවිල් සමාජයේ සිටින සාමාන්‍ය මිනිසුන්ටද එම දුර්ලභ අවස්ථාව හිමිකර ගැනීමට මගපෑදී ඇත.
ඇමෙරිකාව ආශ්‍රිත කරගෙන සිදුකෙරෙන මෙම ‘සඳ සංචරණය’ ඉංග්‍රීසි බසින් ප්‍රකාශ වන්නේ ‘ලූනාර් ටුවරිසම්’ ලෙසිනි. මේ අනුව දැනට ඇමෙරිකාවේ තිබෙන අභ්‍යාවකාශ සමාගම් තුනක් මෙම මහා කාර්යය සඳහා කටයුතු ලකලැහැස්ති කරමින් සිටියි. මෙය සැබෑ ලෙසම ඉතා දිර්ඝ කතාවකි. එහෙත් එහි දැනට ප්‍රකාශිත අපූරු වගතුගක් වන්නේ, මෙම සංචාරයක් සඳහා සහභාගි වන සිවිල් සමාජ පුද්ගලයකුගෙන් අය කරනු ලබන මුදල් ප්‍රමාණය සඳහන්ව තිබීමය. එනම් සඳට සමීපව සඳ වටා සංචරණය සිදුකිරීමට නම් එක් අසුනක් සඳහා ඩොලර් මිලියන 150ක් නොහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 30,000ක් අය කෙරෙයි. මෙය රුපියල් කෝටි 3,000ක මුදලකි. යමෙකු සඳ මතට ගොඩබැසීමේ සංචරණය සිදුකරන්නේ නම් ඒ සඳහා අය කිරීම ඩොලර් මිලියන 750ක් නොහොත් රුපියල් මිලියන 1,50,000 (එක් ලක්‍ෂ පනස්දහසක්) කි. මෙය රුපියල් කෝටි 15,000ක මුදලකි. මෙම ගණන් හිලව් ගැන කෙසේ අප සිතා ගන්නද? එහෙත් එය දැනට ප්‍රකාශිත සත්‍යයකි. අප සැමදා කවි, ගීත ලියන ‘සුන්දර සඳ’ ගැන ඇසෙන මේ විස්මිත කතාව ඔබට මා මුලින්ම ලියා තැබුවේ, පසුගියදා අපගේ ලක් පොළොවෙන් අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂී කතාවක් හෙයිනි.

කුමක්ද මේ පසුගියදා අපට අසන්නට ලැබුණු අපූරු කතාන්දරය? එය එතෙර හරහා හඹාවිත් අප ලක් පොළොවට පතිත වූ වගතුගකි. සඳලි කුමාරසිංහ එම සුවිශේෂී නාමයයි. සියයට, සියයක්ම සිරිලක දියණියක් වූ ඇය තවද 20 වැනි හිරිමල් විය සපුරා සිටින සුකුමල යුවතියකි. එමෙන්ම අධ්‍යාපනය හදාරන සිසුවියකි. සඳලි කුමාරසිංහ දියණිය ගැන මෙසේ ආරංචි වූයේ අපූරු පුවතකි. එනම් ඇය සඳ තරණය කිරීම සඳහා ලක ලැහැස්ති වන වතගොතක් අසන්නට ලැබිණි. මෙය එක්තරා ආකාරයකින් දීර්ඝ කතාවකි. සඳලිගේ වත්මන් කතාව අසන්නට පෙර මෙම අතීත කතාව ගැන යමක් සොයා බැලිය යුතුය. මම මේ ලිපියේ ඔබට මුලින් ලියා තැබූ ‘සඳ සංචරණය’ නැවැත ඉදිරියට එන්නේ මෙතැනදීය. එනම් සිවිල් වැසියන් කිහිප දෙනෙකු රැගත් සඳ සංචරණයේ ප්‍රථම රොකට්ටුව ඇමෙරිකාවේ සිට අභ්‍යවකාශගත කිරීමට නියමිතව ඇත්තේ 2023 වසරේදීය. ඒ සඳහා දැනට වසර 03ක සිට සියලු කටයුතු සංවිධානය කෙරෙන අතර, මෙම ඉතිහාසගත අභ්‍යවකාශ ගමන සංවිධානය කරනු ලබන්නේ ඇමෙරිකාවේ සිටින ලොව සුප්‍රකට අභ්‍යවකාශ විශේෂඥයකු වන එලන් මස්ක් විසිනි.

එලන් මස්ක් යනු දැනට 50 වැනි වියෙහි පසුවන ඇමෙරිකාවේ සිටින අතිශය සුපිරි ධනකුවේරයෙකි. ඇමෙරිකානු ඩොලර් බිලියන 160.7ක සිතාගත නොහැකි මහා ධන සම්භාරයක් ඇති ඔහු විවිධ සමාගම් කිහිපයක අයිතිකරුවෙකි. මෙලෙස ඔහු සතු සුවිශාලතම සමාගමක් වන්නේ, අභ්‍යවකාශ රොකට්ටු සහ වෙනත් අභ්‍යවකාශ විද්‍යා උපකරණ නිපදවන ‘ස්පේස් – එක්ස් ආයතනයයි. මෙය කෙතරම් පිළිගත් ආයතනයක්ද කිවහොත් ඇමෙරිකාවේ නාසා රාජ්‍ය අභ්‍යවකාශ ආයතනයට පවා අවශ්‍ය වන රොකට්ටු සමහරක් නිෂ්පාදනය කරන්නේ එහිය. මේ ආකාරයට සඳ සංචරණයට 2023දී යෙදවීමට නියමිත රොකට්ටුව යටකී සමාගම මගින් නිපදවන අතර, එම සංචාරය සංවිධානය කරනු ලබන්නේද එම සමාගම විසිනි. මෙහිදී එම ගමන සඳහා විශේෂයෙන් පුහුණු කරනු ලැබූ සිවිල් වැසියන් 08 දෙනෙකු යොදවාගනු ලැබෙයි. එහිදී එම තෝරාගත් සංචාරකයන් වැය වන මුදල් ගෙවිය යුතුය. එම මුදල මා මෙහි ඉහතදී සඳහන් කළ ආකාරයේ මහා ධනයකි. පසුගියදා මෙලෙස මෙම රොකට්ටු ආසන විකිණෙන්නේ යැයි ප්‍රකාශ වූ විට සිදුවූයේ අපූරු සිදුවීමකි. මෙම කතාවේ හැරවුම් ලක්‍ෂ්‍ය පටන් ගන්නේ එතැන් සිටය.

මෙම රොකට්ටුවේ ආසන 08 විකිණෙන්නේ යැයි ප්‍රකාශ වී ගතවූයේ දින කිහිපයකි. අරුම, පුදුම මිනිසෙකු ඉදිරියට ආවේය. ඔහු ජපානයේ සිටින මහා ධන කුවේරයෙකි. නමින් යුසාකු මෙසාවාය. දැනට තවද 45 වැනි වියෙහි පසුවන ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය වන්නේ නිමි රෙදිපිළි ව්‍යාපාරයයි. ඔහු වහා ඇමෙරිකාවේ එලන් මාස්ක් අමතා ප්‍රකාශ කර සිටියේ, තමන් 2023 සඳ සංචරණ රොකට්ටුවේ ආසන 08 මිලදී ගන්නා බැව්ය. ඒ ප්‍රකාශ කලා සේම කෙටි දිනකින් අවශ්‍ය මුදල් ගෙවා එම රොකට්ටුවේ ආසන 08ම වෙන්කරවා ගත්තේය. එතැනින්ද යුසාකු මෙසාවා නැවැතුණේ නැත. ඔහු ලොවටම ප්‍රකාශ කර සිටියේ ඔහුද මෙම සඳ ගමනට සහභාගී වන අතර, ඉතිරි අසුන් 07 ලෝකයේ විවිධ රටවල තෝරාගත් පිරිස්වලට නොමිලයේ ප්‍රදානය කරන බැව්ය. ඒ සඳහා තමන් විසින් ලෝකයේ සෑම රටකින්ම අයැදුම්පත් කැඳවා සාධාරණ තරගයක් මගින් පිරිස තෝරාගන්නා බවටද ප්‍රකාශ කළේය. ඒ අනුව ජපානයේ යුසාකු මෙසාවා සහ ඇමෙරිකාවේ එලන් මස්ක් එකතුව මෙම සුවිශේෂී තරගාවලිය පවත්වන්නට කටයුතු කළේය.

මෙම සුවිශේෂී ඉතිහාසගත ජාත්‍යන්තර තරගාවලිය හඳුන්වා දුන්නේ ‘ඩියර් මූන්’ නොහොත් ‘ආදරණීය සඳ’ යන නාමයෙනි. මෙම තරගය පසුගිය 2021 මාර්තු මාසයේදී අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්වූ අතර, ඉතාමත් කෙටි කාලයකදී මේ සඳහා ලොව රටවල් 249කින් අයැදුම්පත් මිලියනයකට (ලක්‍ෂ 10ක්) අධික ප්‍රමාණයක් ලැබිණි. මෙලෙස මහා අයැදුම්පත් කන්දරාවක් මගින් නිසි අයැදුම්කරුවන් තේරීම අතිශය උග්‍ර ප්‍රශ්නයක් විය. මේ නිසා අදියර 05කින් සුදුස්සන් තෝරා ගැනීමට විනිශ්චය මණ්ඩල තීරණය කරන ලදී. ඒ සඳහා මූලික ආවරණයන්, පැවරුම් ලබා දීම්, මාර්ගගත සම්මුඛ සාකච්ඡා, අවසාන සම්මුඛ සාකච්ඡා, ප්‍රායෝගික පරීක්‍ෂණ සහ වෛද්‍ය පරීක්‍ෂණද අයත් විය. ඒ අනුව මෙය ඉතාමත්ම දුෂ්කර තරගාවලියක් විය. දැන් ඔබට යමක් පැහැදිලි වනු ඇතිය. මම ඔබට මෙයට මඳකට පෙර සඳලි කුමාරසිංහ නම් දියණියගේ වත්මන් කතාව පවසන්නට පටන්ගෙන මඳකට නවතා තැබුවෙමි. එසේ නම් දැන් නැවැත එම කතාව අසා සිටිමු. ‘සඳ’ සිහිගන්වන පියකරු මෙන් නමක් ඇති ‘සඳලි’ හෙට අනිද්දාම ‘සඳ’ තරණය කරන්නේ කෙසේද?

‘ඩියර් මූන්’ ආදරණීය සඳ සංචරණය සඳහා පසුගියදා පැවැති තරගාවලියට ලැබුණු අයැදුම්පත්‍ර මිලියනයකට අධික ප්‍රමාණය අතරේ අපගේ ශ්‍රී ලංකාවේ සඳලි කුමාරසිංහගේ අයැදුම්පතද විය. තරගයේ ආරම්භයේ සිට මාස 03කට ආසන්න කාලයක් පුරා ඉල්ලුම්පත් මිලියනය අතරින් සුදුස්සන් තෝරන්නට විය. එම ක්‍රියාවලිය මිලියනයෙන් ලක්‍ෂ ගණනකට වැටී, එතැනින් දසදහස් ගණන්වලට වැටී දහස් ගණන්වලටද වැටෙන්නට විය. පුදුමයකි. දහස් ගණන්වලට වැටෙන විටද අපගේ සඳලි දියණිය ජයග්‍රාහිකාවක් වන්නට වාසනාවන්ත විය. එතැනින් තව, තවත් තරගකරුවන් දහස් ගණනින්, සිය ගණන්වලටද වැටෙන්නට විය. තරගය තවද නැවැතුණේ නැත. සියගණන් සියයට අඩු දහසේ සංඛ්‍යාත බවටද පත්වන්නට විය. මහත් විස්මයකි. ශ්‍රී ලංකාවේ සඳලි දියණිය එම පිරිසටද අයත්වන්නට තරම් මහා වාසනාවන්තියක වූවාය. එනම් මෙම මහා ජාත්‍යන්තර තරගයේ අවසාන 17 දෙනා අතරට පැමිණීමට සඳලි කුමාරසිංහට වාසනාව හිමිවී ඇත. සඳ සංචරණය සඳහා තෝරා ගන්නා අවසාන 08 දෙනා තෝරාගනු ලබන්නේ මෙම 17 දෙනා අතරින්ය.

මෙය සැබෑ ලෙසින්ම අතිශයින්ම දුර්ලභ වූ කතාන්දරයකි. ලෝකයේ රටවල් 249කින් ඉදිරිපත් වූ මිලියනයකට අධික තරගකරුවන් අතරින් මෙසේ සඳලි දැන් අවසාන 17 දෙනා අතරට තේරී පත්වී සිටියි. තවත් නුදුරු දිනයකදී අවසාන 08 දෙනා තෝරා ගැනීම සිදුවෙයි. මෙතරම් ජයග්‍රහණයක් ලැබීමට සඳලිට වටපිටාව සැකසුණේ කෙසේද? එයද විශේෂ වගතුගකි. එනම් ඇය නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිට තාරකා විද්‍යාවට සහ අභ්‍යවකාශ විද්‍යාවට මහත් උනන්දුවක් තිබුණු සිසුවියකි. 2019 වසරේදී සඳලි ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාවක් හැදෑරීම සඳහා අයැදුම් කළාය. එයද ලෙහෙසියෙන් ජයගත හැකි කඩඉමක් නොවීය. කෙසේ හෝ පියවර කිහිපයකින් පසුව ඇය නාසා ආයතන පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබුවාය. ඇයට මෙසේ ලැබුණේ ඉතා දුර්ලභ ශිෂ්‍යත්වයක් වුවත්, ඒ සඳහා අමතරව තවත් වැය කළ යුතු මුදලක්ද විය. මෙය දරා ගැනීමට සඳලිගේ පවුලේ උදවියට නොහැකි විය. ඒ හෙයින් ඔවුන් වෙනස් පිහිටක් පතන්නට තීරණය කළේය.

ඒ අනුව සඳලි කුමාරසිංහ සිසුවිය තමන් මුහුණ දී සිටින අපහසුතාවය ගැන එවකට ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ප්‍රකාශ කර සිටියාය. ජනාධිපතිවරයා වහා ඇයට තමන් පැමිණ හමුවන්නට උපදෙස් ලබාදුන් අතර, ඇයට අවශ්‍ය උපකාර ලබා දීමට එම හමුවේදී ජනාධිපතිවරයා පොරොන්දු විය. ඒ අනුව ඇය 2019 වසරේදී ඇමෙරිකාවේ ‘නාසා’ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීම සඳහා පිටත්ව ගියාය. ඇය එම පාඨමාලාව සාර්ථකව හදාරන ලද අතර, ඇය ‘ඩියර් මූන්’ තරණය සඳහා අයැදුම් කළේ මේ අතරවාරයේදීය. කෙසේ හෝ ඇයගේ මෙම උසස් පාඨමාලාව, එම තරගයේ ඇය ඉදිරියට ගෙනයෑමට සමත් වී ඇත. පසුගියදා සඳලි මෙම ලබා ඇති ජයග්‍රහණය ගැන ප්‍රකාශ කිරීමටත්, විශේෂ ස්තුතියක් පළ කිරීම සඳහාත්, ඇය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. එහිදී ඔහු සඳලි වෙත සුබපතා, සඳ තරණය කිරීමේ අවසාන 08 දෙනා අතරට පත්වීමේ භාග්‍ය හිමිවේවා යැයි ප්‍රාර්ථනය කර ඇත.

තවද වයස අවුරුදු 20ක් වන සඳලි කුමාරසිංහ දියණිය මේ පැමිණ ඇත්තේ තමන්ගේ ජීවිතයේ සුවිශේෂී දිනුම් කණුවක් කරාය. ශ්‍රී ලාංකික තරුණ සිසුවියක ලෙසද, මේ වන විට ඇය පෙන්වා ඇති දස්කම් බොහෝය. ලෝකයේ තිබෙන මොනයම් උසස් පිළිගත් වෘත්තියකට හෝ පිවිසීමට යමෙකුට හැකි වුවද, ගගනගාමියකු හෝ අභ්‍යවකාශ පර්යේෂකයකු හෝ වීමට හැක්කේ කාහටද? එය සැබැවින්ම ඉතාමත්ම දුර්ලභ කතාන්දරයකි. සඳලි දැන් එම දුර්ලභ අවස්ථාවට පිවිසෙමින් සිටින්නීය. 2019 වසරේදී සඳලි නාසා ආයතනයේ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ගිය පසුව, ඇය ඉංග්‍රීසි පුවත්පතක් සමග කළ කෙටි පිළිසඳරකින් මෙම අදහස් ලියා තැබුවේය.

‘ගගනගාමියකු වීමේ සිතුවිල්ල බොහෝ විට පාසල් වියේ සිසුවියකට ඇති වන්නේ නැහැ. එය ඉතාමත් දුර්ලභ අවස්ථාවක්, ගගනගාමියකු වන්නට ඕනෑ යැයි ඔබට සිතුණේ කෙසේද?’
‘පාසලේ සිටින කාලයේදී සිටම මම තාරකා විද්‍යාවට ඉතාමත් ආශා කළා. සඳ, තරු, පියාඹන පීරිසි, පිටසක්වළ ජීවීන්, අභ්‍යවකාශ යානා ආදිය ගැන මම නිතර කියවන්න, තොරතුරු සොයන්න ගත්තා. ඒ තමයි ආරම්භය.’

ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනයේ ගගනගාමී පාඨමාලාවක් හැදෑරීමට ඔබට දුර්ලභ අවස්ථාවක් ලැබුණේ කෙසේද?
එය ඇත්තටම මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්. ඒ වගේම මගේ වාසනාවක්. මගේ වයස එතකොට අවුරුදු 18යි. මම නාසා ආයතනයට මේ සඳහා අයැදුම් කළා. ලෝකයේ සිසුන් අති විශාල පිරිසක් මේ සඳහා අයැදුම් කරනවා. එහෙත් තෝරා ගන්නේ ඉතාමත් සීමිත කණ්ඩායමක් පමණයි. කෙසේ හෝ මට ඒ අවස්ථාව ලැබුණා.

ඔබ මේ විෂය ඉදිරියේදී වැඩිපුර අධ්‍යාපනය සඳහා යොදාගන්නේ කෙසේද?
අභ්‍යවකාශ විද්‍යාව ගැන මම ඉදිරියේදී විදෙස් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු ‘නාසා’ වැනි ප්‍රධාන පෙළේ ආයතනයක සේවය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබ ගගනගාමියකු වී සඳට හෝ වෙනත් ග්‍රහ ලෝකයකට යෑමේ සිහිනය සැබෑකර ගන්නවාද?
ඔව්, සත්තකින්ම එය සිදුවේවි.

ජීවිතය සැබෑ ලෙසම මහත් පුදුමයකි. දැන් සඳලි සිටින්නේ සඳෙහි දොරකඩ ඉදිරියේය. ඇයට දැන් ඇත්තේ සඳට තම දෙපා තබන්නට පමණි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොළඹ මහමන්දිර ඇතුළේ මහා මෙහෙයුමක්!

Next Post

මරික්කාර්ගේ ප්‍රශ්නයෙන් විමල් මහින්ද එක්ක තරහා වෙලා!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.