ලංකාවෙ කොල්ලො කෙල්ලො ටිකක් කරපු අරගලය ගැන දැන් වෙද්දී මුළු ලෝකෙම දන්නවා. ඒ සම්බන්ධව විවිධ කයි කතන්දරත් තැන් තැන්වල පැතිරෙනවා. සමහරු මේකට හරි කැමැතියි. සමහර අය කියන්නේ ලංකාවෙ දේශපාලනයෙ තිබිච්ච ජරාජීර්ණ බව යම් තරමකට හෝ ඉවත් කරන්න මේගොල්ලන්ට පුළුවන් වුණා කියලා. ඒ නිසා ඒ ගැන සතුටු වෙන මිනිස්සු නිතරම මේ අරගලයට සම්බන්ධ කොල්ලො කෙල්ලො වීරයො කියලා තමයි කියන්නේ.
ඒ අතරතුරේ පහුගිය වතාවෙ මේ සිද්ධ කරපු සිදුවීමත් එක්ක රටේ ඇතිවෙච්ච ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවට අද වෙනකොට බොහෝ දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉවරයි. සමහර තැන්වල සිද්ධ කරපු පහරදීම්, නිවාස කැඩීම්, ගිනිතැබීම් වගේ දේවල් අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒක හොඳයි කියන අය හිටියත්, නරකයි කියන අය හිටියත් මේ කඩපු බිඳපු දේවල් සියල්ල අපි අනුමත නොකරන බව බොහොම විවෘතව කියනවා. ඒ අතරතුරේ අරලියගහ මන්දිරයට එක පිරිසක් ඇතුළු වුණා හදිසියේම. තව පැත්තකින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වුණා. මේ සියල්ලටම ඇතුළු වුණා. එලෙස ඇතුළු වෙන්න නොදී විශාල ආරක්ෂක වැටක් ක්රියාත්මක කළා. නමුත් සාර්ථක වුණේ නෑ. අපේ රටේ තරුණ තරුණියො ඇතුළු වුණා. ඇතුළු වෙලා සමහරු ස්විමිං පූල් එකේ බැහැල නෑවා. තවත් සමහරු ජනාධිපතිතුමාගෙ නිල ආසනයේ ඉඳගෙන පින්තූර ගැහුවා. සමහරු ජනාධිපතිතුමාගෙ කොඩිය ඇඳගෙන හිටියා. සමහර දේවල් කඩාබිඳ දැමීම් ආදී දේවල් කොහොම නමුත් මේ කාරණාව අපි පහුගිය දවසක දැක්ක විදියටම මෙන්න දැන් ඉරාකයේ ජනාධිපති මන්දිරයෙදිත් අපි දකිනවා. ඉරාකයේ ජනාධිපති මන්දිරයටත් කඩාපැනපු තරුණ අරගලකරුවෝ අර විදියටම ස්විමිං පූල් එකේ බැහැලා නානවා. හැබැයි දැන් ලංකාවෙ වෙච්ච වැඩේ ඉරාකයෙත් වෙයිද කියලා අපට පුළුවන් බලාගෙන ඉන්න. ඒකට හේතුව ලංකාවෙ නම් බැහැලා නාපු, කොඩිය ගත්ත සියලු දෙනා දැන් අත්අඩංගුවට ගනිමින් ඉන්නේ. මේ විදියට ඇතුළු වුණු බොහෝ දෙනෙක් සම්බන්ධව පරීක්ෂණ කරමින් යනවා. ඒ පරීක්ෂණ කටයුතු අතරතුරේදී බොහෝ විට ඊට සම්බන්ධ තරුණ තරුණියෝ එක්කෙනා දෙන්නා අත්අඩංගුවට ගැනීම මේ වන විට සිද්ධ වෙලා ඉවරයි. සමහරුන්ට ඇප දීලත් ඉවරයි. සමහරුන්ව දැන් හොයනවා. ඉරාකයෙත් එහෙම වෙයිද? ඉරාකයෙත් එකම දේ එකම විදියට වුණාට පස්සේ රටවල් කිහිපයක මේ සම්බන්ධව ගන්න පියවර මොනවද කියලා අපට බලාගෙන ඉන්න පුළුවන්. ඇමෙරිකාවෙත් ඔය වගේ සිද්ධියක් වුණාය කියලා කියනවනෙ. ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච අය තවමත් අත්අඩංගුවේ කියලයි කියවෙන්නේ. අපි දන්නෙ නෑ ඒවායෙ ඇත්ත නැත්ත. කොහොම නමුත් අපි බලාගෙන ඉන්නවා ඉරාකයෙ සිද්ධිය කොහොමද අනාගතේ විසඳෙන්නේ කියලා.
ඉරාකයෙත් අපේ වගේම ඇඳිරිනීතිය එහෙමත් දැම්මා. ඒත් අරගලකාරයො ඒ කිසිම දෙයක් තඹයකට මායිම් නොකර රජයෙ ගොඩනැගිලි අල්ලා ගත්තා. ඇත්තටම මේ පින්තූර සහ වීඩියෝ දකින අතරෙ දැනෙන්නෙ ලංකාවෙ ජනාධිපති මන්දිරය වගේමයි. මෙහෙ වගේම එහෙත් මෝඩයෝ ඉන්නවා කියලත් හිතෙනවා. ගහලා වෙඩිතියල කඩලා බිඳලා බලය අල්ලා ගැනිල්ල එහෙ කට්ටියට බොහොම හුරු පුරුදුයි. ඒක තමයි ඉරාකයේ විදිය.
කොහොම වුණත් කමක් නෑ, නාල එන්ටකෝ….

ජීවන පහන් තිළිණ










