• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ තෙල් හරක් සහ හොරු! Sri Lanka Latest News

March 7, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ තෙල් හරක් සහ හොරු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රට පුරාම තෙල් පෝලිම්. තැන් තැන්වල මිනිස්සු පාරේ අසරණ වෙලා. පවු මේ මිනිස්සු, තෙල් ටිකක්වත් දීගන්න බැරි ආණ්ඩුවක් මේක. මේ ආණ්ඩුවට කරන්න බැරිනම් පුළුවන් කෙනකුට දීලා නිකන් ඉන්න ඕනේ. මොකද මේ මිනිස්සුන්ට තෙල් ටික දෙන්න බෑ කියලා කියන්නේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවද….?’Sri Lanka Latest News

සමහර විට ඔබ හිතයි අපි මේ ලිපියේ එහෙම කතාවක් කියනවා ඇති කියලා. මොකද අපි මේ ආණ්ඩුවේ වැරදි දැක්ක දුටු තැන විවේචනය කරන පත්තරයක්. අපිට මේ ආණ්ඩුවත් එක්කවත්, දේශපාලකයොත් එක්කවත් ඇයි හොඳයියක්, යාළු මිත්‍රකමක් නෑ. අපිට දේශපාලකයන්ගෙන් ගොඩයන්න වුවමනාවකුත් නෑ. අපේ ආයතනයටවත්, ලියුම්කරුටවත් මේ දේශපාලකයොත් එක්ක වෙන වෙන ඩීල් නෑ. පවතින ආණ්ඩුවේ රැල්ලට ගිහිල්ලා ගේම ගොඩදාගෙන තව මාස හය හතකින් මොකක් හරි අනුකමිටුවකට රිංගලා පොඩි සෙල්ලමක් දාගන්න වුවමනාවෙන් ලිපි ලියන්නේ නෑ අපි.

හැබැයි නෝනාවරුනි මහත්වරුනි, මේ වෙලාවේ අපිට එහෙම මේ ආණ්ඩුවට බණින්න තරම් තුට්ටු දෙකට වැටෙන්න බෑ. මේ තෙල් පෝලිම් ප්‍රශ්නය දිහා එළියේ ඉඳන් බලන මිනිස්සු විදිහට අපි මේක දකින්නේ ආණ්ඩුවේ වැරැද්දක් විදිහට නෙමෙයි. ලෝකේ කොහේ හරි තැනක බෝම්බ පුපුරන කොට, ඒ බෝම්බ පුපුරන්නෙත් තෙල් තියෙන රටවල්වල වුණාම, තෙල් ලෝකයට ලබාදෙන රටවල් ටික ඔක්කොම මේ යුද්ධයට පැටළුණාම, මුළු ලෝකයටම තෙල් අර්බුදයක් නිර්මාණය වෙන එක අහන්න දෙයක් නෙමෙයි.
ලෝකයේ තෙල් සැපයුමෙන් 60% – 70%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලෝකයේ රටවල් වෙත එන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නම්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට හදිසියේ තීරණ ගත්තා නම්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා එන තෙල් නැව්වලට පහර දෙන්නට තීරණය කළා නම් ලෝකයේ තෙල් අර්බුදයක් එන එක ආයේ අහන්න දෙයක් නෙමෙයි. ඒක අපේ රටේ ජනාධිපතිටවත් අපේ රටේ තෙල් සම්බන්ධ අමාත්‍යවරුන්ටවත් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකයේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවෝ තමන්ගේ තෙල් ළිං දින නියමයක් නැතුව වහලා දාන්න තීරණය කරනකොට ලෝකයේ තෙල් අර්බුදයක් එන එක නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

හැබැයි තවමත් ඔය කියන සියලු දේ සිද්ධ වෙලාත් අපේ රටේ තෙල් අර්බුදයක් වෙලා නෑ. අපේ රටේ ඉන්න වගකීමක් ඇති අමාත්‍යවරු පුන පුනා කියනවා දවස් 30කට 40කට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය තියෙනවා කියලා. ඒගොල්ලෝ කරන්නේ මේ වෙලාවේ හරිම අසීරු වැඩක්. මේ තෙල් අපිට නොලැබුණා කියලා, අපිට තෙල් හිඟ වුණා කියලා, තෙල් අවශ්‍යයි කියලා අපේ රටේ ළිං හාරලා තෙල් ගන්න බෑ. දේශපාලකයෝ කොච්චර ප්‍රබල වුණත් ලෝකයේ වෙන රටකට ගිහිල්ලා ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට යනවා වගේ තෙල් අරන් එන්න බෑ. ඒ නිසා තෙල් ප්‍රශ්නය දරුණු වෙනවා නම් ඒ දරුණු වෙන්නේ ආණ්ඩුවේ වැරැද්දකින් නෙමෙයි. තෙල් ප්‍රශ්නය දරුණු වෙනවා නම් ඒක වෙන්නේ අපිට විතරකුත් නෙමෙයි. තෙල් අර්බුදය මුළු ලෝකයටම එක මොහොතක, එක වෙලාවක එන්න නියමිතයි.

ඇත්තටම තෙල් ප්‍රශ්නයක් එයි. හැබැයි ඒ හෙට නෙමෙයි, අනිද්දට නෙමෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ මිනිස්සු ටික ඉරානයට පළමුවැනි පාර ගැහුව ගමන් තෙල් පෝලිම්වල තෙල් ගහගත්තා. වාහනවල තෙල් පුරෝගත්තා. ප්‍රශ්නයක් නෑ. වාහනවලට විතරක් නෙමෙයි කෑන්වලට, ලීටර් පහේ බෝතල්වලට, ගෙවල්වල තියෙන ටැංකිවලට, බැරල්වලට තෙල් පුරවා ගත්තා. මේ පුරවා ගත්ත තෙල් පරිභෝජනය කරන්න පුරවා ගත්ත ඒවාත් නෙමෙයි. සමහර අය තෙල් පුරවා ගත්තේ විකුණන්න. එතකොට සිද්ධ වෙච්ච ප්‍රශ්නය තමයි මේ විදිහට තෙල් එකතු කරලා, තෙල් රැස් කරලා, තෙල් ළඟ තියාගන්න ගියාට පස්සේ අර දවස් තිස් ගානකට ආණ්ඩුව ගණන් හදපු තෙල් ප්‍රමාණය දවස් 15කින්, දවස් 10කින් ඉවර වෙන එක ආයේ අහන්න දෙයක් නෙමෙයි. දවස් 30කට 40කට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය අපි දවස් 5කින් 6කින් එකතු කරගෙන ගෙවල්වල පුරවාගෙන වාහනවල පුරවාගෙන ඊට පස්සේ ආණ්ඩුවට බැණලා වැඩක් නෑ.

අපි දැක්කා ෂෙඩ් එකක මනුස්සයෙක් කියනවා මේ විදිහට තෙල් ගැහුවොත් එහෙම තෙල් බවුසර්වලින් නෙමෙයි නැවක් ගෙනාවත් තෙල් ගහලා ඉවර කරන්න බෑ කියලා. ඒකට හේතුව යනවා තෙල් ගහගන්නවා, තෙල් ටික අදිනවා, ආයේත් ඇවිල්ලා තෙල් ගහගන්නවා, තෙල් ටික අදිනවා, ආයෙත් තෙල් ගහගන්නවා. ලියුම්කරු මේ ලිපිය ලියන අවස්ථාවෙදිත් විශාල ප්‍රමාණයක් ප්‍රවෘත්ති එනවා අතනින් තෙල් ඇල්ලුවා, මෙතනින් තෙල් ඇල්ලුවා, මෙතන තෙල් එකතු කරන් ඉඳලා ඇල්ලුවා, අතන තෙල් එකතු කරන් ඉඳලා ඇල්ලුවා කියලා.

ඇත්තටම මේ වෙලාවේ අපි කරන්න ඕනේ මේ තෙල් ප්‍රශ්නය නිරාකරණය කර ගන්නකම් අපේ ගමන් බිමන් ටික අඩු කරලා, තෙල් එකතු කරන එක නතර කරලා, තෙල් නැති අයට තෙල් ලැබෙන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදලා හැමෝම තමන් ගාව තියෙන තෙල් ටික පරිභෝජනය කරන එක. ඒක කවදා වෙනකම්ද කියලා අපි දන්නේ නෑ. කොහොම හරි ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්, තෙල් අර්බුදයක් එන්න පුළුවන්. හැබැයි ඒක ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ආණ්ඩුව වැරදි නෑ. පෝලිම් රට ඇතුළේ ඇති වුණා කියන එකට මේ මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරලා මේ මිනිස්සු අපහසුතාවට පත්කරන්න එපා. ආණ්ඩුවත් නිකන් ලකුණු දාගන්න දඟලන්න ඕනේ නෑ මේ අපි තෙල් දුන්නා අරෙහෙ මෙහෙ කියලා, මොකද මේගොල්ලෝ මේ වත්තේ හම්බවෙන පොල්වලින් තෙල් හිඳලා වාහනවලට ගහන්න පුළුවන් ලෙවල් එකට සමහර තැන්වලදී කතා කරනවා. එහෙම එකක් නෑ. එහෙම කරන්නත් බෑ. අපිට තෙල් ප්‍රශ්නය විසඳන්න කිසිදු සරල ක්‍රමවේදයක් නෑ.

ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි තෙල් ප්‍රශ්නය එන්න පුළුවන්. හැබැයි තෙල් ප්‍රශ්නය ආවත් නොආවත් අපි මේ ප්‍රශ්නයෙදි ඉතාමත් පැහැදිලි මානසිකත්වයක් තියෙන, විනිවිද දකින දෑස් තියෙන මිනිස්සු වෙමු. පෝලිම්වල එකතු වෙලා තෙල් ටික එකතු කරගෙන අත්‍යාවශ්‍ය මනුස්සයාට තෙල් ටික නොලැබෙන තත්ත්වයක් නිර්මාණය නොකර ඉමු. ඔබේ වාහනයේ තෙල් තියෙනවා නම්, ඔබේ වාහනයේ පිරෙන්න තෙල් තියෙනවා නම් ඔබ එතැනින් එහා තෙල් හොයන්න මහන්සි වෙන්න එපා. මොකද ඒකට හේතුව තෙල් අර්බුදයක් ලෝකයේ ඇවිල්ලා මේ මුළු ලෝකයම එක මොහොතකදී නතර වුණොත් එදාට ඔබගේ ඔය වාහනයේ තියෙන තෙල් ටික ගහගෙන ඔබට කරන්න දෙයක් නැතුව යනවා. ඔබේ ආයතනයේ තෙල් තියෙන්නේ ඔබ ගාව විතරක් නම් අනිත් අයට එන්න බැරි නම් ඒ ආයතනයේ වැඩ කරන්න බැරිව යනවා.

රටවල් වහලා දාන්න වෙනවා. ලෝකය වහලා දාන්න සිද්ධ වෙනවා. ලෝකයට නිශ්ශබ්ද වෙලා සතියක් දෙකක් මාසයක් ඉන්න වෙයි සමහර වෙලාවට. එහෙම වෙලාවට ඔය එකතු කරගත්ත තෙල්වලින් ඔබට කරන්න දෙයක් නෑ. ඒක නිසා අපි මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා තම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට තියෙන තෙල් ටික විතරක් එකතු කරගෙන නිදහසේ ජීවත් වෙමු. ඇත්තටම අපිට පුළුවන් රටේ තෙල් අර්බුදයක් නිර්මාණය කරන්න. දවස් 30කට තියෙන තෙල් ටික දවස් 10කින් ඉවර කරන්න ඔබටයි මටයි පුළුවන්. ඒ කියන්නේ ඔබයි මමයි තෙල්වලින් ස්වයංපෝෂිත වෙලා අනිත් මිනිහා ගාව තෙල් නැති තත්ත්වයක් නිර්මාණය කරලා, ඒ මිනිහාට තෙල් ගහගන්න බැරි තරමට ඒ මිනිහා අසරණ කරලා, රුපියල් 300කට ආසන්න මුදලකට තියෙන තෙල් ලීටරය රුපියල් දාහට දෙදාහට විකුණන්න හිතනවා නම් ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන මිනිස්සුන්ට හරියන්නේ නෑ.

ආණ්ඩුව අපහසුතාවට පත්වෙනවා කියලා කියන්නේ අපහසුතාවට පත්වෙන්නේ ආණ්ඩුව නෙමෙයි. අපහසුතාවට පත්වෙන්නේ රට, අපහසුතාවට පත්වෙන්නේ මිනිස්සු. මේගොල්ලෝ මොනවා හරි කියයි. මෙවැනි තත්ත්වයකදී ආණ්ඩුවකට අපි කරන්නත් ඕනේ උදව් කරන එක. මොකද රටක් විදිහට නෙමෙයි අපි ලෝකයක් විදිහට අර්බුදයකට යමින් ඉන්නේ. විශේෂයෙන්ම දකුණු ආසියා කලාපයම බරපතළ අර්බුදයකට හෙට දවසේදී මුහුණ දෙන්න නියමිතයි. ඒකට හේතුව අපි කවුරුත් ගාව තෙල් සම්පත් නෑ. ඉන්දියාව, සිංගප්පූරුව තෙල් ගෙනල්ලා පිරිපහදු කරලා තෙල් බෙදාහැරීම කරනවා. හැබැයි ඒගොල්ලෝ ගාව තෙල් ළිං නෑ. ඒ නිසා මේ පිරිපහදු කරන්න අවශ්‍ය කරන තෙල්වලින් විශාල ප්‍රමාණයක් එන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිද්ධ වෙන යුද්ධයේදී මේ තෙල් පිරිපහදුව සඳහා විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සෞදියේ තමන්ගේ තිබිච්ච ලොකුම තෙල් ළිඳ වහලා දැම්මා මේ ලිපිය ලියන්න දවස් කීපයකට කලින්. ඔබ ලිපිය කියවන්න සතියකට විතර කලින් විශාල තෙල් නිෂ්පාදන මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල වෙමින් තියෙනවා. තෙල් ළිඳක් ඇවිළුණොත් දවසක් දෙකක් නෙමෙයි සමහර වෙලාවට අවුරුදු ගණන් ඒ තෙල් ළිඳ ඇවිළෙනවා නිවා දාන්න බැරි තරමටම කියලා සාමාන්‍ය කතාවට කියනවා. ඒ නිසා ඒ අභියෝගයට මුහුණ දෙන්න ලෝකයේ කවුරුත් කැමැති නෑ. මැදපෙරදිග යුද ගැටුම් නිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැබැයි මතක තියාගන්න මෙවැනි තත්ත්වයකදී අපි කරන්නත් ඕනේ අපිට ලැබෙන සම්පත් ටික පරිස්සමට පරිභෝජනය කරලා මේ අර්බුදකාරී තත්ත්වය නිමාවෙන තෙක්, පාලනය කළ නොහැකි තත්ත්වය අවසාන වෙනකන් මේ සියලු දෙනාම සහයෝගයෙන් ජීවත් වෙන එක.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගාල්ලෙ ගහපු සබ්මැරීනයේ රහසක්! Sri Lanka Latest News

Next Post

මඩකළපු මුහුදේ හැංගුණු ඩොලර් නිධානය! ගොඩගත්තොත් රටම ගොඩ! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.