• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලැජ්ජා නැතිකමක මහත ඉන්දියාවේ තේ කඩ හිමියෙක් එකතු කරපු සල්ලි ගන්න ලංකාවේ ලොක්කො සූට් බූට් ගහගෙන කටුනායකට ගිහින්…

May 30, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
ලැජ්ජා නැතිකමක මහත ඉන්දියාවේ තේ කඩ හිමියෙක් එකතු කරපු සල්ලි ගන්න ලංකාවේ ලොක්කො සූට් බූට් ගහගෙන කටුනායකට ගිහින්…
Share on WhatsAppShare on Facebook

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සාගර පවුරෙන් වටය
මේ දිවයින මගෙයි මා ඉපදුණු රටය
ලොව අන් සියලු දිවයින් මේකට යටය

මහජනයාට විකුණන සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල බැගින් පාඩු වෙන බව අපට තෙල් බෙදන කාංචන ඇමැත්තාණෝ පසුගියදා කීහ.

“අප නිසා රජය රුපියලක් පාඩු කර ගෙන තෙල් බෙදන්න එපා, අපි ඒ රුපියලත් දෙන්නං” යන නිගමනයට එළැඹි අනුරාධපුර ප්‍රදේශවාසීහු ඉන්ධන ලබාගන්නා හැම කාංචන ඇමැත්ත තුමාට දීමට වැඩිපුර රුපියලක් ද දෙති. එය එකතු කෙරෙන්නේ ඒ සඳහාම වෙන්කර ගත් “කැටයකටය.” ඒ කැටය ඇමැත්ත තුමාණන් පදිංචි හම්බන්තොටටම ගෙනගොස් භාරදෙන බව කටයුත්ත කරටගෙන සිටින මහතා කියයි.

කාංචන ඇමැත්තානන්ට ඒ පරිත්‍යාගය භාරගැනීමේ උත්සවයට සහභාගිවීමට සිදුවන්නේ “ටයි-කෝට්, සූට් බූට්” ද ගසා ගෙනය. අවශ්‍ය නම් රතුපලස උඩින් යන්නේද කමක් නැත. කොඩි, දජ, සේසත් සහ ආතත, විතත, විතතාතත, ඝන සහ තුෂිර යන පංචතූර්ය නාදයෙන් සජ්ජිතව මැ යන්නේ නම් වටිනාකමද බෙහෙවි.

හැටනම ලක්‍ෂයක සහ තුනෙන් දෙකක මහජන වරමකින්, බලයට පත් ආණ්ඩුවක වැඩකාරයකු වන කාංචනට ඒ සඳහා අවසරද තිබේ. (He is permited)

ඉන්දියාවේ පාරක් පාරක් ගානේ ඇවිද හිඟා කෑ මුදලින් රුපියල් අසූතුන් ලක්‍ෂයක් දුන් හිඟන්නා (යාචකතුමා) සහ තම “පොකට්මනි” උපයා සපයා දුන් චීනයේ පාසල් දරුවන් සිහිකිරීමේ මන්තරයද එකසිය අටවරක් (108) මතුරමින් පියවර නගන්නේ නම් තවත් හොඳය. ඒ සා පරිත්‍යාග තව තවත් ලැබෙන්නට බැරිනැති හෙයිනි.

(තමිල් නාඩු ප්‍රාන්තයේ පමණක් නොව ජාත්‍යන්තරයේ සිටින “ලිංගික ශ්‍රමය” සපයන්නියන්ද එක් රාත්‍රියකදී උපයන ආදායමද ඒ අන්දමින් පරිත්‍යාග කරන්නට ඉදිරිපත්වනු නො අනුමාන බව සඳහන් කරනු කැමැත්තෙමු).

“කාංචන නවක අමාත්‍ය තෙමේ ටයි-කෝට්, සූට් බූට්” කොඩි, දජ, සේසත් ඇති වැ එසේ යා යුත්තේ මන්දැයි යන්න පැහැදිලි කළ යුත්තේ ඒ සඳහා බහුශ්‍රැත (ඇසූපිරූ තැන් ඇති) අත්දැකීම්වලින් පරිපාලක ජී. ඇල්. පීරිස් ඇමැත්ත තුමා ප්‍රමුඛ සෙසු ඇමැති ඝනයා දුන් පූර්වාදර්ශය නිසාය.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කැටකාර පරිත්‍යාශීලීන්ගේ පරිත්‍යාගය අත්පත්කර ගැනීම උදෙසා ගෞරවණීය ඒ පිරිස ගොස් සිටියෝ පස්වණක් ප්‍රීතියෙන් පින පිනා නොහොත් පුන පුනා “ටයි-කෝට්, සූට් බූට්” ගසාගෙනය. ඔය අන්දමේම අපට තෙල් (භූමිතෙල්ද සමග) බෙදූ ගම්මන්පිල ඇමැත්තානෝද ඉන්දියාවෙන් ණයට දුන් “තෙල්” ගන්නට වරායටම ගිය බව “ටැලිවිසොං” පෙට්ටියෙන් දුටිමු. අපට දුක ඒ ගමනට එතුමා ඇඳගෙන ගිය අපට ජාතික වටිනාකමක් ඇති ඇඳුම “පලිච්චි” (අවනම්බු) කිරීමය.
වන්නාටය.

මේ අපේ රටේ වර්තමාන හැටි සොබාවයයි. අනුරාධපුරේ ප්‍රදේශවාසීන් රුපියලේ පරිත්‍යාගය කරන්නේ ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ පාඩුව පිරිමැසීමටද?

“ඉඟි දන්නා මිනිහාට කෙළ මෝළෙන් අනින්න ඕනෑ දැයි” අසන කතාවක් ගම්මුන් අතර තියේ. ඉඟි තේරුම්ගත නොහැක්කෝ වනාහි “මහීෂයෝ” ය.

තමිල්නාඩුවේ සෑම වෙළෙඳසලක් ගානේම අපේ රටට ආධාර දීමට “පිංකැටයක්” තැබීම, ඉන්දියාවෙන් හිඟන්නන් “හිඟමන්” එවීම සහ චීන සිසුන් තම “කඩචෝරු” කාසි පිරිනැමීම යන කරුණුවල “ඉඟිය” කුමක්දැයි යන්න “හරිහමං“ (නිසිලෙස) අන්දමට තේරුම් ගත්තේ නම් ජී. ඇල්. උන්නැහේ (උන්නාන්සේ) ප්‍රමුඛ කණ්ඩායම පරිත්‍යාග භාරගැනීමට යායුත්තේ ඉතා අලංකාර අන්දමට “නිර්වස්ත්‍රාභරණයෙන්” සැරසීමෙනි.“විලිසංගෙ (විලිලජ්ජාව) ඇති එකකුට නම් “වස්ත්‍රයක්” ඇඳ ඔවැන්නක් භාර ගැනීමට යා නොහැකිය.

“සාගරයක් මැද – අමන රටක් ඇත”

(පයඩෝර් ඩොස්ට්වොස්කිගේ ලෝකප්‍රකට නවකතාවක් වූ “අපරාධය සහ දඬුවම” කෘතියේ ප්‍රධාන චරිතය වූ “රැස්කොල් නිකෝව්” නමැති දුගී සරසවි සිසුවා තමාට ගණිකාවක් විසින් දෙනලද කොපෙක් (අපේ රටේ සත) කිහිපය භාරගත්තේ ප්‍රසිද්ධියේ දණ ගසා වැඳීමෙනි.)

“හත් දෙයියනේ අපත්, අප රටත්, අපේ දරු මුණුපුරනුත් අනාගතයේ ඉපදෙන, ඉපදෙන්නට සිටින එකාලත් මේ හිඟන තත්ත්වයට පත්කළ වුණට සාප වේවා” යන්න කියනු හැර වෙනත් කිව යුත්තක් ඇත්ද?

පී. බී. අල්විස් පෙරේරා කවියා “මගේ රට” නමැති කවි පංතියේ පෙරදිග “ලෝකයේ බබළන මුතු ඇටය-පණ ඇති මහා සාගර පවුරෙන් වටය” යැයි කීය.“ලෝකෙන් උතුම් රට ලංකාවයි” යන ගීතය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල පඬුවාණෝ ලිවූහ. මානව හිතවාදී මානව සිංහයෝ (චන්ද්‍රරත්න) කිවිපති අරිසෙන් අහුබුදුවෝ ඇතුළු කිවියෝ ලක්මෑණිගේ ගුණ ඒ ඒ අන්දමින් කීහ.

එහෙත් අද උහු (එවුහු) සිටියෝ නම් නොවැරැදීම ජපානයේ සියදිවි නසාගන්නා අන්දමට සියතින්ම උදරය කපා “හරාකිරි” ක්‍රමයට සිය දිවිනසා ගන්නෝය.

අපේ රට මේ තත්ත්වයට හෙලූ තුච්ඡ, තුප්පැහි, අවලං, පෙරේත, සල්ලාල, ජඩ, අශික්‍ෂිත, නින්දිත, පාහර, ගස්තර, නොකෑමනා පාදඩ දේශපාලනඥයන්ගේ ගසාකෑම් ගැන පුන පුනා කීමෙන් ද පලක් නැත.

මේ රටේ සුවාසූ දහසක් මහජනයා තමන් පමණක් නොව තමන්ගේ දුවා දරුවන්ට ද බත් තුලක් කෑ නොහී, දීගත නොහී කඳුළු හෙලත්දී කුණුවී දුගඳ නංවන මීහරක් කුණක බොකු බඩවැල් අතුණු බහන් තලුමර මරා ඇද ඇද බුදින “නරි” රැලක් සේ මහජනයාගේ රිහිරි මාංස (පාර්ලිමේන්තු භෝජනාගාරයේදී) බුදින අන්දමට රෙද්දක් අඳින එකෙකුට නම් කෑ නොහැකිය. මේ සඳහා වැය වෙන මුදල කෝටි ගණනාවකි. පාර්ලිමේන්තු එක් දිනයක මහජන වැය බර ලක්‍ෂ අනූදෙකකි. (92,00,000)

යූ.ඇන්.පී.කාරයින්ට පිංසිද්ධ වෙන්නට ජනාධිපති පුටුවට නැංග සිරිසේන ලොක්කා ඒ දිනවල තම ළමාතැනිය විසින් උයාපිහා දෙනලද බත් පත නෙළුම් කොළයක ඔතාගෙන විත් භුක්තිවිඳීමෙන් රටට ආදර්ශයක් දුන්නාද මතකය. ඒ මුල්පුටුවට ගිය මුල් කාලයේය. ජනාධිපතිකමේ රහ වැටෙන්න ඉස්සරය. (ඒ දිනවල ඔහු කීයේ නැවත කිසි දිනෙක දේශපාලනයට නම් නොඑන බවය. එහෙත් අද) එතුමාගේ වචනයෙන්ම කියනවා නම් “බම්බුව” තමයි.

මේ රට ගෙන යන වැරැදි මාවතේ කෙළවර මහා විනාශයක් බව උගත්තු (මහාචාර්ය මාරාඹේ, දේවානි ජයතිලකලා වැන්නෝ) කීහ. බොහෝ දෙනෙක් තවත් ඉවැසිය නොහී වැ තනතුරු හැර ගියෝය. ඒ බුද්ධිමතුන්ගේ අදහස් “පයිසෙකට” හෝ මේ උද්දච්ච අමනයෝ (සර්ව පාක්‍ෂික තියා මොන ආණ්ඩුවේත් මමයි අගමැති) ගණන් නොගත්හ. අද මහජනයා විපතට පත්වැ ඇත්තාහ.
දඹදිව එක්තරා දනව්වක බුදුන් කල විසූ පායාස රංජය නමැති කෙළෙඹියෙක් ඌරු ගාලක් පවත්වාගෙන ගියේය. එක් කාලයකදී ඇතිවූ මහා නියඟයක් නිසා ඔහුට ඌරු කෑම සොයාගැනීම දුෂ්කර වූයෙන් එකිනෙකා මියෙන්නට වූයේය.

දිනක් ඔහු වෙනත් පළාතකට ගොස් ආපසු එන ගමන් මාර්ගය වැටී තිබුණේ මහා පර්වතයක් පාමුලිනි. ඒ පළාතේ සියලු වැසියන් දීර්ඝ කාලයක් පුරාවටම සිය ශරීර කෘත්‍ය කළේ ඒ පර්වතය මත්තේ සිට බැවින් පර්වතය පාමුල මාර්ගය අසල මැ කඳුමෙන් ගොඩගැසුණු මිනිස් අපද්‍රව්‍ය ද, තද ඉඩෝරය (නියඟය) හේතුවෙන් “කරකුට්ටං” වී (වියළී) තිබුණේය.

ඒ දුටු කෙළඹියා තම ඌරු රංචුවට අදවත් හොඳ “ඩයට්” එකක් දිය හැකිය යන සිතුවිල්ලෙන් තම සාටකයෙන් මිනිස් මල රැස්කර විශාල පොදියක් බැඳ හිස මත තබා ගෙන යද්දී මහා ධාරානිපාත වර්ෂාවක් ඇද වැටෙන්නට පටන් ගත්තේය.

අර දහ ජරාව දියවී ඔහුගේ “ඉහින්කනින්” වැගිරෙන්නට විනි. මිනිස්සු ඒ ගැන කීහ. ඔහු ගණන් ගත්තේ නැත. මිනිස්සු හූ කීහ. ඔහුට ගානක් නැත. අන්තිමේදී දුගඳ ඉවැසිය නුහුණු මිනිස්සු ඔහුට ගල් ගසා පහරදී එළවා දැමූහ.

අද අපේ ආණ්ඩුවේ ඇත්තන්ට සිද්ධවී ඇත්තේද පායාසරංජයට සිදුවූ ඔන්න ඔය ටිකය.
මහජනයාට ඉන්ධන නැත. බෙහෙත් නැත. කෑම බීම නැත. ගෑස් නැත. මියගිය අයගේ මළ සිරුරු ආදාහනය කිරීමටද නොහැකිව භූමදානය කිරීමට උපදෙස් ලැබේ.

දැන් ආණ්ඩුව හත් පොළේම ගාගන්නට ඉතා ආසන්නය. මේ වන විට හත්පොළෙන් හතර පස් පොළකම ගාගෙන තිබේ. පුටු මාරුකර හිටපු බඩු ටිකම එහාට මෙහාට කර දැන් ආණ්ඩුව හදන්නේ හත් පොළේම ගාගන්නටය.

ගාගත් හතර පොළ මෙසේය.
එක්තරා “අර්ශස්” අමාරු රෝගියෙක් වැසිකිළියට ගොස් අසුන්ගෙන පළමු “ඩම්” එක දැම්මේය. හරිගියේ නැත. දෙවැනි “ඩම්” එකද දැම්මේය. හරිගියේ නැත. තුන් වැනි ඩම් එක තදින්ම ඇල්ලුවේය. “උම්ම්හු.”

ඒ නිසා ඒ තෙමේ සිය දකුණතේ මැණික් කටුවේ සිට වැළමිට දක්වා බැඳ තිබූ ආරක්‍ෂක නූල් “බණ්ඩලය” මඳක් ඉහළට ඔසවා දබරැඟිල්ල දිග හැර සෙසු ඇඟිලි වකුටු කර (නමා) දිගු කළ දබරැඟිල්ල අර්ශස් ඇති මාර්ගය දිගේ ඉහළට යැව්වේය.

අමාරුවෙන් වුවද වටයක් දෙකක් සීරුමාරුවට කරකවා ඉවත ගත්විට එහි අපද්‍රව්‍යය. ගෑවුණු පළමු පොළය. අනතුරුව ඇඟිල්ල නාසය ළඟට අල්ලා ගඳ සුවඳ බැලුව්ය. අප්පා, ගඳේ බැරි නිසා මුහුණ වේගයෙන් වැනුණේය. නාසය පුරා ඇමැන්ඳුණේය. (තැවරුණේය) ඒ දෙවැනි පොළය.

ගඳ නිසා උන්හිටිතැන් අමතකවැ වේගයෙන් පිටුපසට ගැසුණු ඇඟිල්ල බිත්තියේ වැදීමෙන් ඇකිළුණු විට ඉතුරු ඇඟිලිවලද අත්ලේද ගෑවුණේය. ඒ තෙවැනි පොළය.

ඇඟිල්ලක් තැළුණු ඒ ඇඟිල්ල මුව තුළට යාමත් ඉරීමත් නිරුත්සාහිකව සිදුවන්නාවූ ක්‍රියාවකි. අර්ශස් රෝගියාටද ඒ දේහ සිදුවූවේය. ඒ හතර පොළය.

දැන් ආණ්ඩුවේ කෙරුම්කාරයෝ සිටින්නෝ ඔන්න ඔය කියන අන්දමේ හතර පොළේම ගාගෙනය. ඉතුරු තුන් පොළ ඉදිරි සති දෙක තුනේ දී ගාගනු පෙනේ.

ඒ කතාව තව පොඩ්ඩකින්.

ජනයා නඟන හඬ දරුවන් තළන හඬ
එන වා දෙසවනට මුළු වාතලය මැඬ
වැන සී නසී ලක්මව ගිනි අඟුරු උඩ
ජනපති පාලනෙන් මේවද කෙරෙන වැඩ

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කොයිවෙලාවෙත් නෑ.. බෑ.. කියා ජනතාව බය කරන කෘෂිකර්ම ඇමැති අමරවීරට මහින්දානන්දගෙන් දෝස්මුරයක්!

Next Post

අටලුගම දැරිය ඝාතනය කළ සැකකරු කරපු පාපොච්චාරණය මෙන්න! දැරිය හොයන්න මඩවගුරට ගිය සෙනග අතර සැකකරුත් ඉඳලා! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.