ඉන්ධන අර්බුදය විසදා ගැනීම සදහා, මෙට්රික් ටොන් 40,000 ක බැගින් වූ ඉන්ධන නැව් හතරක් අත්පිට මුදලට ඉන්දියාවෙන් ලබා ගැනීමට ශ්රී ලංකාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිත පළමු නැව ඩීසල් රැගත් නෞකාවකි.
එම නැව ලංකාවට පැමිණීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි පැවසේ.
ඉන්දියාව, ආකර්ශණීය වට්ටම් සහිතව ලෝක වෙළද පොලෙන් ඉන්ධන මිලදී ගන්නා රටකි.
ඉන්දියාව හා එක්ව ලෝක වෙළද පොලෙන් ඉන්ධන මිලදී ගැනීමේ වැඩපිළිවෙළකට ඇතුළු වීමට ලංකාව උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ.










