• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉලක්කයන් සපුරාගෙන නෑ! IMF එක දෙවන වාරිකය ලබා දීම දින නියමයක් නොමැතිව කල් දමයි! අපි ‘රාජ්‍ය රහස්’ තීරයෙන් මේ ‌තොරතුර ගිය සතියේ හෙළිකළා! VIDEO I Sri Lanka Latest News

September 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන නිශ්චිත කාලයක් නොමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

පළමු පියවර නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරාගත හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවයක් ඇති විය යුතු බවත් දෙවැනි පියවර නම් මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීරණ වීම බවත් පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.

මෙම පියවර දෙක සම්පූර්ණ වූ පසු ඉදිරියට යා හැකි බවත් ඉන් අනතුරුව සමාලෝචන වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බවත් එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමටද තවත් යම් කාලයක් ගතවන බවත් පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.කෙසේ නමුත් මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව සෑහීමකට පත්වන බවද පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමුවරට අනාවරණයක් කරමින් කියා සිටියේ බොහෝදුරට මූල්‍ය අරමුදල දෙවන වාරිකය ලංකාවට ලබා දීම පමා කරනු ඇති බවකි.

එහ හෙළදරව්ව මෙසේය.

පැරිස් සමාජය පස්ස ගහයි!

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී ලෝක බැංකු නියෝජිතයන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ද මුණගැසුණේ මෙවැනි ආන්දෝලනාත්මක පසුබිමක් මධ්‍යයේය. එහිදී ප්‍රධාන තැනක් ගත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය සමග පැවැති සාකච්ඡාවය. ඒ, ලංකාවට ණය ආධාර ලබාදීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වූ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට ලංකා ආණ්ඩුව සමත් වී නොමැති පසුබිමක මෙම සාකච්ඡාව පැවැත්වීම හේතුකොටගෙනය. ඇත්තම කියනවා නම් තවමත් ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පවතින්නේ විශාල අවුලකය. ඊට හේතුවී ඇත්තේ ලංකාවේ ණය හිමි බටහිර රටවල් සහ චීනය විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දෙපැත්තක සිටීමය. ඇමෙරිකාව, පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය ප්‍රමුඛ රටවල් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය ඇතුළු සියලු රටවල් එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බව කියද්දී චීනය එම සාකච්ඡාවලට සහභාගි නොවී එය ප්‍රතික්ෂේප කිරීමත්, චීනය පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්විය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීමත් මෙම අර්බුදයට මුල්වී තිබේ. ඒ අනුව මෙම අර්බුදය සමතයකට පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබිණි.

යහපත් ප්‍රතිචාර නෑ!

මුලින් පැරිස් සමාජය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට එකඟ වී තිබුණත් මේ වන විට මතුවෙමින් පවතින ජාත්‍යන්තර අර්බුදය නිසාදෝ පැරිස් සමාජය එම වැඩපිළිවෙළ කුමක්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැත. ඒ අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පැරිස් සමාජය තුළ සිරවී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව ලංකාව පෞද්ගලික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පාර්ශ්ව කිහිපයක් හරහාම පැරිස් සමාජයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ලබාගැනීමට උත්සාහ කොට තිබුණද ඒ කිසිවක් සාර්ථක වී තිබුණේ නැත. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තෙක් චීනය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම එහි ඇති අනෙක් ලොකුම ප්‍රශ්නයය. ජනාධිපතිවරයාගේ චීන සංචාරය ලබන මාසයේදී යොදාගෙන ඇති බැවින් එම සාකච්ඡාවන්ට සහභාගි වීමට ප්‍රථම පැරිස් සමාජයේ වැඩපිළිවෙළ එළිදක්වා ගැනීම අත්‍යාවශ්‍ය නිසා ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා සමග පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කිරීමට කටයුතු කොට ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

IMF මත දෙක!

ඇමෙරිකාවේදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එසේ සාකච්ඡා පවත්වද්දී මේ දිනවල ලංකාවේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය පළමු සමාලෝචනයේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටින ආකාරයක් දැකගන්නට තිබිණි. මෙම සාකච්ඡාවන්හිදී මතුව ඇති කරුණු මුල්කරගෙන ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් මේ වන විට මත දෙකක් ප්‍රකාශ කරන අතර, එක් මතයකින් කියැවෙන්නේ තවමත් ලංකාව ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉටුකර නොමැති බැවින් මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 333ක මුදල ලබාදීම ප්‍රමාද කරනු ඇති බවකි. දෙවැනි මතය වී ඇත්තේ කොන්දේසි ඉටු නොකර තිබුණද මූල්‍ය අරමුදල විසින් මෙවර වාරිකය ලබාදී තුන්වැනි වාරිකය ලබාදීම අත්හිටුවනු ඇතැයි කියාය.

SendShareShare
Previous Post

දෙවියනේ මේ අමු කැලේ කපල් එකක් අවුරුදු 38ක් තනියම හිටියේ කොහොමද I Sri Lanka Latest News

Next Post

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමින් ආණ්ඩුව මේ ගේන්න හදන්නේ ව්‍යවස්ථා විරෝධී පනතක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.