• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“ඒක කළේ….අසූ…අනූ හයේ වගේ…”! “ඒක මං ඔයාට ලියල එවන්නද…”! හැමෝම ප්‍රශ්න කරන ආන්දෝලනාත්මක ආචාර්ය උපාධිය ගැන කතානායක අශෝක රන්වල පළමුවරට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

December 12, 2024
in Exclusive
Reading Time: 20 mins read
A A
අලුත් කතානායකතුමාට බලපෑම් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින් කතානායක අශෝක සපුමල් රන්වලට තම ධුරයෙන් ඉවත් වන්නැයි කෙරෙන බලපෑම මේවන විට තීව්‍ර වෙමින් තිබේ.Sri Lanka Latest News

    කතානායකවරයාගේ මුලික උපාධිය සහ ආචාර්ය උපාධිය ව්‍යාජයක් බවට වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ‘කටකතාවක්’ ලෙස මුලිකව පැතිරී ගිය අතර; ඒ සම්බන්ධයෙන් සත්‍ය නිරාවරණය කරන ලෙසට දැන් විපක්ෂ දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ආණ්ඩුව වෙත එල්ල වන පීඩනය ද වැඩි වෙමින් තිබේ.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල දෙසැම්බර් 10 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ “අපි ගාව තියෙනවා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ගෙන්න ගත්ත එකක් එහෙම කෙනෙක් එහේ අධ්‍යාපනය ලබලා නැහැ කියලා.”

    “මේ රටේ උත්තරීතරම ආයතනය පාර්ලිමේන්තුව. කතානයක කියන්නේ මෙරටේ තුන්වන තනතුර.ජනාධිපති, අගමැති, කතානායක. කතානායක කියන්නේ හෑල්ලු කරන්න පුළුවන් තනතුරක් නෙමෙයි.” ඇය එහිදී කියා සිටියාය.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ලද පොදු ලේඛන

    නොවැම්බර් 21 වන දා දස වන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල තේරී පත්විය. කතානායක ධුරය යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතරම තනතුර වේ. කතානායකවරයා රටේ තුන්වැනි පුරවැසියා ලෙස සැලකේ.

    ඔහු කතානායකවරයා ලෙස තේරී පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තම වෙබ් අඩවියට යොමු කොට තිබු තොරතුරු සහ මාධ්‍ය වෙත පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ, අශෝක රන්වල මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙකු බව ය.

    එමෙන් ම ඔහු ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති බව ද එම නිවේදනයේ දැක්විණි.

    කතානායකවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තම වෙබ් අඩවියට යොමු කොට තිබු තොරතුරු
    ඡායාරූප ශීර්ෂ වැකිය,කතානායකවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තම වෙබ් අඩවියට යොමු කොට තිබු තොරතුරු

    ඒ වන විට ආචාර්ය අශෝක රන්වල නමින් පවත්වා ගෙන ගිය ඔහුගේ දේශපාලන කටුයුතු නිරන්තරයෙන් යාවත්කාලින කළ ෆේස්බුක් ගිණුමක (තහවුරු නොකළ) සහ ලින්ඩ්කින් ගිණුමක ද එම තොරතුරු එලෙසෙම ඒ අකාරයෙන්ම සඳහන්ව තිබුණි.

    ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නිල යූ ටියුබ් චැනලයේ වීඩියෝ වල ද ඔහු ‘ ආචාර්ය’ අශෝක රන්වල ලෙස හඳුන්වා තිබේ.

    නොවැම්බර් 21 වන දා මාධ්‍ය වෙත පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය
    ඡායාරූප ශීර්ෂ වැකිය,නොවැම්බර් 21 වන දා මාධ්‍ය වෙත පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය- පිටුව 1
    නොවැම්බර් 21 වන දා මාධ්‍ය වෙත පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය- පිටුව 2
    ඡායාරූප ශීර්ෂ වැකිය,නොවැම්බර් 21 වන දා මාධ්‍ය වෙත පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය- පිටුව 2

    මීට අමතරව ජාතික ජනබලවේගයේ දේශපාලන රැස්වීම්වල දී මෙන්ම, පක්ෂයේ සෙසු නායකයින් විසින් ද අශෝක රන්වල හඳුන්වා දෙනු ලැබුවේ ‘ආචාර්ය අශෝක රංවල’ ලෙස ය.

    පළමු පාර්ලිමේන්තු සභා වාරයේදී ඔහුව තනතුර සඳහා නාම යෝජනා කිරීමේදී අගමැතිනිය ඔහු සභාවට යෝජනා කරන ලද්දේ ‘ආචාර්ය අශෝක රංවල’ ලෙස හඳුන්වනු ලැබිමෙනි.

    වීඩියෝ ශීර්ෂ වැකිය,පළමු පාර්ලිමේන්තු සභා වාරයේදී ඔහුව තනතුර සඳහා නාම යෝජනා කිරීමේදී අගමැතිනිය ඔහු සභාවට යෝජනා කරන ලද්දේ ‘ආචාර්ය අශෝක රංවල’ ලෙස හඳුන්වනු ලැබිමෙනි.

    අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සොයා බැලීමක්

    කෙසේ වෙතත් කතානායකවරයා ලෙස අශෝක සපුමල් රන්වල තේරී පත්වීමෙන් දින කිහිපයක් ඇතුළත ඉහත “සඳහන් තොරතුරු නිරවද්‍ය නොවන” බවට අපට ලැබුණු තොරතුරක් මත එහි සත්‍ය අසත්‍යතාවය ස්වාධීනව තහවුරු කරගැනීම සඳහා වැඩිදුර තොරතුරු විමර්ශනය කිරීමට අපි පියවර ගතිමු.

    ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ ලේඛකාධිකාරීවරයා වෙතත්, ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ ලේඛකාධිකාරීවරයා වෙතත් ආමන්ත්‍රණය කරමින් වෙන වෙනම ඊමේල් පණිවිඩ ඔස්සේ අපි ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විමසීමක් කළෙමු.

    ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ වෙබ් පුස්තකාලයේ උපාධි පර්යේෂණ නිබන්ධන (පර්යේෂණ පත්‍රිකා) ඇතුළත් කොට ඇති දත්ත පද්ධතිය තුළ ඔහුගේ නමින් උපාධි පර්යේෂණ නිබන්ධනයක් (පර්යේෂණ පත්‍රිකාවක්) තිබේද යන්න සෙවීමට අපි කළ මුලික වෙබ් පරික්ෂාව තුළින් අපිට කිසිවක් සොයා ගැනීමට හැකිවුයේ නැත.

    කෙසේ නමුත් අප කළ විමසීම අනුව ජපානයේ වසේදා විශ්වවිද්‍යාලය අද (දෙසැම්බර් 11 වැනිදා) අප වෙත ඊමේල් පණිවිඩයක් එවා තිබුණි.

    එම විශ්වවිද්‍යාලයේ තොරතුරු හා මහජන සම්බන්ධතා කාර්යාලය අප වෙත දන්වා තිබුණේ අප විමසන කරුණ ‘එම පුද්ගලයාට අදාළ පෞද්ගලික තොරතුරක් බැවින් ඔහුගේ කැමැත්ත නොමැතිව ඔවුන්ට ඒ සඳහා ප්‍රතිචාර දැක්විය’ නොහැකි බව ය.

    කෙසේ නමුත් එම ප්‍රතිචාරය අනුව අශෝක සපුමල් රන්වල එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂයකුව නොසිටි බව අදාළ පිළිතුරෙහි සඳහන් ව නොතිබිණි.

    එම ඊමේල් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ව තිබුණේ අවශ්‍ය නම් අදාළ පුද්ගලයාගේ අත්සන සහිත ‘කැමැත්ත පළ කිරීමේ ලිපියක්’ හෝ ‘ඇටෝනි බලය’ පැවරීමේ ලිපියක් සුදානම් කර සෘජුවම උපාධි අධ්‍යයන පාසලෙන් ඒ පිළිබඳ විමසන ලෙස ය.

    අප යොමු කළ ඊමේල් පණිවිඩයට මොරටුව විශ්වවිද්‍යාලය තවමත් ප්‍රතිචාරයක් එවා නැත.

    කතානායක අශෝක රන්වල බීබීසීයට කිව්වේ කුමක් ද?

    අදාළ තොරතුරු විමර්ශනය අතරතුර නොවැම්බර් 27 වැනි දා කතානායක අශෝක රන්වල දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බීබීසීයට හැකිවිය.

    අප සමඟ කළ මිනිත්තු 22ක දුරකතන සංවාදයේදී කතානායක අශෝක රන්වලගෙන් බීබීසී සිංහල විමසා සිටියේ ඔහුගේ මූලික උපාධිය ලබා ගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ද යන්න පිළිබඳව ය.

    “එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැ නේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලා ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කලේ, එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි තිබුණේ. ටෙක්නිකල්….මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාල තියෙන්නේ. කමන් නැහැ ඒක.”

    එසේ නම් ඒ අනුව නිවැරදි ලෙස ඔහුගේ මුලික උපාධිය සඳහන් කරන්නේ කෙසේ දැයි විමසා සිටි අවස්ථාවේදී අශෝක රන්වල කියා සිටියේ, “ඒක මං ඔයාට ලියල එවන්න ද” යනුවෙනි.

    කතානායක අශෝක රන්වලගේ දේශපාලන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් යාවත්කාලීන කරන ෆේස්බුක් ගිණුමේ (තහවුරු නොකළ) ඔහු පිළිබඳ සඳහන් තොරතුරු නිවැරදි ද යන්න පිළිබඳව බීබීසී සිංහල ඔහුගෙන් ඉන් අනතුරුව විමසීමක් කළේය.

    “නැහැ. තාම ඔෆීෂයල් පේජ් එක හදලා නැහැ. එක එක්කෙනා මගේ වෙනුවට හදපුව තමා ඒවා.”

    “ඒ දවස්වල මම ෆැකල්ටි එකේ ලොකු වැඩ කොටසක් කළානේ. පක්ෂයේ වැඩ කොටසක් කළානේ ෆැකල්ටි එකේ. ඒවත් එක්ක තමා ඔය දාලා තියෙන්නේ.” අශෝක රංවල කියා සිටියේය.

    අශෝක රන්වලගෙන් බීබීසී සිංහල නැවත විමසා සිටියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ලෙස හැඳින්විය හැකි ද යන්න පිළිබඳව ය.

    “ඒක උපාධියක් නෙමේ.ඊට පස්සේ අවුරුදු ගාණක් පිරුණම උපාධියක් බවට පත් කර ගත්තා අපි. නමුත් ඒක වෙන්න ඇති ඕක ප්‍රශ්න කරනවා ඇත්තේ.”

    “පෙට්‍රෝලියම් එකේ දන්න අය තමා ඔය කියන්නේ, [ඔහුට චෝදනා නඟන්නන්] පෙට්‍රෝලියම් එකේ රසායනික ඉංජිනේරුවා නෙමෙයි නේ මම”

    “පෙට්‍රෝලියම් එකේ මම ඉන්දැද්දි දෙකම එකට කරලා තමයි ගත්තේ.[උපාධිය] ඒකයි ඔය. පෙට්‍රෝලියම් එකේ ඉංජිනියර්ස්ලා හිටියානේ. මම ඉංජිනියර් කෙනෙක් නෙමෙයි හින්දා තමා ඔය කියන්නේ පෙට්‍රෝලියම් එකේ.”

    ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සේවය කරන සමයේ ඔහු කුමන ධුරයක් දැරූවේ දැයි බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කළේය.

    “මම කාර්මික නිලධාරී විදිහට හිටියේ.”

    බීබීසී සිංහල අනතුරුව ඔහුගෙන් විමසා සිටියේ ඔහුගේ දැන් විවාදයට තුඩු දී ඇති ආචාර්ය උපාධිය පිළිබඳව ය.

    එහිදී ඔහු සඳහන් කළේ ආචාර්ය උපාධිය ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් බව ය.

    එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බව ද අශෝක රන්වල එහි දී පැවසීය.

    ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ කුමන වසරේ දැයි බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් කළේය.

    “ඒක කළේ….අසූ…අනූ හයේ වගේ.”

    කෙසේ නමුත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බීබීසී ය විමසා සිටි කරුණු සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරු එවීමට පොරොන්දු වූ කරුණු , කතානයක අශෝක රන්වල මේ දක්වා ගත වූ දින 14 තුළ අප වෙත එවා නැත.

    ඒ සම්බන්ධයෙන් යළි දුරකතන ඇමතුමක් දෙන බව ඔහු අප වෙත පැවසුව ද මේ දක්වා අප වෙත දුරකතන ඇමතුමක් ලබා දී නැත.

    පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ‘ආචාර්ය’ ගෞරව නාමය ඉවත් කිරීම

    ඉන්පසුව දෙසැම්බර් 10 අගහරුවදා උදෑසන පාර්ලිමේන්තු වෙබ් අඩවිය පිරික්සීමේදී පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායකවරයාගේ විස්තර ඇතුළත් වෙබ් පිටුවේ ඔහුගේ නමට ඉදිරියෙන් යොදා තිබු ‘ආචාර්ය’ යන කොටස ඉවත් කර ඇති අයුරු අපිට නිරීක්ෂණය විය.

    පාර්ලිමේන්තු වෙබ් අඩවිය පිරික්සීමේදී පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායකවරයාගේ විස්තර ඇතුළත් වෙබ් පිටුවේ ඔහුගේ නමට ඉදිරියෙන් යොදා තිබු 'ආචාර්ය' යන කොටස ඉවත් කර ඇති අයුරු අපිට නිරීක්ෂණය විය.
    ඡායාරූප ශීර්ෂ වැකිය,පාර්ලිමේන්තු වෙබ් අඩවිය පිරික්සීමේදී පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායකවරයාගේ විස්තර ඇතුළත් වෙබ් පිටුවේ ඔහුගේ නමට ඉදිරියෙන් යොදා තිබු ‘ආචාර්ය’ යන කොටස ඉවත් කර ඇති අයුරු අපිට නිරීක්ෂණය විය.

    කෙසේ නමුත් අපි මේ ලිපිය ලියන මොහොතේ, දෙසැම්බර් 11 වන දා පස්වරුවේ පාර්ලිමේන්තුව විසින් එවන ලද නිල මාධ්‍ය නිවේදනයක කතානායකවරයාගේ නම “ගරු කතානායක (ආචාර්ය) අශෝක රන්වල” ලෙස සඳහන් ව තිබුණි.

    දෙසැම්බර් 11 වන දා පස්වරුවේ පාර්ලිමේන්තුව විසින් එවන ලද නිල මාධ්‍ය නිවේදනයක කතානායකවරයාගේ නම 'ආචාර්ය' යන්න සමඟ සඳහන් ව  තිබුණි.
    ඡායාරූප ශීර්ෂ වැකිය,දෙසැම්බර් 11 වන දා පස්වරුවේ පාර්ලිමේන්තුව විසින් එවන ලද නිල මාධ්‍ය නිවේදනයක කතානායකවරයාගේ නම “ගරු කතානායක (ආචාර්ය) අශෝක රන්වල” ලෙස සඳහන් ව තිබුණි.

    ආණ්ඩුව කියන්නේ කුමක්ද?

    කතානායකවරයාගේ ආන්දෝලනයට තුඩු දී ඇති ‘ආචාර්ය උපාධිය’ සම්බන්ධයෙන් දෙසැම්බර් 10 වැනිදා පැවති කැබිනට් තීරණ දැණුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියේය.

    “කතානායකවරයා මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් සිදුකරාවි.බලාගෙන ඉන්න.”

    “ඒ සම්බන්ධයෙන් අපි ඉතා වගකීම් සහගත ප්‍රකාශයක්; කතානායකවරයාගේ පැත්තෙන් සිද්ධ කරාවි.”

    “කතානායකවරයා තමන්ගේ සුදුසුකම් පිළිබඳ වාර්තා කරහා ම බලමු.” හෙතෙම කියා සිටියේය.

    BBC NEWS සිංහල

    SendShareShare
    Previous Post

    කතානායක අශෝක රන්වලට එරෙහිව විශ්වාසභංගයක්? VIDEO I Sri Lanka Latest News

    Next Post

    වී තොග ඉවර වෙන්න ළඟයි! විශාල ප්‍රශ්නයක් අතළඟ? ලංකාවේ ලොකුම හාල් මාකට් එක තියෙන මරදගහමුලෙන් ලොකු අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

    MORE NEWS

    විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
    Exclusive

    විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

    කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

    ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
    Exclusive

    ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

    මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

    ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
    Exclusive

    ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

    සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
    Exclusive

    ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

    Load More
    විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
    Exclusive

    විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

    Read more
    කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

    කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

    ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

    ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

    මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

    මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

    ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

    ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

    • About us
    • Contact us

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

    No Result
    View All Result
    • Home
    • ePaper
    • Exclusive
    • News
    • Politics
    • Mahawanshaya
    • Astrology
    • Holiday
    • Heart
    • Business
    • ENGLISH

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.