• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 මන්දිරේ හදන්න අත්තිවාරං දාපු ඉල්මහ විරුවෝ! සමහරු මියගිහින්! සමහරු අතුරුදන්! විජේවීරත් ඒ අතර! Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
2024 මන්දිරේ හදන්න අත්තිවාරං දාපු ඉල්මහ විරුවෝ! සමහරු මියගිහින්! සමහරු අතුරුදන්! විජේවීරත් ඒ අතර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උදාවී ඇත්තේ ඉල්මහයි. ඉල්මහ කියූ සැණින් අපට ඉල්මහේ මේ වචනය හා සම්බන්ධවම මතකයට එන්නේ ඉල්මහ විරු සමරුවයි. ඉල්මහේ විරුවන් සැමරීම ලංකාවේ දේශපාලනයේ ඉතා සුවිශේෂ කඩඉමකි. කුමන දේශපාලන හැඩයක් ගත්තද ඉල්මහ විරු සමරුව තරම් වැදගත් දේශපාලන සමරුවක් ලංකාවේ නොපැවැත්වේ යැයි හිතෙන තරමටම ඉල්මහේ විරුවන් සැමරීම උත්කර්ෂවත්ව ශ්‍රී ලංකාවේ සිදුවේ. එය යුතුකමක් ලෙසත් එය වඩාත්ම ආකර්ෂණීය ලෙස සිදුකරනා විරු සමරුවක් ලෙස ඉල්මහ විරු සමරුව ජනතාවගේ ආකර්ෂණයට ලක්ව තිබේ. (Sri Lanka Latest News)

ඉල්මහේ විරුවන් ලෙස සමරන්නේ පෙර ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන විප්ලව කීපයකදීම මියගිය විරුවන් නැතිනම් දේශපාලන විරුවන් සැමරීමය. මෙසේ දේශපාලන විරුවන් සැමරීම ලෝකයේ බොහෝ රටවල සිදුවන අතර, ශ්‍රී ලංකාවේද එය සිදුවේ. නමුත් කලකට පසුව මෙවර ඉල්මහ විරු සමරුව නොපැවැත්වීම ගැන ආරංචියක් පැතිරෙමින් තිබේ. එහි අරුමය වන්නේ ඉල්මහේ විරු සමරුව ලංකාවේ ප්‍රථම වතාවට නොපැවැත්වෙන්නේ පෙර ඉල්මහ විරු සමරු කළ දේශපාලකයන්ගේ ප්‍රථම ආණ්ඩු සමයකදී වීමය. වසර හැත්තෑ ගණනක දේශපාලන ගමනේ ප්‍රථම වරට සමාජවාදී දේශපාලන පක්ෂයකට බලය ලැබුණු ශ්‍රී ලංකාවේ ඔවුන්ගේම විරු සමරුව නොපවත්වන්නට ඔවුන්ම තීරණය කොට තිබේ. ඔවුන් සමග එක්ව යම් දේශපාලන ක්‍රියාන්විතයක නියැළුණු, ඔවුන් සමග එක්ව දේශපාලන විප්ලවයකට සූදානම් වුණු සහෝදරයන් මියගොස් ඔවුන් සමරන ඉල්මහ මෙවර පාළු වී යන්නේ දේශපාලන ව්‍යාපෘතිවල ඊළඟ පියවරක් ලෙස විය යුතුය. එහිදී ඉල්මහ විරු සමරුව වෙනුවට ලංකාවේ මහ මැතිවරණය පැවැත්වෙන අතර, මහ මැතිවරණය නිසා ඉල්මහේ ප්‍රභාෂ්වර බව ගිලිහී ගිය බව අපේ මතයයි.

කෙසේ නමුදු පෙරටුගාමී සමාජවාදී පක්ෂය පහුගිය දිනෙක ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ලියමනක් යවා තිබේ. ඔවුන් මේ ලියමනෙන් ඉල්ලන්නේ රෝහණ විජේවීර නමැති විප්ලවවාදියා ඇතුළු 60,000ක් දෙනා ශ්‍රී ලංකා පොළොවේ මියගිය බවත්, ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට වහා ක්‍රියාත්මක විය යුතු බවකි. ඔවුන් මියගියේ කෙසේද යන්නවත් නොදන්නා විරුවන් මහ පොළොවේ මේ වනවිට මිහිදන් කොට අවසන්ය. එසේ මිහිදන් කරන ලද මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නට මීට වඩා හොඳ කාලයක් උදා නොවන බව අපගේ විශ්වාසයයි. ඊට හේතුව වන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවයි. මේ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම දේශපාලන නායකයා රෝහණ විජේවීර වන අතර, ඔහු තරම් විප්ලවවාදී නායකයෙක් හෝ ඔහු තරම් ප්‍රභාෂ්වරයක් සහිත නායකයෙක් එතෙක් මෙතෙක් ජවිපෙට ලැබී නොමැති බව ලෝකයේ ඕනෑම කෙනකුගේ විශ්වාසයයි.

රෝහණ විජේවීර යනු හුදෙක් නායකයකු පමණක් නොව, දේශපාලනයේ ගරු බුහුමන් ලද විශිෂ්ට දේශපාලන නායකයෙකි. අදටත් විජේවීර යනු සලකුණකි. විජේවීර යනු ලකුණකි. විජේවීර යනු ප්‍රේමයකි. හෘදය වස්තුවේ තැන්පත් වූ දේශපාලන චිත්‍රයකි. එවැනි දේශපාලන චිත්‍රයක් හිමි විජේවීර මියගියේ කෙසේද යන්නට තවමත් කිසිදු නිශ්චිත තොරතුරක් නැත. එක එක්කෙනා කියන්නේ එක එක කතාය. අප ඔහු ගැන සොයා ගිය විට කළු මල්ලි නම් වූ පුද්ගලයෙක් අප සමග කී කතාවත්, ඔහු මියයන අවස්ථාවේ ළඟ සිටි අය කී කතාවත්, හමුදාව හෝ පොලිසිය විසින් නිකුත් කරන ලද නිල වාර්තාවත්, ඒ පිළිබඳ පවුලේ අයගේ මතයත්, දේශපාලනික වශයෙන් වූ පක්ෂයේ මතයත් එකිනෙකට වෙනස්ය. බොහෝ අය මියගියේ කෙසේද යන්න පිළිබඳ සඳහනක් නැත. බොහෝ අයට මියගිය බවට අවසන් මරණ සහතිකයක් නැත. ඔවුන් මියගියාද අතුරුදන් වූවාද යන්න ගැනද තවමත් ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි. බොහෝ දෙනකුට ගෞරවාන්විත මරණයක් තියා මරණයක් සිදුවූ බවටවත් සහතිකයක් නිකුත් කරගන්නට බැරි දේශපාලන ක්‍රමවේදයක් තුළ දැන් වහාම ඒ පිළිබඳ සෙවිය යුතුය.

ඒ නිසා ජනාධිපතිතුමනි දැන් ඔබතුමාට රාජකාරියක් පැවරී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාට මේ වගකීමෙන් මිදිය නොහැක. මෙය යුතුකමක් ලෙස අපද ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන ක්‍රියාකාරිකයන්ද විශ්වාස කරන බව අප සිතන්නෙමු. සමහර විට එය යුතුකමක් නොවනා බවට ජවිපෙ දැන් හිතනවාද යන්න අප දන්නේ නැත. නමුත් ජවිපෙ මේ දේශපාලකයන් සමග, ජවිපෙ හිතවතුන් සමග මියගිය තමන් සමග එක්ව දේශපාලනය කළ, තමන් සමග එක්ව සිහින රාජ්‍යයක් වෙනුවෙන් පොරබදන ලද සාමාන්‍ය තත්ත්වයක් නොවන, ඉතා කුරිරු දේශපාලන තත්ත්වයක් යටතේ ජීවිතයත් මරණයත් අතර සටන් කොට වනගහනක ජීවිතය කැපකොට කිසි දිනෙක උදාවේ යැයි නොදුටු සිහිනයක පෙරමං තැනූ ආදරණීය මිනිසුන් වෙනුවෙන් දැන් ඉල්මහ විරු සමරුවවත් නැත. ඒ නිසා සමරුව වත් නැති ආදරණීය විරුවන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට කාලය පැමිණ තිබේ. ඔවුන් පිළිබඳ පරීක්ෂණ කොට මේ මරණවලට වගකිව යුත්තන්ට දඬුවම් කොට බොහෝ අයට මරණ සහතික නිකුත් කරන තැනට හෝ පත්වන්නට දැන් වගකීමක්ද යුතුකමක්ද මනුස්සකමක්ද තිබේ.

දකුණේ ප්‍රධාන ධාරාවේ පක්ෂවලින් මෙය බලාපොරොත්තු විය නොහැක. මක්නිසාද යත් මේ බොහෝ අපරාධවලට වගකිව යුත්තන් යැයි අප විශ්වාස කරන්නේ දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ නිසාය. නමුත් දැන් වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ බලය හිමිකරගෙන තිබේ. කොඩිය තියෙන්නේ ඔවුන් අතය. හැන්ද තියෙන්නේ ඔවුන් අතය. බෙදිය යුත්තේ ඔවුන්ය. කොඩිය ඔසවාගෙන යායුත්තේ ඔවුන්ය. තමන් මෙතැනට එන්නට පෙරමං තැනූ දහදිය මහන්සිය දුක වේදනාව කඳුළ කැපකර ලේ වැගිරූ මේ මග තැනූ විප්ලවවාදීන් ඔබට අමතක නම් එය සැබෑවටම කනගාටුවට කාරණයකි. ඔබට ඔවුන් අමතක විය නොහැක. දෑස පියාගත් විට සිහි කරන්න. ඔබේ එහා පැත්තේ නිදාගත් විප්ලවවාදියාගේ දෑස. ඔවුන් ඔබ සමග වනාන්තරයක සතුන් සිවුපාවන් අස්සේ කතාකළ දේ කළ කී දේ ඔබට මතක නැතුවා විය නොහැක. ඔවුන් ඔබ සමග දිනක ලංකාවේ බලය ලැබුණු විට කළ යුතු යැයි කියූ කෙරූ දේ ඔබට අමතක විය නොහැකිය. ඒ නිසා මේ විප්ලවය සැබෑ විප්ලවයක් වන්නේ විප්ලවවාදීන්ට ජයගත හැකි, විප්ලවවාදීන්ගේ හෘදය සාක්ෂියට ජයගත හැකි, විප්ලවවාදීන්ගේ සිහින ජයගත හැකි දිනක් ආ විටය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුරගේ අලුත් කැබිනට් එක හෙට උදේ 10ට දිවුරුම් දෙනවා! I Sri Lanka Latest News

Next Post

මතකද පිටරටවල බිලියන ගණන් සල්ලි හංගලා කියලා පැන්ඩෝරා -පැනමා පේපර්ස්වලින් ලංකාවේ අයගේ නම් ලයිස්තුවක් හෙළිකළා! එදා හිටපු පාලකයො කිසිම පරීක්ෂණයක් කළේ නෑ! මෙන්න ඒ කෝටිපතියන්ගේ නම් ලයිස්තුව මව්රට එළියට දානවා! බලමු අනුරගේ ආණ්ඩුවවත් මේ කෝටිපතියන් සල්ලි උපයපු හැටි-පිටරටට අරන් ගිය හැටි හොයලා නීති විරෝධීව වත්කම් ඉපයූ අයට දඬුවම් දෙයිද කියලා! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.