සියලු කොන්දේසි සපුරා ඇති පෞද්ගලික සමාගමක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අවහිර කිරීමට වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව “සුදුසු ක්‍රියාමාර්ග” ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) නියෝග කළේය.Sri Lanka Latest News
මෙම පෞද්ගලික සමාගම සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් “අභිප්‍රාය ලිපියක්” ලබා ගැනීමට ඉල්ලුම් කර තිබූ නමුදු එය ලබා දීම අවහිර කිරීම මණ්ඩලයේ යම් නිලධාරීන් පිරිසක් කටයුතු කොට ඇති බවට චෝදනා එල්ල වී තිබිණ.
මේ සම්බන්ධයෙන් සොයා ගෙන ඇති කරුණු සහ ගෙන ඇති ක්‍රියාමාර්ග අධිකරණයට වාර්තා කළ යුතු බව විනිසුරුවරු පැවසූහ.
රටේ පවතින බහුල පුනර්ජනනීය බලශක්ති සම්පත් යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය සඳහා නව උත්පාදන ව්‍යාපෘති කාර්යක්ෂමව බලමුලු ගැන්වීමට අසමත් වීම සම්බන්ධයෙන් පළමු වගඋත්තරකරු වන ලංවිම සහ දෙවන වගඋත්තරකරු වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) පිළිතුරු සැපයිය යුතු බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් සදහන් කළේය.
ගාමිණී අමරසේකර සහ දිලීප් නවාස් යන විනිසුරුවරුන්ද ඊට එකඟතාව පළකොට තිබිණ.