දරුවන්ට එන්නත ලබා දීම ගැන මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් පැන නැගී ඇති බව ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටියහ.
දරුවන්ට එන්නත දීමේ ප්‍රශ්නය ඉදිරියට ගැනීමට ඉක්මන් නොවිය යුතු බවත්, දරුවන්ට එන්නත ලබා දීම සදාචාර සම්පන්න නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී ඇති බවද උන්වහන්සේ කීහ.
අස්ථාවර නිගමනයන්ට දරුවන් ගොදුරු කරන්නේද යන ප්‍රශ්නය මේ වනවිට පැන නැගී ඇති බවද උන්වහන්සේ කීහ.










