හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.Sri Lanka Latest News
අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
අද (29) උදෑසන 11:00ට පමණ පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් ලංගම බස් රථයේ ගමන්කළ 12 දෙනෙකු සහ පුද්ගලික බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට සහ හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතර බස් රථ දෙකෙහි රියදුරන් ද සිටින බව වාර්තා වෙයි.
පුද්ගලික බස් රථය කටුනායක සිට සිරිපුර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලික බස් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවන අනතුරට හේතුවන්ට ඇති බවට පොලීසියට සැක පළ කරයි.










