ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය කැඳවූ රැස්වීමක් පැවති ස්ථානයට ගොස් විරෝධය පළකීරිමට එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණ්ඩායම අද (20) කටයුතු කර තිබුණි.Sri Lanka Latest News
එම පක්ෂයේ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජයවර්ධනපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කැඳවා ඇති බව වාර්තා විය
කෙසේවෙතත් එය නීත්‍යනුකූල රැස්වීමක් නොවන බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කර තිබුණි.









