නීති විරෝධි ලෙස කොල්ලකෑ ජනතාවගේ මුදල් සහ දේපළ නැවත ලබාගැනීම , රාජසන්තක කිරීම , අහිමි කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මහලේකම්වරියට භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පිරිස් මහතා පැවැසීය.Sri Lanka Latest News
අද (10) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජී.එල් පිරිස් මහතා අදහස් දැක්වූහ.
මාධ්‍ය හමුවේදී ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසුවේ , ජනතාවගේ මුදල් , දේපළ සොරකම් කළ පිරිසට වර්තමාන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකර සාමාන්‍ය ජනතාවගෙන් හොරකම් කළ මුදල් අය කර ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සමගි ජනබලවේග රජයක් තුළින් හොරකම් කළ දූෂිත මුදල් ජනතාවට සහ රටට ලබාදීම මෙම පනත හරහා සිදුකරන බවත්ය.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පිරිස් මහතා,
‘‘අසීමිත වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ විශාල විරසකයක් අපේ සමාජය තුළ තිබෙනවා. මේ සංස්කෘතිය අවසාන කළ යුතුයි. පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන ප්‍රධාන බාධකය අසීමිත වංචාව දූෂණය බවයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට සිදුකළ යුත්තේ ජනතාව තලලා පෙළලා බදු අය කර ගැනීමට නෙවෙයි. අපිට ආයෝජන අවශ්‍යයි. ලංකාවට ආයෝජන ලබාදුන් ප්‍රධාන රටක් තමයි ජර්මනිය. ලංකාවේ තිබෙන දුෂණය හා වංචාව තුරන් කළොත් ජර්මන් ආයෝජකයන් කැමැතියි ලංකාවේ ආයෝජය කරන්න.
ආණ්ඩුව සියයට 18 ක වැට් බද්දක් ජනතාවගේ කරමත පටවලා තිබෙනවා. වැට් බද්ද රටේ ධනවත්ම පුද්ගලයා සහ දිළිදු පුද්ගලයා එක ලෙස ගෙවන බද්දක්. සමාජ සාධාරණත්වය අනුව නිර්මාණය වුණ බද්ධක් නෙවෙයි. රටේ සිටින දිලිදු අයට බදු පනවන අතර ගජමිතුරු සමාගම්වලට බදු විරාම ලබාදෙනවා. ආණ්ඩුවේ ගජමිතුරු සමාගම් ලාභ ලබාගන්නවා නමුත් කිසිදු මුදලක් මහා භාණ්ඩාගාරයට බදු ලෙස ගෙවන්නේ නෑ. මේක පිටුපසු විශාල වංචාවක් තිබෙනවා. ආණ්ඩුවේ ගජමිතුරු සමාගම්වලට ඔවුන්ගේ සාක්කු පුරවගන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ක්‍රියාදාමය දැඩි ලෙස විවේඡනය කරලා තිබෙනවා.
මේ පසුබිම තුළ රජය දූෂණ විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි ඒ සඳහා සහාය දුන්නා. නමුත් ඒ පනත අසම්පූර්ණයි. ජනතා මුදල් වංචා කළ පිරිසට දඩුවම් දීම වගේම කොල්ලකාපු ජනතා මුදල් නැවත මහ භාණ්ඩාගාරයට ලබාගන්න ඕන. රජය ඉදිරිපත් කළ දූෂණ විරෝධි පනතේ පැහැදිලි අඩුපාඩුවක් තිබෙනවා. ජනාතාවගෙන් දූෂිත ලෙස සොරාගත් මුදල් තැන්පත් කරලා තිබෙන්නේ විදේශීය රටවල්වල. ඒ මුදල් ලබාගැනීමට විධිමත් ක්‍රමයක් රජය ඉදිරිපත්කළ පනතේ දකින්න ලැබෙන්නේ නෑ. ඒක විශාල අඩුපාඩුවක්.
ඒ අඩුපාඩුව පියවීම සඳහා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය මුණගැසිලා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත භාර දුන්නා. මේ පනතින් කොල්ලකාපු ජනතාව සතු මුල්‍ය සම්පත් මේ පනත හරහා ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. වර්තමාන නීතියට වඩා සාර්ථික නීතියක් තමයි
පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට ඉදිරිපත් කළේ.
වර්තමාන නීතිය අනුව හොරකම් කළ ජනතා දේපළ මුදල් නැවත ලබාගැනිමට නොහැකි වීමට හේතුව වන්නේ උප්පු කිරිමට අපහසුයි. එය ලිහිල් කරන වගන්තියක් සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පතට ඇතුළත් කළා. සිවිල් නඩුවලට උප්පු කිරිමේ ප්‍රමිතිය ඇතුළත් කළා. එයින් විශාල වෙනසක් සිදුවෙනවා. ජනතාවගෙන් කොල්ල කාපු මුදලින් කොටසක් හෝ ලබාගන්න පුලුවන් වුණොත් ජනතාව මත පටවලා තිබෙන අධික බදු බර අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා. මේ නව පනත හරහා එවැනි තත්ත්වයක් ඇති කිරිම තමයි සමගි ජනබලවේගයේ අරමුණ.
සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පතට හරහා කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩලයක් යෝජනා කරලා තිබෙනවා. ඒ මණ්ඩලයට පුළුල් බලතල තිබෙනවා. ජනතා මුදල් සොරකම් කළ පිරිස අත්අඩංගුවට ගැනීම වචන වලට සීමා කරන්නේ නැතිව ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගැනීම සඳහා නීතිමය ව්‍යුහයක් සකස් කිරිම සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනතේ ප්‍රධාන අරමුණ වෙනවා.
කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩලයට නියෝග ලබාදීමට බලයක් තිබෙනවා. ඒ නියෝග වලින් රටින් කොල්ලකාපු මුදල් නැවත ලබාගන්න පුලුවන්. සංරක්ෂණ නියෝග , අහිමි කිරිමේ නියෝග , අත්හිටුවීමේ නියෝග , සොරාගත් මුදල් රාජසන්තක කිරිමේ නියෝග යෝජිත කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩලයට ලබාදෙන්න පුලුවන්. ජනතාවගේ සොරාගත් මුදල් නැවත ලබාගෙන ඒ මුදල් මහ බැංකුවේ ගිණුමක් විවෘත කරලා එය පවත්වාගෙන යාමට මෙම පනතේ ප්‍රතිපාදන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියලු නඩු ශ්‍රි ලංකා මහාධිකරණයට යොමු කිරිමට ප්‍රතිපාදන තිබෙනවා.
ඒ වගේම කොල්ල කාපු මුදල් නැවත ලබාගැනීම ජනතාවගේ ප්‍රධාන අභිමතාර්ථය. එය ඉටු කිරිම සඳහා සජබ මහලේකම්වරයාගේ නායකත්යෙන් සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉන්පසු නීතිපතිට යොමු කරලා , කමිටු වල විමර්ශනය ලක්කරලා
හැකි ඉක්මනින් සමගි ජනබලවේග රජයක් යටතේ පළමුව සම්මත කරන පනත තමයි සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත.‘‘
එහිදී අදහස් දැක්වූ ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
‘‘අපි අද ජිවත් වන්නේ බංකොලොත් වුණ රටක. රටේ සමහර දේශපාලඥයින් , නිලධාරීන් සහ වෙනත් පුද්ගලයින් මහජන දේපළ දූෂිත ලෙස මංකොල්ල කාපු නිසයි. මහජන දේපළ දූෂිත ලෙස මංකොල්ල කාපු මුදල් ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල ආයෝජනය කරලා තිබෙනවා. නමුත් එම මුදල් , දේපළ ලබාගන්න නීතඥානුකූලව කටයුතු නොකර ජනතාව මත බදු පටවලා වෙනත් පිරිසක් සොරකම් කළ මුදල් ජනතාවගේ අය කරගන්න කටයුතු කරනවා.
දේශපාලඥයින් , රාජ්‍ය නිලධාරින් අයථා ක්‍රම මගින් උපයාගත් වත්කම් නැවත රජයට පවරා ගැනීමේ නීති ප්‍රතිපාදන නෑ. රජය දිගින් දිගටම කිව්වා ඒ වත්කම් නැවත පවරාගැනීමට කටයුතු කරනවා කියලා. රජය ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා වෙනුවට දාලා තිබෙන නඩු ටිකත් ඉවත් කරගෙන තිබෙනවා.
සමගි ජනබලවේගයෙ වෙනුවෙන් අපිට පුළුවන් වුණා දූෂණ විරෝධි පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනවාවක් ලෙස පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න. නමුත් රජය වෙනම පනතක් ලෙස දූෂණ විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එසේ සිදුකළත් එම පනතට විපක්ෂය සහයෝගය ලබාදුන්නා. නමුත් රජය එම පනත ක්‍රියාත්මක කළේ නෑ. දිගින් දිගටම රටේ දූෂණ වංචා සිදුවෙනවා.
ඒ අනුව සමගි ජනබලවේගය තීරණය කළා සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න. මේ පනතින් සිදුකරන්නේ , නීති විරෝධී කටයුතු වලින් උපායාගන්නා බවට සාධාරණ ලෙස සැකකරන දේපළ , තහනමට ගැනීමට රාජසන්තක කිරිම , කළමනාකරණය කිරිම සඳහා විස්ථීරණ විධිවිධාන සැපයීම සඳහා පනත් කෙටුම්පත. මේ පනතින් සිදුකරන්නේ අසාධාරණ ලෙස , දූෂිත ලෙස මංකොල්ල කාපු මුදල් දේපළ නැවත ලබාගන්න කටයුතු කිරිම. මේ පනතින් ඒ සඳහා නීති ප්‍රතිපාදන තිබෙනවා.
පැන්ඩොරා පත්‍රිකාවල නම් තිබෙන පිරිසක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. උගන්ඩාවේ , ඩුබායි , සීශේල්ස් රටවල්වල ලංකාවේ දේශපාලඥයින් සහ විවිධ පුද්ගලයින් මුදල් ආයෝජනය කරලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. සොරකම් කළ වත්කම් ප්‍රතිසෝදන පනත් කෙටුම්පතින් විදෙස් රටවල ආයෝජනය කරලා තිබෙන මුදල් සහ දේපළ ලබාගැනීමට අවශ්‍ය නීති රිති ඉදිරිපත් කරලා තිබෙනවා.
එමෙන්ම නැවත පවරා ගන්න දේපළ පිළිබඳ සොයාබලන්න කළමනාකරණ මණ්ඩලයක් පත්කරලා ජනතා අයිතියට ඒ මුදල් සහ දේපළ ලබාදෙන්න කටයුතු කරනවා.
ජනතාවගේ මුදල් , දේපළ සොරකම් කළ පිරිසට වර්තමාන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකර සාමාන්‍ය ජනතාවගෙන් ඒ හොරකම් කළ මුදල් අය කර ගන්න වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ.
සමගි ජනබලවේග රජයක් තුළින් හොරකම් කළ දූෂිත මුදල්වල ජනතාව ලබාදීම සහ රටට ලබාදීම තමයි සොරකම් කළ වත්කම් ප්‍රතිශෝධන පනත් කෙටුම්පත මගින් සිදු කරන්නේ.
සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරියට භාරදීලා තිබෙනවා. ඒ වගේම මේ පනත නීතිපතිට යොමුකරලා මාස 6 ක් තුළ ඉදිරිපත් කළ යුතුයි. රජයෙන් , නීතිපතිගෙන් සහ පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් ඉල්ලා සිටිනවා මේ පනත රටට අවශ්‍ය පනතක්. පනත ඉදිරිපත් කිරිමේදී දේශපාලන බලපෑම් වලට යටත් නොවී ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
යහපාලන ආණ්ඩුව කාලයේදී දුෂණ වංචා ලිපිගොනු විශාල ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. නඩු පවරලා තිබෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව එ් නඩු එකින් එක ඉවත් කර ගන්නවා.
ජනතාව සතු වත්කම් දේපළ සොරකම් කළ පිරිසට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා ඒ වගේම ජනාතාවගෙන් සොරකම් කළ වත්කම් දේපළ ජනතාවට පවරා දෙන්න මේ පනත මගින් කටයුතු කරනවා. හොරු අල්ලනවා , හොරුන්ට දඩුවම් කරනවා. ඒ සඳහා නිති සකස් කරලා තිබෙනවා. ජනතාවගෙන් හොරකම් කළ මුදල් සහ වත්කම් ලබාගැනීමට ක්‍රියාත්මක කරන්න තිබෙන සෑම නීතියක්ම ක්‍රියාත්මක කරනවා.‘‘










