ආණ්ඩුවෙන් ගෙන ඒමට යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරිමට සමගි ජන බලවේගය නියෝජනය කරමින් වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නක් බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීම අපේක්ෂාවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ගොනු කිරීම නීති උපදේශක තර්මරාජා තර්මරාජ් මහතා සිදු කළ අතර මේ සම්බන්ධයෙන් උසාවියේ පෙනී සිටින්නේ සමගි ජන බලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ ෆර්මාන් කසීම් හා නීතිඥ හෙජාස් හිස්බුල්ලා යන මහත්වරු වේ.










