කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විමර්ශනවලට බාධා වන අයුරින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (11) පැමිණිල්ලක් ගොනු කළේය.Sri Lanka Latest News
ඔවුන් එම පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මීට පෙර ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දී ඇති බවය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දූෂණ චෝදනා එල්ල කරමින්, වැඩ තහනමට ලක්ව සිටින චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉකුත් දෙවැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
තමාට හිමි ප්‍රමාණය ඉක්මවා නිලවාහන භාවිත කිරීම, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම හා නිල නිවාස දෙකක් භාවිත කිරීම ඇතුළු චෝදනා රැසක් චමින්ද කුලරත්න මහතා සිය පැමිණිල්ලෙන් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබුණි.
එවන් පසුබිමක අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට යොමු කළ ලිපියක් පිළිබඳ පෙබරවාරි 05 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදි කරුණු අනාවරණය කළේය.










