අධිකරණ නියෝගයක් මත කල් තැබුණු බේරුවල නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්රධානත්වයෙන් ඊයේ (14) පැවැත්විණි.Sri Lanka Latest News
එහිදී සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම විවෘත ඡන්දයක් ලෙස පැවැත්වීමට බහුතර කැමැත්ත හිමිවිය.
ඒ අනුව පැවැති විවෘත ඡන්දයේදී සමගි ජන බලවේගයේ සභිකයින් 6 දෙනාගේ සහාය මාලිමාවට හිමිවූ අතර එහිදී බේරුවල නගර සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට හිමිවූ අතර උප සභාපති ධුරය සමගි ජන බලවේගයට හිමි විය.
බේරුවල නගර සභාවේ සමස්ත සභික ධුර ගණන 16න් සභික ධුර 07ක් ස්වාධීන කණ්ඩායම් 1 දිනා ගත් අතර සමගි ජන බලවේගය සභික ධුර 06ක් සහ ජාතික ජන බලවේගය සභික ධුර 03ක් දිනා ගනු ලැබීය.
ඒ අනුව අද දිනයේදී පක්ෂ මතයට පිටින් කටයුතු කළ සජබ මන්ත්රීවරුන් 6 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට විනය ක්රියාමාර්ග ගැනීමට සජබය කටයුතු කොට තිබිණ.










