• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අක්කයි-නංගියි කාමාතුර බෑනයි පවුලම විනාශයි! Sri Lanka Latest News

March 16, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඕනෑම සමාජයකට පොදු සාරධර්ම පද්ධතියක් තියෙනවා. ඒ සාරධර්මවලට අපි හැමෝම ගරුකළ යුතුයි. ඒවා පිළිපැදිය යුතුයි. ඒවා පිළි නොපදිනවා නම් සිදුවෙන්නේ තමාටත් සමාජයටත් අයහපතක් වගේම විනාශයක්. සාරධර්මවලට සමාජ සම්මතවලට ගරු නොකර හිතු මතේට කටයුතු කිරීම නිසා සිදුවූ මහා ඛේදවාචකයක් ගැන පහුගිය දවසක ඇල්පිටිය ප්‍රදේශයෙන් අහන්න ලැබුණා. Sri Lanka Latest News

මේ කනගාටුදායක සිදුවීමට මුහුණ දුන්නේ හංසිකා. ඇය තම සහෝදරියගේ සැමියා සමග අනියම් සම්බන්ධයක් දුරදිග යෑම නිසා ඇයට මෙලොවින් සමුගන්න සිද්ධ වුණා. හංසිකා දරුවන් හතරදෙනකුගෙන් යුත් පවුලේ බාල දියණියයි. මවුපියන් සමග දිවිගෙවූ ඇය සිය වැඩිමහල් සහෝදරියගේ දරුවන් බලාගැනීමට ඔවුන්ගේ නිවෙස වෙත යාම පුරුද්දක් කරගෙන තිබුණා. සහෝදරිය පදිංචිව සිටියේ ඇල්පිටිය මන්නකන්ද ප්‍රදේශයේයි. මේ අතර, සහෝදරියගේ ස්වාමියා (සුදේශ් ප්‍රියංකර) සමග සමීප සම්බන්ධතාවයක් පටන්ගෙන තිබුණේ කිසිවකුටත් නොදැනෙන ලෙසයි. එම සම්බන්ධය දලුලා වැඩෙත්ම ඇය මීට මාස කිහිපයකට පෙර සිට සිය අනියම් සැමියා (මස්සිනා) සමග නිවෙසක් කුලියට ගෙන එහි පදිංචියට ගොස් තිබුණා. අවසානයේ ඔවුන් කුරුඳුගහහැතැප්ම තලාව ප්‍රදේශයේ කුලී නිවෙසකට පැමිණ තිබුණේ මීට මසකට පමණ පෙරදීයි. මුලදී බොහෝ ආදරයෙන් දිවිගෙවූ මෙම යුවල අතර විටින් විට බහින්බස්වීම් ද ඇතිවන්නට පටන්ගෙන ඇති අතර, හංසිකා තම මවට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ මස්සිනා තමාව බලහත්කාරයෙන් සිර කරගෙන සිටින බවත්, තමාව ඔහුගෙන් නිදහස් කරගන්නා ලෙසයි. අවසානයේ මවුපියන් පැමිණ හංසිකාව කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටා තිබෙන මහගෙදරට රැගෙන ගොස් ඇත.

කෙසේ හෝ හංසිකාගේ අනියම් සැමියා නැවත වරක් පැමිණ ඇයට තර්ජනය කර ඇති අතර, ඉන් බියට පත් ඇය පසුගිය 04 වැනිදා පොලිසියට ගොස් පැමිණිල්ලක් කර ඇත්තේ ඉන් කිසියම් සහනයක් ලැබේ යැයි සිතාගෙනය. මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා දින නියම කර තිබුණේ පසුගිය 08 වැනිදාටය. එදින හංසිකා තම මව සහ තවත් සහෝදරියක් සමග ත්‍රිරෝද රථයකින් පොලිසියට යෑමට පිටත්ව ගොස් ඇත. එසේ යන අතරමඟදී මස්සිනා තවත් කිහිපදෙනකු සමග වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති ඇති අතර, තල්ගහ පාලම අසලදී ඔවුන් හංසිකාව පැහැරගෙන ගොස් තිබුණේ ඇගේ මවටත් සහෝදරියටත් තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වමිනි. ඔවුන් ඇල්පිටිය පොලිසියට ගොස් පැහැරගැනීම පිළිබඳ පැමිණිල්ලක් කර ඇත. ඒ අතර තුර ඔවුන් දන්නා සෑම තැනකම සිය දියණිය සෙවූවද ඇය ගැන කිසිදු ආරංචියක් ලැබී තිබුණේ නැහැ.

මේ පැහැරගැනීමට පසු දින උදෑසන ඔවුන්ගේ අසල්වැසියෙක් හංසිකාගේ මෘත ශරීරය දැක ඇති අතර, ඔහු ඒ පිළිබඳ ඇල්පිටිය පොලිසියට දැනුම් දී තිබුණා. ඒ අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ සිදුකන්නට විය. හංසිකාගේ මස්සිනා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

මේ අතර, මෙම ඝාතනය සිදුකිරීමට ප්‍රධාන සැකකරුට සහාය දැක්වූ ත්‍රිරෝද රථ රියැදුරා වූ 27 හැවිරිදි පුද්ගලයා කරණ්දෙණිය පොලිසියට භාරවී ඇත. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් සැකකරු සමග කුලී පදනම මත ත්‍රිරෝද රථයෙන් පැමිණි බවත්, තලාව නානායක්කාර මාවතේ ෆාම් ඔයිල් වත්තට සැකකරුව ගෙන ගොස් ඇරලූ බවයි.

ඉන් දින කිහිපයකට පසු (12 වැනිදා) මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුදේශ් ප්‍රියංකර අත්අඩංගුවට ගැනුණා. පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පාපෝච්චාරණය කර ඇත්තේ හංසිකා වෙනත් පුද්ගලයකු සමග සම්බන්ධයක් පවත්වාගෙන යෑම හේතුවෙන් ඇයව ඝාතනය කළ බවයි. අනතුරුව සැකකරු ඇල්පිටිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඝාතනයට ලක්වූ හංසිකාගේ පියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.

‘පෙබරවාරි 23 වැනිදා මුලින්ම දුවව අරන් ගියාම අපි සුදේශ්ට ගහලා අරන් ආවා. දුව මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානමින් හිටියේ. ඊට පස්සේ ආපහු මෙයා ඇවිල්ලා අරන් ගිහින් තිබුණා. හෙව්වා හෙව්වා හොයාගන්න බැරිවුණා. පස්සේ මේ දුව කේක් කඩේක වැඩකරලා තියනවා. අම්මාට කෝල් එකක් දීලා කියලා තිබ්බේ අම්මේ මම අහවල් කඩේ ඉන්නේ ඇවිත් අරන් යන්න කියලා. ඊට පස්සේ තමයි මේ ගෙදර ඉඳලා තියෙන්නේ.’

ඝාතනයට ලක්වූ හංසිකාගේ මළ සිරුර මුලින්ම දුටු සුනිල් පිරීස් මෙම සිදුවීම විස්තර කළේ මෙලෙසය.

‘මම චන්දිමාගේ (චන්දිමා යනු මියගිය තරුණිය ජීවත් වූ ප්‍රදේශයේ අසල්වැසි කාන්තාවකි) ගෙදර ගියා. එයාගේ මහත්තයා කිව්වා අංකල් මම කොළඹ ඉන්නේ, අපේ මිදුල උඩින් කවුද මාළු කපන වගේ පිහියක් අරන් ගිහින් තියෙනවා, ටිකක් හොයලා බලන්න කියලා. මම මේ කෙටි පාරේ යනකොට තමයි රතුපාට ගවුමක් ඇඳගත්තු මේ ගෑනු ළමයා වත්තේ වැටිලා ඉන්නවා දැක්කේ. මම ඊට පස්සේ ගිහින් ඉඩම් අයිතිකාරයාව දැනුවත් කළා. පස්සේ පොලිසියට ගිහින් කිව්වා. මේ ගෙදර පදිංචි වෙලා හිටියේ මීට මාසෙකට කලින් ඉඳලා. කවදාවත් අපි මේ ළමයා එක්ක කතා කරලා නැහැ. අපිට ආරංචි වුණා අක්කාගේ ළමයි බලනකොට අක්කාගේ මහත්තයාත් එක්ක යාළුවෙලා කියලා. අක්කගේ මහත්තයා එක්ක තමයි හොරෙන් ඇවිත් පදිංචි වෙලා තියෙන්නේ. අක්කට ළමයි දෙන්නෙක් ඉන්නවා. අක්කගේ ළමයි බලාගන්න තමයි ඒ ගෙදර මුලින් ගිහින් තියෙන්නේ පස්සේ තමයි සම්බන්ධය මේ දෙන්නා අතර ඇතිවෙලා තියෙන්නේ’.

ඇයට තම මස්සිනාගේ වචනයට පිටුපාන්නට නොහැකි තත්ත්වයක් උදාවුණේ ඇගේ නොතේරුම්කමත් දුරදිග බලා කටයුතු නොකිරීමත් නිසාය.

දරුවෝ කොයි තරම් වැරැදි කළත් ඔවුන් දුක් විඳිනකොට අහක බලන්න මවුපියන්ට පුළුවන්කමක් නැහැ. ඒ නිසාම තමයි තමන්ගේ බාල දියණිය දුක් විඳිනකොට ඒ දුකෙන් ඇයව මුදාගන්න නැවතත් තමා ළඟට ගෙන්වා ගත්තේ.

විවාහ නොවුණු තරුණ දියණියන් ඉන්න මවුපියන් සිය දියණිවරුන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම පවුලට සම්බන්ධ වෙනත් පිරිමි පුද්ගලයන්ගෙන්ද ඔවුන්ව ආරක්ෂා කරගැනීම මවුපියන්ගේ වගකීමකි. ඒ වගකීම මවුපියන් අතින් හරි හැටි ඉටු නොවුණු තැන මෙවැනි ඛේදවාචක සිදුවන බව මේ සිදුවීමෙන් හොඳින්ම පැහැදිලි වේ.

නිලන්ති රේණුකා

හංසිකා තරුණ දිවියට පා තැබුවා විතරයි. ජීවිතයේ තව බොහෝ දුරක් ඇයට යන්නට තිබුණා. ළාබාල වයස නිසා ඇයට ජීවිතයේ බරක් පතලක් නොදැනෙන්නට ඇති. ඇය ආශාවන්ට මුල්තැන දුන්නා. තමන්ගේ සහෝදරියගේ සැමියා තමන්ගේම සහෝදරයෙක් සේ සිතා කටයුතු කළා නම් අද මෙවැනි කනගාටුදායක සිදුවීමක් නොවන්නට ඉඩ තිබුණා. සාරධර්ම නොරැකීම නිසා සිදුවූ මේ විපත අපි හැමෝටම හොඳ පාඩමක් කියා දෙනවා.

බුදුරජාණන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර තියෙන්නේ බිරිඳට ගරු කරන්න කියලා. අන් අඹුවන් කරා නොයන්න කියලා. කාම මිථ්‍යාචාරයේ යෙදුණොත් එහි ප්‍රතිඵලය වෙන්නේ අනුන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන්න වගේම නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වීමට සිදුවීමයි. අවුරුදු 2600කට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒ උතුම් සීලයේ වටිනාකම හංසිකාත්, ඇගේ අනියම් සැමියාත් දැනගෙන හිටියා නම් අද මෙවැනි ඛේදවාචකයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ.

SendShareShare
Previous Post

විනයගරුක ගුණගරුක සමාජයක් බිහිකරන භික්ෂු උපදේශක සභාව අද කළුතරදී! විපක්ෂනායකවරයාගේ තවත් සංකල්පයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙගා ස්ටාර් බච්චන්ට හුස්ම ගන්න අමාරු ‌වී ඉස්පිරිතාලේ නවත්වයි! වහාම එන්ජියෝග්‍රැම් එකක් කරයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.