සිංගප්පූරුවේ සැපයුම්කරුවෙකුගෙන් ණය පහසුකම් මත ලබන මාසයේදී බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ජනවාරි 23 හෝ 24 දෙදින තුළ එම බොරතෙල් තොගය මෙරටට ලැබීමට නියමිත බවයි.
ඉදිරි මාස 06ක කාලය තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 540,000 ක් ආනයනය කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මෙම මිලදී ගැනීම් රාජ්‍ය බැංකුවක් විසින් විවෘත කරන ලද ණයවර ලිපි හරහා ණය මත සිදු කෙරන්නකි.
ණයවර ලිපිවල ලැයිස්තුගත කර ඇති කොන්දේසි මත පදනම්ව ගෙවීම් කරන දිනය තීරණය කෙරෙනු ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.










