කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී අද (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.Sri Lanka Latest News
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇත.
එම අවස්ථාවේ දී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබේ.










