කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.Sri Lanka Latest News
සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්ය.
ඒ අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් නිවස තුළ සිට පොලීසියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.
එහිදි පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් සැකකරු මියගොස් ඇති බව කඳාන පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කළේය.
මෘත ශරීරය මේ වන විට කිරිබත්ගොඩ රෝහලේ මෘත ශරීරගාරයේ තැන්පත් කර ඇති අතර සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










