කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවය.
සැකකරුවන් කාර් රථයකින් පැමිණ ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
————————————-
කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්
කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.










