කොරෝනා අවදානම හේතුවෙන් තවත් නගර 21 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇති අතර ඒ හේතුවෙන් දැනටමත් වසා දමා ඇති මුළු නගර සංඛ්‍යාව 79 කි.
මෙම නගරවල ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.
ඒ අනුව, වරකාපොළ, වාරියපොල, දූනගහ, කුලියාපිටිය, කඹුරුපිටිය, ඌරුබොක්ක, පාදුක්ක, ඇහැළියගොඩ, මැදගම, හංහමුණුව, කිලිනොච්චිය, තිස්සමහාරාමය, වීරවිල, පන්නේගමුව, යෝධකණ්ඩිය, දෙල්ගොඩ, හික්කඩුව, හබරාදූව, බඩල්කුඹුර, ගාල්ල උඩුගම, හසලක යන නගරවල කඩසාප්පු මෙන්ම වෙළෙඳ සංකීර්ණ ද අද (19) සිට මෙසේ වසා දමා ඇත.










