අද දිනට යෙදී ඇති ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම දිනය සැමරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එතුමියගේ නිවසට පැමිණියේය.Sri Lanka Latest News
මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇයගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළේය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රෝහණ බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, ජේ. සී. අලවතුවල, දිලිප් වෙදආරච්චි, එම්. ධර්මසේන, සුජීව සේනසිංහ, කිංග්ස් නෙල්සන්, චිත්‍රාල් ප්‍රනාන්දු, බි. ආරියවංශ හා දයාන් විතාරණ මහතා ප්‍රමුඛ ගායක ගායිකාවක් සහ ලතා වල්පොළ මහත්මියගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද එක්විය.
















