බැසිල් රාජපක්ෂ මහතා වෙත පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ.
එම සටහන මෙසේය.
වහාම පාර්ලිමේන්තුවට පැමීණ ජාතික ආර්ථිකය සම්බන්ධ වගකීම් භාරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.
ඒ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙනි.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා ගැනීමට අකමැත්තෙන් සිටින බවත් වාර්තා වේ.
ඔහු ප්‍රකාශ කරන්නේ තමන් පාර්ලිමේන්තු නොයා සෙසු ජාතික දේශපාලන වගකීම් ඉටු කරමින් කටයුතු කිරීමට ප්‍රිය කරන බවයි.
කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික ආර්ථිකය දැඩි අවපීඩනයක ලක්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂගේ ආර්ථික කළමණාකරණ හැකියාව රටට අවශ්‍යයම වී තිබෙන බවයි.
තත්ත්වය උග්‍ර කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිවලින්ද පාර්ලිමේන්තු පැමිණෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.
එම වෘත්තීය සමිති නිළධාරීන් ලිඛිතවම මෙම ඉල්ලීම සිදු කරමින් සිටින බවත් සඳහන්.










