බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ “කිං” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කරමින් සිටියදී අනතුරකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගෙන ගොස් ඇති අතර, ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.
ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඔහු සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල රූගත කිරීම් නැවත ආරම්භ කිරීමට පෙර මාසයක නිවාඩුවක් ගත කරනු ඇති බවයි.
මේ සමගම, ජූලි සිට අගෝස්තු දක්වා කිං චිත්‍රපටයේ රූගත කිරීම සඳහා වෙන්කරවා ගත් ඇතැම් ස්ථාන නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ද වාර්තා වෙනවා.
කිං චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාවේ සහ යුරෝපයේ සිදු කිරීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ.










