• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි හතහමාරේ කොල්ලය පැය 24න් අල්ලයි! සැකකරුවකු සමග කෝටි 4ක් හොයාගනී! පොලිසියත් දැන් පටපට ගාලා වැඩ කරන්න පටන් අරන්! I Sri Lanka Latest News

November 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි හතහමාරේ කොල්ලය පැය 24න් අල්ලයි! සැකකරුවකු සමග කෝටි 4ක් හොයාගනී! පොලිසියත් දැන් පටපට ගාලා වැඩ කරන්න පටන් අරන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස් කරන පෞද්ගලික සමාගමක රියැදුරකු පෙරේදා (18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක මුදලක් සමඟ වෑන් රථය රැගෙන පලා යෑම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකුම හඳුනා ගනිමින් රුපියල් කෝටි 04ක පමණ මුදලක් ද සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.Sri Lanka Latest News

මුදල් පැහැර ගැනීම සිදුව පැය 24ක් ඇතුළත මෙහි සැලසුම්කරුගේ ප්‍රධාන ගෝලයා පැහැරගත් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වීම පොලීසිය පැත්තෙන් ජයග්‍රහණයක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු අවුරුදු 35ක් පමණ වයසැති මාකෙවිට පදිංචිකරුවකු බව පොලීසිය සඳහන් කරයි. මෙම මුදල් සඟවා තිබී ඇත්තේ මාකෙවිට පිහිටි සැකකරු පදිංචි නිවෙසේය.

අදාළ සමාගමේ සීදුවේ පිහිටි ශාඛාවේ සිට බැංකුවල ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කරමින් යමින් සිටියදී ආරක්ෂකයන් මඟහැර මෙම මුදල් තොගය ද රැගෙන රියැදුරා පලා ගොස් ඇත්තේ මිනුවන්ගොඩදී පෙරේදා (18) පෙරවරුවේදීය.

සීදුවේ සිට බැංකු තුනක ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කර එහි මුදල් තැන්පත් කරන යන්ත්‍රවල එක්රැස්ව තිබූ මුදල් ද රැගෙන මිනුවන්ගොඩ පිහිටි බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදී මෙම පැහැර ගැනීම සිදුව ඇත.

මිනුවන්ගොඩදී බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීම සඳහා ආරක්ෂකයන් ටෙලර් යන්ත්‍රයේ තැන්පත් කරන මුදල් බහා තිබූ තැටිය රැගෙන කුඩා වෑන් රථයෙන් බැස බැංකුවේ ටෙලර් යන්ත්‍රය වෙත ගමන් කරන අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව ගම්පහ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා සඳහන් කළේය.

ආරක්ෂකයන් ඇතුළු තිදෙනකු රියැදුරුට අමතරව මුදල් තැන්පත් කිරීමේ කටයුතු සඳහා යොදවා තිබී ඇත. මුදල් තැන්පත් කිරීමේ කටයුතු සඳහා ඔවුන් තිදෙනාම මුදල් ද සමඟ වෑන් රථය රියැදුරු සමඟ තනිකර ගොස් ඇති බවත් දිගින් දිගටම සිදුවන එම දේ මුල්කරගෙන මුදල් පැහැර ගැනීමේ සැලසුම සකස් වී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පොලීසිය මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුදල් රැගෙන රියැදුරු පලා ගිය වාහනය ගම්පහ ගල්බොඩ ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් සැකකාර රියැදුරගේ ඡායාරූපයක් ද පෙරේදා රාත්‍රී කාලයේ මාධ්‍යයට නිකුත් කරනු ලැබීය. 37 හැවිරිදි වියේ පසුවන ඉදිමුණි තුෂාර ඉන්දික සොයිසා නමැති කටාන කිඹුලාපිටියේ පදිංචිකරුවකු වූ ඔහු අදාළ මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයේ රියැදුරුය. වසර දෙකක පමණ කාලයක් අදාළ සමාගමේ සේවයේ නිරතව සිට විශ්වාසය දිනාගෙන සිටියකු බව ද සඳහන්ය.

වෑන් රථය අතහැර දැමීමෙන් පසු මුදල් ද සමඟ රියැදුරුව යතුරුපැදියකින් පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බවට තොරතුරු ද විමර්ශනයේදී හෙළිවී තිබේ. එම පුද්ගලයා උඩුගම්පොල අස්ගිරි වල්පොල පදිංචි වයස අවුරුදු 40ක් වන ඩබ්ලිව්.ඒ.ඩී.එස්. රණසිංහ නමැති අයෙකි.

සැකකාර රියැදුරු තුෂාර ඉන්දිකට අමතරව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ ඉන්දිකව මුදල් ද සමඟ යතුරුපැදියෙන් රැගෙන ගිය සැකකරු වන රණසිංහ නමැති අයගේ ඡායාරූපය ද මාධ්‍යයට නිකුත් කළේය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගම්පහ I නාලක සේනානායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන වික්‍රමසිංහ, මධුරංග, උදයශාන්ත, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පානන්ද (2926), ධනපාල (55460), සෙනෙවිරත්න (55466), වීරසූරිය (61971), පොලිස් කොස්තාපල්වරුන් වන ලක්ෂාන් (25075), දිල්ෂාන් (24328), ප්‍රදීප් (30190), ලක්මාල් (37801),පොලිස් සැරයන් රියැදුරු හෙට්ටිගේ (1867) යන නිලධාරීහු විමර්ශනවලට සම්බන්ධව සිටිති.

SendShareShare
Previous Post

රේගුවෙන් හොරට පන්නපු වාහන 400ක් හොරට රෙජිස්ටර් කරලා කෝටි 500කට වඩා වංචා කරපු RMV ලොක්කන් පෝලිමේ උසාවි ගෙන්වයි! තාම හොයාගෙන තියෙන්නෙත් වාහන 16ක් විතරයි! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ අධ්‍යාපනයට පාලකයො කරලා තියෙන වින්නැහිය! ගිය අවුරුදු 5ට ඉස්කෝල 96ක් වැහිලා! සිසුන් ගණන 178,965කින් අඩුවෙලා! අලුත්ම සංගණනයෙන් එළියට ආ භයානක හෙළිදරව්ව! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.