‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ හිටපු ප්‍රධාන කතෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොලමන්ස් අප්‍රේල් 10 සිකුරාදා දහවල් දිවියෙන් සමුගත්තේය. මියයන විට 66 හැවිරිදි වියේ පසුවූ අනුර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්කර සිටියදී මෙසේ අභාවප්‍රාප්තවී තිබේ. අනුර සොලමන්ස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 12වන ඉරිදා පස්වරු තුනට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අප්‍රේල් 11 වන සෙනසුරාදා දහවල් සිට බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේදී තැන්පත් කෙරෙනු ඇත.Sri Lanka Latest News
වත්තලදී 1960 මාර්තු 11දා උපන් අනුර සොලමන්ස් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පෝෂණය කිරීම සඳහා ඉකුත් ඉකුත් දශක හතර තුළ සුවිශේෂ කැපකිරීමක් කළේය. හැත්තෑව දශකයෙ අවසාන භාගයේදී ‘ඉරිදා’ පුවත්පත හරහා පුවත්පත් කලාවට එක් වූ අනුර සොලමන්ස් දිවයින පුවත්පත ආරම්භ කිරීමේදීම එහි සමාරම්භක කර්තෘ මණ්ඩලිකයෙක් විය. පසුව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස වසර 06කට අධික කාලයක් කටයුතු කළේය. ඔහු විසින් දිවයින දිනපතා සහ දිවයින ඉරිදා පුවත්පත්වලට ලියන ලද කතු වැකි මෙරට පාඨකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට සහ ආන්දෝලනයට ලක් විය. එමෙන්ම ‘තිරමිණ’ පුවත්පතේ සමකතෘ වශයෙන්ද හෙතෙම කලක් කටයුතු කළේය.
හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය උපදේශකවරයෙකු වශයෙන් ද ඔවුන්ගේ ධූර කාලසීමාවන්හිදී කටයුතු කළ අනුර සොල්මන්ස්ගේ බිරිය වූයේ ලක්බිම දිනපතා පුවත්පතේ හිටපු විදේශ කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිශානි දිසානායකය. දෙදරු පියකු වූ ඔහුගේ පුතු ඉසුරු විය. දියණිය යශෝධරාය. අනුර මියයන විට ඔහුට මිණිපිරි මිණිබිරියන් තිදෙනෙකි. ශාන්ත ජෝන්, කෑගල්ලේ ශාන්තමරියා සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ සොලමන්ස් විදේශ මාධ්‍ය පුහුණු වැඩසටහන් ගණනාවකටද සහභාගි විය. ඔහුගේ එකම සොහොයුරා වූයේ ප්‍රවීණ ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක්වූ පාලිත ශාම්දාසය.










