
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර ආරම්භවීමත් සමග මහජන ආරක්ෂාව සහ පෙරහැර ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ,පොලීසිය කරන ලද සෝදිසි කිරීම් වලදී ජාතික හැඳුනුම්පත් 08 ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙක්සහ සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකු අත් අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මහනුවර පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.Sri Lanka Latest News
මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා රන්දෝලි පෙරහැර අවසන් වන තෙක් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් හයදහසකට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් , පෙරහැර වීථී සංචාරය කරන අවස්ථාවන්හිදී නගරයේ පෙරහැර මාර්ගයන්හී රථ වාහන ධාවනයට අවසරයක් ලබා නොදෙන බවත් පැවසීය.
පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව ,පෙරහැර වීථී සංචාරය කරන අවස්ථාවන්හිදී පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට බාධා වන අයුරින් කැමරා ආලා්ක ධාරා නිකුත් කිරීමෙන් සහ වෙනත් ආලෝක ධාරා විහිදුවන උපකරණ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙසද ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් පෙරහර අවසන් වන තෙක් දිවා රාත්‍රී නගරයේ සේවයට යොදවා තිබෙන බවත් ,මහජනයාට කිසිියම් ආරක්ෂක ගැටළුවක් ඇත්නම් ලඟම සිටින පොලිස් නිලධාරින්ට දන්වන්නැයිද ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා ,ජනතාවට දන්වා සිටී.
රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා වැඩි ජනතාවක් මහනුවර නගරයට පැමිණෙන බැවින් මහජනතාවගේ ආරක්ෂාවට විශේෂත්වයක් ලබාදී තිබෙන නිසා ,සෝදිසි කිරීම් සහ ගමන් මළු ඇතුලු භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ආරක්ෂක අංශ වලට සහාය දෙන්නැයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වරයා වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.
කැන්ඩි ප්‍රයිම් නිව්ස්










