• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොහාන් ගිහින් යකා නටපු අනුරපුරේ හිරේ ගිය මන්ත්‍රීවරුන් තුන්දෙනා හොයාගත්ත රහස්!

September 28, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ලොහාන් ගිහින් යකා නටපු අනුරපුරේ හිරේ  ගිය මන්ත්‍රීවරුන් තුන්දෙනා හොයාගත්ත රහස්!
Share on WhatsAppShare on Facebook

පුද්ගලයකු නීතිය විසින් සිරගත කරනු ලබන්නේ එම පුද්ගලයා යම් වරදකට වැරැදිකරුවකු වීම හෝ සැකකරුවකු වීම මතය. කුමන වරදක් සඳහා සිරගත වුවද, සිරකරුවන් බන්ධනාගාරය තුළ කල්ගත කළ යුත්තේ එහි නීති රීතිවලට යටත්වය. ඒ ආකාරයෙන් නීති සම්පාදනය කර ඇත්තේ සිරකරුවන් සතු මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාය. බන්ධනාගාරගත සිරකරුවකුට සාමාන්‍ය පුද්ගලයකුට හිමි සියලු අයිතිවාසිකම් හිමි නොවන නමුත් මානුෂීය වශයෙන් ඔහු සතුවිය යුතු අයිතිවාසිකම් රැසක් නීතිය විසින් සුරක්ෂිත කර ඇත.

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ඇතුළුවී එහි සිටි රැඳවූවන් කිහිප දෙනකුට තර්ජනය කළ බවට වූ පුවත බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ එය නීතියට පමණක් නොව සමස්ත මනුෂ්‍ය සංහතියටම නිගා දෙන සිද්ධියක් වීම නිසාය. මේ පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ තවමත් අවසන්ව නැති නමුත් එම සිද්ධියෙන් පසුව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට රත්වත්තේ මහතා තීරණය කළේය.

එම සිද්ධියෙන් පසුව ඒ පිළිබඳ විවිධාකාරයේ මතවාද සමාජය තුළ පැතිරෙන්නට විය. බන්ධනාගාර කොමසාරිස්වරයා මෙන්ම ලොහාන් රත්වත්තේ මහතාද මාධ්‍යයට ප්‍රකාශ කළේ එවැනි ආකාරයේ සිදුවීමක් කිසිසේත්ම සිදු නොවූ බවය. කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමද කැපීපෙනෙන සිදුවීමකි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් පසුගිය දිනෙක අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රැඳවූවන් හමුවීමට තීරණය කළේ මෙවැනි පසුබිමකය. ඒ වන විට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද එහි ගොස් අදාළ රැඳවූවන් මුණගැසී තිබිණි.
බන්ධනාගාරය වෙත ගමන් කිරීම සඳහා දින නියම කරගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙන ඒ පිළිබඳ නියමාකාරයෙන් බන්ධනාගාර උසස් නිලධාරීන්ගෙන් අවසර ගැනීමටද කටයුතු කර තිබිණි. කෙසේ නමුත් අනුරාධපුරයට ගිය මන්ත්‍රීවරු තිදෙනාට දැනගැනීමට ලැබුණේ තමන්ගේ පැමිණීම පිළිබඳ බන්ධනාගාර උසස් නිලධාරීන් අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන්ව දැනුවත් කර නැති බවය. ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරය වෙතට ඇතුළු වීමට ඉඩ ලබාදිය නොහැකි බව එහි සිටි නිලධාරීන්ගේ මතය විය.

මේ හේතුවෙන් මන්ත්‍රීවරු තිදෙනා සහ එම අවස්ථාවේ එහි රාජකාරි කළ බන්ධනාගාර නිලධාරියා අතර මත ගැටුමක් ඇති වන ආකාරයද දක්නට හැකි විය. එහිදී මන්ත්‍රීවරු ප්‍රශ්න කළේ රජයේ ඇමැතිවරුන්ට බීමතින් රාත්‍රී කාලයේදී බන්ධනාගාරයට ඇතුළු විය හැකි නම් පෙර අවසරයද ලබාගෙන පැමිණි තමන්ට ඒ සඳහා අවස්ථාව හිමි නොවන්නේ මන්දැයි කියාය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස ජනතාව මුහුණ දෙන අසාධාරණයන් වෙනුවෙන් මැදිහත් වීමට තමන්ට අයිතියක් ඇති බවද මන්ත්‍රීවරු අවධාරණය කළහ.

එසේ වුවද, එහි සිටි නිලධාරියා ප්‍රකාශ කළේ තමන්ට එම අනුමැතිය ලබාදිය නොහැකි බවය. මන්ත්‍රීවරුන් තිදෙනා ඒ පිළිබඳ විමසීම සඳහා බන්ධානාගාරයේ උසස් නිලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය සාර්ථක නොවීය. එබැවින් එහි සිටි බන්ධනාගාර නිලධාරියා හරහා අදාළ උසස් නිලධාරීන් සම්බන්ධ කරගැනීමටද මන්ත්‍රීවරු උත්සාහ කළහ. නමුත් එම උත්සාහයද අසාර්ථක වූයේ ඒ අවස්ථාවේ රැස්වීමකට සම්බන්ධ වී සිටින බැවින් මන්ත්‍රීවරු සමග දුරකතනයෙන් සාකච්ඡා කළ නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් දැනුම් දීමත් සමගිනි.

ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඉන් පසුව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාද කතානායකවරයාට සිද්ධිය දැනුම් දුන්නේය. මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවස්ථාව ලැබුණේ ඉන් අනතුරුවය. කතානායකවරයා බන්ධනාගාර නිලධාරීන්ට සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් පසුව අනුරාධපුර බන්ධනාගාරයේ උසස් නිලධාරියකු එම ස්ථානයට පැමිණි අතර ඒ වන විට විනාඩි හතළිස් පහකට අධික කාලයක් මන්ත්‍රීවරු එහි ගතකර තිබිණි.

මන්ත්‍රීවරු තිදෙන බන්ධනාගාරය වෙතට ගමන් කළේ එම උසස් නිලධාරියාද සමගය. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සිරකරුවන් 06 දෙනකු මුණගැසීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමි විය. පසුගියදා ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ සිදුවීමට මුහුණදී තිබුණේ එම සිරුකරුවන් හය දෙනාය.
ඒ අතරින් දෙදෙනකු අධිකරණය විසින් වැරැදිකරුවන් ලෙස නම්කර තිබුණු අතර අනෙක් සිරකරුවන් සිවු දෙනාම තවමත් බන්ධනාගාරගතව ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසටය.

එම රැඳවූවන් සමග සාකච්ඡා කිරීමේදී මන්ත්‍රීවරුන්ට වැටහුණේ අදාළ සිදුවීම පිළිබඳ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ තොරතුරු 100%ක් නිවැරැදි බවය. ඇමැතිවරයා බන්ධනාගාරය තුළට පැමිණි ආකාරය සහ එහිදී සිදුවූ සිදුවීම් පෙළ සිරකරුවන්ගේ මුවින්ම දැන ගැනීමට මන්ත්‍රවරු තිදෙනාට හැකි විය. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා ඒ ආකාරයෙන් හදිසියේ බන්ධනාගාරය තුළට පැමිණියේ කුමන හේතුවකටදැයි යන්න ඒ කිසිවකු නොදැන සිටීමද කැපී පෙනෙන කරුණකි. සිරකරුවන් සියලු දෙනාම ප්‍රකාශ කළේ එයට හේතුව කුමක්දැයි යන්න තමන්ටද සිතාගත නොහැකි බවය. නමුත් එම සිද්ධියෙන් පසුව තම ජීවිත පිළිබඳ දැඩි අවිනිශ්චිතභාවයක් දැනෙන බවද රැඳවූවන්ගේ අදහස විය.

විශේෂත්වය වන්නේ එම රැඳවූවන් හය දෙනාගෙන් සිවු දෙනකුටම සිංහල භාෂාව ඉතා හොඳින් හැසිරවිය හැකි වීමය. දෙදෙනකුට සිංහල භාෂාව කතා කළ නොහැකි වුවත්, ඔවුන්ටද හොඳින් සිංහල තේරුම් ගැනීමේ හැකියාව ඇත. ඒ අතර සිටි එක් තරුණයකු වෙත මන්ත්‍රීවරුන්ගේ වැඩි අවධානය යොමු වූයේ ඔහු ඉතා හොඳින් සිංහල භාෂාව කතා කිරීම හේතුවෙනි. වසර දහතුනක් පුරා බන්ධනාගාරගතව සිටින එම තරුණයා මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කළේ තමන්ට බන්ධනාගාරගත වෙද්දී, සිංහල පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ බවත්, තමන් සිංහල ඉගෙන ගත්තේ බන්ධනාගාරය තුළදී බවත්ය.

“සිරගත වුණු එක හොඳයි නේද. හොඳට සිංහල ඉගෙන ගත්තනේ?” යනුවෙන් එහිදී එම තරුණයාට විහිළුවක්ද කිරීමට මනෝ ගනේෂන් මහතා පියවර ගත් අතර, කාවින්ද ජයවර්ධන මහතා ඔහුට ප්‍රකාශ කළේ නිදහස් වීමෙන් අනතුරුව ඔහු සතු සිංහල දැනුම යොදාගෙන දේශපාලනයට පැමිණීමේ හැකියාවද ඇති බවය.

එම සාකච්ඡාව අතරතුරේදී තමන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීමට එම රැඳවූවන් පියවර ගෙන ඇත. එමෙන්ම තමන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් හමුවීමට පැමිණි බවද, එහිදී තම ජීවිතවලට එල්ල වී ඇති තර්ජන පිළිබඳ දැනුවත් කිරීමට මෙන්ම තමන්ව තමන් උපන් භූමි ප්‍රදේශවලට ආසන්න බන්ධනාගාරයක් වෙත මාරුකර හරින මෙන් ඉල්ලා සිටි බවද රැඳවූවන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ එම රැඳවූවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දිගින් දිගටම පෙනී සිටීමට තමන් ඇතුළු සියලු මන්ත්‍රීවරුන් සූදානම් බවය. එමෙන්ම අදාළ සිදුවීමට සම්බන්ධ වූ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳවද තමන් අවධානයෙන් සිටින බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජාති, ආගම් ලෙස මිනිසුන් වර්ග කිරීමට යෑමේ ඵල විපාක දශක ගණනාවක් පුරා අප අත්විඳිමින් සිටිමු. එබැවින් ජාතිය කුමක් වුවත්, අප මේ මොහොතේ එම සිරකරුවන් වෙනුවෙන් පෙනීසිටිය යුත්තේ ඔවුන්ද අපේ රටේ පුරවැසියන්ය යන හැඟීමෙනි. ඉහත ආකාරයේ දෙයක් සිදුව ඇත්නම් එය ඉතා බරපතළ කරුණක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. සිදු වූයේ කුමක්දැයි යන්න නිසියාකාරයෙන් විමර්ශනය කොට, වැරැදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන මෙන් අප ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කළුවර කුමනට සජිත් එළිය දෙයි! (VIDEO)

Next Post

අපේ යොහානිත් ඉන්දියාවට සින්න වෙයිද?

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.