විපක්ෂයේ ප්‍රබල නායකයන් සියලු දෙනාම පාහේ එකතුව පසුගියදා ඉතා රහසිගතව කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති සාකච්ජාවේ දෙවැන්න ලබන 10 වැනිදා පැවැත්වීමට දින නියම කොට ඇත.
මෙම සාකච්ජාව දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් සංවිධාන කොට තිබිණ.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන්, ගජන් පොන්නම්බලම් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හරිනි අමරසූරිය මහත්මිය අන්තර්ජාලය ඔස්සේ සාකච්ජාවට සම්බන්ධ වී තිබේ.
මීට අමතරව සාකච්ජාවේ ආරාධිත කථිකයන් ලෙස ආචාර්ය ශාන්ත දේවරාජන්, ආචාර්ය රොෂාන් පෙරේරා, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, ආචාර්ය නිෂාන් ඩි මෙල්, ආචාර්ය රාම් මාණික්කලිංගම් සහභාගී වී තිබේ.










