පසුගිය 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද (26) ආරම්භ වේ. (Sri Lanka Latest News)
නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බවයි.
අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරුපත්‍ර ඇගැයිම සිදු කිරිමට සැලසුම් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ පමණක් පාසල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයිම හෙට ආරම්භ කරන බව, නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කළේය.
2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වුණු අතරඊට ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37,596 කි.
newsfirst










