ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් අද (29) සිට කිලෝග්‍රෑමයක් රුපියල් 98 බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
සභාපතිවරයා සඳහන් කළේ, ලැබුණු නාඩු කන්ටේනර් 09ක් මේ වනවිට රේගු නිශ්කාශන කටයුතුවලින් පසු තම ආයතනයට ලැබී ඇති බවය.
මෙමගින් පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට සහල් අලෙවි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් වන බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර කොළඹ වරායේ තිබූ සීනි කනර්ටේනර් 81ක් ද ලංකා සතොස ආයතනය වෙත මේ වනවිට නිදහස් කර තිබේ .
එම සීනි තොග ද රජයේ පාලන මිල යටතේ සතොස ශාඛා හරහා ජනතාවට ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.
මීට පෙර බන්දුල ගුණවර්ධන මහතාද මේ බව මාධ්‍ය හමුවේ කියා සිටියේය.











