සපුගස්කන්ද, දෙනිමුල්ල මංසන්ධියේදී ඊයේ [දෙසැම්බර් 11] සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් සිටින බව සපුගස්කන්ද පොලිසිය පවසයි.Sri Lanka Latest News
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ, ඊයේ දිනයේ රාත්‍රී 7.45ට පමණ මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබිණි.
එහිදී තුවාල ලැබූ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.
ඉතිරි දෙදෙනා සහ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා ඇති බව එම පොලිස් ස්ථානය පවසයි.
එම අවස්ථාවේදී ආසෝක රන්වල මන්ත්‍රීවරයා රිය පදවා ඇත්තේ බීමත්ව ද යන්න බීබීසී සිංහල සපුගස්කන්ද පොලිසියෙන් විමසීමක් කළේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ බව පරීක්ෂා කෙරෙනු ඇතැයි පොලිස් ස්ථානයෙන් වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා සිද්ධියට සම්බන්ධ පාර්ශව දෙක ම සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල උත්සහ කරමින් සිටියි.
BBC සිංහල










