ෆේස්බුක් පිටුවේ ජනාධිපතිවරයාට එරෙහිව සටහනක් තැබීම හේතුවෙන් ජාතික රූපවාහිනියෙන් ඉවත් කරන ලද පාරමී රණසිංහ වහාම සේවයේ පිහුටවන ලෙස සමගි ජ බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය මෙසේය.
අදහස් පලකිරිම. භාෂණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කල මුලික අයිතිවාසිකමකි.වර්තමානයේ එම අයිතිය අභියෝගයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙි.
සාධනිය අදහස් හෝ විවෙිචන විරුද්ධවිමි ලෙස පිළිගෙන එවනි අදහස් පලකරන්නන් හට විවිධ ආකාරයෙන් පිඩනයට පත්කරන ආකාරය දකිමු.
විශෙෂයෙන් සමාජ මාධ්‍ය තුල අදහස් පල කල පිරිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුට කැදවිම අත්අඩංගුවට ගැනිම රදවාතබා ගැනිම තුල පැහදිලි වන්නේ එයයි.
අද වන විට අදහස් දැක්විම නිසා රැකියාව අහිමි කිරිම දක්වා වු තත්වයක් මතුව තිබෙි.
රූපවාහිනි සංස්ථාවෙි සේවයේ නියුතුව සිට පාරමි රණසිංහ මහත්මිය මුහුණු පොතේ තැබු සටහනක් නිසා සේවයෙන් ඉවත්කිරිම තුල එය සනාථවෙි.
අදහසක් පලකිරිම නිසා ගත් මෙම පියවර අපිතරයේ හෙලා දකිමු.
වහාම පාරමී රණසිංහ මහත්මිය සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමු.
ඉම්තියාස් බාකීර් මාකාර්
පාර්ලිමේන්තු මන්ත්‍රී
සමගි ජන බලවේගය.










