රටට සිදුවූ දැවැන්ත පරිසර හානිය මුල්කරගෙන එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමට එරෙහිව නඩු පැවරීමට සමගි ජන බලවේගය කටයුතු කොට ඇත.
ඒ අනුව දැනටමත් එම සිද්ධියට අදාළ සමාගම් රැසකට එරෙහිව එන්තරවාසි යැවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ඊට අදාළ ලිපි සියල්ල අද සභාගත කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.










