• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශේෂයෙන් දළදා වන්දපු විශේෂ පෝලිමට සැලියුට්! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විශේෂයෙන් දළදා වන්දපු විශේෂ පෝලිමට සැලියුට්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වී.අයි.පී. පෝලිම් ගැන කතන්දරය මේ වතාවේ එළියට ආවේ දළදා ප්‍රදර්ශනයත් එක්ක. වී.අයි.පී. පෝලිමක් අනවශ්‍ය බව කියමින් මෙවර වෙනදාට වඩා වෙනස් විදියට දළදා ප්‍රදර්ශනය පවත්වන බව කියපු රජය වී.අයි.පී. පෝලිම කියන වචනය කරළියට අරගෙන ආවා. ඇත්තටම වී.අයි.පී. පෝලිම ගැන අපි හිටියේ වෙන මතයක. ගිය සතියේ පත්තරේ අපි ඒ ගැන සවිස්තර සටහනක් ඉදිරිපත් කළා. වී.අයි.පී. පෝලිමක අවශ්‍යතාව ගැන අපි ඔබට කිව්වා. වී.අයි.පී. පෝලිමේ ඇත්තටම යායුත්තේ කවුද කියලා අපි කිව්වා. වී.අයි.පී. පෝලිමක් කියන නම කොහොම වෙතත් දළදා මාලිගාව වෙනුවෙන් වෙහෙසුණු අයට දළදා වහන්සේ දැකබලා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව අපි කිව්වා. අපි කිව්වට ඒක කවුරුත් අහයි කියලා ඇත්තටම අපි හිතුවේ නැහැ.

සාමාන්‍යයෙන් ලංකාවේ සිද්ධ වෙන්නේ අපි මොනවා හරි කිව්වම ඒකේ වැරැද්දත් තිබ්බොත්, ඊට විරුද්ධව නීතිමය පියවර ගන්න කට්ටිය උනන්දු වුණාට, අපි කියන දෙයක් හරි වුණා කියලා ඒවායින් කිසිම කෙනෙක් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නෑ. හැබැයි මේ වතාවේ මේ තත්ත්වය වෙනස් වෙලා දළදා වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව මාර්ග කම්කරුවාගේ සිට මේ වෙනුවෙන් වෙහෙසුණු අයට ලබාදෙන්නට දළදා මාලිගාව ආශ්‍රිතව රාජකාරි කරපු අය සහ දළදා මාලිගා පාර්ශ්වය කටයුතු කරලා තිබුණා. ඒ ගැන අපිට හරිම සතුටුයි. ඒ වගේම මේ කටයුත්තට දළදා මාලිගාවට විතරක් ලකුණු දාලා දීලා හරියන්නේ නෑ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය විදියට කටයුතු කරන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ දේශපාලකයෝ මේ කටයුත්තට පූර්ණ සහයෝගය ලබාදුන්න බව අපිට තේරුම් ගියා. ඔවුන්ම කියපු විශේෂ වරප්‍රසාද සහිත පෝලිම් නැති කතාව, මේ අහිංසක මිනිස්සු ගාවදී අකුලගෙන ඒ මිනිස්සුන්ටත් දළදා වහන්සේ දැකබලා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවට තීරණය කරපු සියලු පාර්ශ්වවලට අපි හිස නමා ආචාරය මේ මොහොතේ පුදකරනවා.

ගිහ සතියේ අපි ලිව්වේ ඔය කතාව තමයි. අපි ගිය සතියේ කිව්වේ ඔය කතාව තමයි. මොකද ඒකට හේතුව අපිත් දැනගෙන හිටියා දළදා මාලිගාව වෙනුවෙන් වෙහෙසෙන මිනිස්සු දහස් ගණනක් ඉන්න වග. ඒගොල්ලන්ට දළදා වහන්සේ දැකබලා ගන්න පෝලිමේ එන්න වෙලාවක් නැති වග. ඒ මිනිස්සු ඒ රාජකාරි හරියට නොකළා නම් අපිට හරියට පෝලිමක ඉන්නවත් අවස්ථාවක් නොලැබෙන බව. හදිසියේම ආපු මිලියන ගානක ජනතාව අතරේ කුණු කසල තැන් තැන්වල එකතු වෙද්දී ඒ අයගේ රෝගාබාධයේ ඉඳලා අවශ්‍යතාවලට උදව් කරන්න කවුරු හරි අවශ්‍ය වෙද්දී මේ අයගේ ජීවිත යහපත් ආකාරයෙන් ඔය දවස් කීපය ඇතුළේ හරි පවත්වා ගන්න උදව් කරපු අපේ අහිංසක මිනිස්සු ටිකක් කොහොම හරි දළදා වහන්සේ ළඟට ගිහිල්ලා දළදා වහන්සේ දැකබලා ගත්තා. ඒ සඳහා පෝලිමක් දානවා කිව්වම කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. වී.අයි.පී. පෝලිම් ගාවට ගිහිල්ලා විශාල අරගල කරපු සාමාන්‍ය මිනිස්සු පවා මේකට එරෙහි වෙන බවක් නම් අපි දැක්කේ නැහැ. ඒ අනුව ගත්තාම අපිට කියන්න තියෙන්නේ පහුගිය සතියේ අපි ලියපු කතාව ඔබ කියවාගෙන එහි අර්ථය වටහාගෙන ඇති බව. රටක රජයක් විය යුත්තේ එහෙම තමයි. යම්කිසි දෙයක් තව කෙනෙක් කිව්වට පස්සේ ඒක දේශපාලන මතයක් මත පිහිටලා කොච්චර හොඳයි කියලා හිතුවත්, කොච්චර හරි කියලා හිතුවත් කඩලා බිඳලා විනාශ කරලා දානවට වඩා ඉතා වැදගත් වෙන්නේ විශිෂ්ට ලෙස මේ වගේ රාජකාරිවලට උදව් කරපු මිනිස්සුන්ට හැකි උපරිමයෙන් උදව් කරන එක.

ශ්‍රී දළදා මාලිගාවේ සියලු කටයුතු සඳහා වෙහෙසුණු මිනිස්සු අවසානයේ දළදා වහන්සේ දැකබලාගෙනයි ගෙදර ගියේ. ඒක රැකියාවක් බව ඇත්ත. ඒ රැකියාවට අදාළව ඔවුන්ට වැටුප් ලැබෙනවා ඇති. ඔවුන්ට වැඩිපුර වැඩ කළොත් අතිකාල දීමනාවකුත් ලැබෙනවා ඇති. හැබැයි අපිට ඒවායින් වැඩක් නෑ. මේ වැටුප ගැන හිතලා, වරප්‍රසාද ගැන හිතලා, තමන්ට ලැබෙන දේවල් ගැන හිතලා වැඩකරන මිනිස්සු නෙවෙයි කියලා අපිට හිතෙන නිසා අපි මේ මොහොතෙත් කියනවා දළදා මාලිගා පරිශ්‍රයේ කටයුතු කරන අය, දළදා මාලිගාවේ පාර්ශ්වය, දියවඩන නිලමේ, මල්වතු අස්ගිරි නායක හාමුදුරුවෝ, දළදා ප්‍රදර්ශන කටයුතු සංවිධාන කිරීමට මැදිහත් වුණු රජයේ පාර්ශ්වයේ අය, ඒ වගේම මේ කටයුතු සංවිධාන කරද්දී දළදා මාලිගා පරිශ්‍රයට පිටස්තරව කටයුතු කරපු, මේ කටයුතු සංවිධාන කරන්න වෙහෙසුණු ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන හැම කෙනෙක්ටම අපි ස්තුතිවන්ත වෙනවා අවසාන මොහොතේ මේ තීරණයට එරෙහි නොවීමටත්, ඒ සඳහා සියලු දෙනා එක පයින් කැමැති වීමටත් අපේ ඒ ගෞරවය ඔබ පිළිගත යුතුයි. ඊට හේතුව කටයුත්තක් සංවිධාන කරද්දී ඒ කටයුත්තේ වැරැදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක කොයි පාර්ශ්වයෙන් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මාලිගාවෙන් වෙන්නත් පුළුවන්, මාලිමාවෙන් වෙන්නත් පුළුවන්. පාර්ශ්වය කවුරු වුණත් වරදක් වුණාම ඒ වරද වටහාගැනීම තමයි විය යුත්තේ.

දළදා ප්‍රදර්ශනය කියන එක හැමදාම කරන්නේ නැහැ. දළදා ප්‍රදර්ශනයක් කරන්නේ වසර ගණනාවකට පස්සේ. සාමාන්‍යයෙන් එක ආණ්ඩුවකට දළදා ප්‍රදර්ශනය කරන්න වෙන්නේ එක වතාවයි. ඒ නිසා කණ්ඩායමක් අතින් කරන දෙයක් දම් විදියකින් වැරැදෙන්න පුළුවන්. අපි දන්නවා මාලිමා ආණ්ඩුව කියලා කියන්නේ තවම අලුත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ ඉන්න බොහෝ දෙනකුට දේශපාලන අත්දැකීම් හරිම අඩුයි. ඒ නිසා ඔවුන් අතින් වෙන වරදක් සාමාන්‍ය දෙයක් විදියට සලකලා ඔවුන්ට පහදලා දෙන එක තේරුම් කරලා දෙන එක විය යුතුයි. මේ වෙලාවේ නම් මාලිමාවේ ආණ්ඩුව සහ දළදා මාලිගාවේ පාර්ශ්වය කරපු මේ වැඩේට අපි හිස නමා උත්තමාචාරය පුදකරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුර වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

දවස් ගණන් පෝලිම්වල ඉන්නේ නැතිව සර්වඥ ධාතුන්වහන්සේලා 20ක් වැඳපුදා ගන්න මෙන්න අවස්ථාවක්! යන්නේ පොඩි වියදමයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.