ඩෙංගු මර්ධන කාර්යයේ නිරත වන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැමැත්ත පළ කළත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් මීට පෙර ද එවැනිම කැබිනට් පත්‍රිකා ගණනාවක් ප්‍රතික්ෂේප වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පවතින ආර්ථික අර්බුධය හමුවේ නව රැකියා ලබා දීම අපහසු වුවත් මීට වසර 7කට පෙර මෙරට ඩෙංගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් 22000ක දීමනාවකට බඳවා ගත් රාජ්‍ය සේවකයන් බැවින් දින 180 සීමාව යටතේ ස්ථිර කිරීම සිදු කළ යුතු තත්ත්වයක් පැවැතියත් එය ක්‍රියාත්මක නොවුන හෙයින් නිලධාරීන් 1105ක් අනාථ වී ඇති බවත් මෙම නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේදී පවා සටන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) ඩෙංගු මර්ධන නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.
වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස සිටි කාලයේ බඳවා ගත් මෙම නිලධාරීන් මෙරට සෞඛ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන බවත් නමුත් මෙම දේශපාලන පළිගැනීමකට යටත් වූ පිරිසට සාධාරණයක් ඉටු කරන්න වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වැඩබැරි ආණ්ඩුවට නොහැකි වුවහොත් ඉදිරියේ දී බිහිවන සමගි ජන බලවේග රජයක් යටතේ එම පත්වීම් ස්ථිර කිරිමට කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා පොරොන්දූ වී සිටියේය.














